බිම්මල් එසේත් නැතිනම් හතු බොහෝ දෙනෙකුගේ ප්‍රනීත ආහාරයක්. බිම්මල් වලින් සාදාගන්න ආහාර රැසක් විවිද රටවල ප්‍රචලිතව පවතිනවා.අතීතයේ පටන්ම මිනිස්සු පසේ, කාබනික ද්‍රව්‍යවල නැතිනම් දිරායන කඳන්වල ස්වභාවිකව වැඩුණු හතු වර්ග තම ආහාරයට එකතුකර ගත්තා. වර්තමානේ කෘත්‍රිමව වගාකරන බිම්මල් බහුලව ආහාරයට ගන්නා නමුත් මේවායේ වර්ග 14,000ක් විතර තියෙනවා. එයින් ඇතැම් බිම්මල් විෂ සහිත නිසා අපි ආහාරයට එකතු කරගන්නේ නැහැ. ඒ අතර ලොව වටා ආහාර වට්ටෝරු වලට සුලභව යොදාගන්නා බිම්මල් වර්ග 15-20ක් විතර තියනවා. මේ බිම්මල් වගා කරනවා. බිම්මල් අතරත් වවන්නට අමාරු, ප්‍රණීත ඇතැම් බිම්මල් ඉතා ඉහළ මිලක් ගන්නවා.
01. බොත්තම් බිම්මල් (Button Muahroom)

Button Muahroom(බොත්තම් බිම්මල්) කියන්නේ බිම්මල් අතර ජනප්‍රිය වර්ගයක්. චීන, කොරියන් කෑම වර්ග හදනකොට සුප්, චොප්සි, නූඩ්ල්ස් ආදියට මෙම බොත්තම් බිම්මල් එකතු කරනවා. ඇගරිකස් බිස්පෝස් ලෙස හඳුන්වන බොත්තම් බිම්මල් හැඩය අනුව හිස කුඩා සහ තද ස්වරූපයකින් යුතු වෙනවා. බොත්තම් බිම්මල් ලපටි අවස්ථාවේදීම යොදාගත්තොත් එය වඩාත් රසවත් වෙනවා. බොත්තම් බිම්මල් වලත් වයිට් බට්න් සහ ඩාක් බට්න් කියලා වර්ණය සහ ස්වභාවය අනුව වර්ග කිහිපයක් තියෙනවා.
2. ඔයිස්ටර් බිම්මල් (Oister Mushroom)

බිම්මල් වගාකරුවන් අතර Oister Mushroom(ඔයිස්ටර් බිම්මල්) ඉතා ප්‍රචලිතයි. අපිට දකින්නට තිබෙන ගමේ ගොඩේ, පොළේ, ෆුඩ්සිටියේ විකුණන්නට තිබෙන බිම්මල් බොහොමයක් ඔයිස්ටර් බිම්මල් වර්ගයට අයිති වෙනවා. ඔයිස්ටර් කියන්නේ බෙල්ලන්. බෙල්ලන් ආකාරයට වැවෙන මේ බිම්මල් වගාව පහසුයි. මේ ඔයිස්ටර් බිම්මලුත් කහපාට, දුඹුරුපාට, නිල් පාට වගේ වර්ග කිහිපයක් තිබෙනවා. එයින් ඇමරිකානු වර්ගය සුදු පැහැයක් ගන්නවා. හතු ව්‍යාංජන, හතු බැදීම්, සුප් ආදී විශාල පරාසයක ආහාර ඔයිස්ටර් බිම්මල් වලින් හදාගන්නට පුළුවන්.
03. පෝටබෙලෝ බිම්මල් (Portobello Mushroom)

Portobello Mushroom (පෝටබෙලෝ බිම්මල්) ඉතාලියානු නමක්. මෙය බටහිර රටවල ජනප්‍රිය බිම්මල් විශේෂයක්. ස්වභාවයෙන් අපේ පැරණි බිම හැදෙන ඉදලොලු වැනි බිම්මල් වගේ. මේ බිම්මල් දුඹුරු පාටයි. එහි යට කොටස එනම් පියස්ස යට තිබෙන කොටසත් දුඹුරු පාට වෙනවා. මේ පෝටබෙලෝ බිම්මල් ස්වභාවයෙනුත් බනිසක් හැඩය ගන්නවා. මේ විශාල බනිස් හැඩයෙන්ම බේක් කරගෙන හෝ තෙම්පරාදු කරගෙන කෙලින්මත් මේ බිම්මල් ආහාරයට ගන්නවා. මේ බිම්මල් පීසා වැනි ආහාර වල රොටිය වෙනුවටත් යොදා ගන්නවා. බට්න් බිම්මල් වලට වඩා සැළකිල්ලෙන් පෝටබෙලෝ පිරිසිදු කරගන්න ඕනා. මොකද පස් සහ වෙනත් අපද්‍රව්‍ය බිම්මල ඇතුළේ සහ බඳේ රැඳෙන්නට ඉඩ තියෙනවා.
04. ඉනෝකි බිම්මල් (Enoki Mushroom)

කුඩා කුඩා බිම්මල් ගොඩක එකතුවක් ලෙස තිබෙන Enoki Mushroom (ඉනෝකි බිම්මල්) කලින් කිව්වා වගේ කඳන් හතු වලම වර්ගයක්. මෙය ජපානය වගේම කොරියා, චීන ආදී ආහාර වට්ටෝරු වලත් වැඩිපුර හමු වෙනවා. සුප් සහ ස්ටූ වර්ග හදන්නට ඉනෝකි වැඩිවශයෙන් යොදාගන්නවා. ක්‍රිස්පි ගතියක් තියෙන නිසා සලාද වලටත් ඉනෝකි ගන්නවා.
05. ඉදලොලු බිම්මල්

අපේ ගමේ ගොඩේ ඉස්සර දිගට පායලා මහ වැස්සක් වැස්සාම තැන තැන හතු පිපෙනවා. ඒ පිපෙන හතු අතර වඩාත් ජනප්‍රිය බිම්මල් වර්ගයක් ඉදලොලු කියන්නේ. මේ ඉදලොලු වගේ බිම්මල් වගා කරන්නට ටිකක් අමාරුයි. වවන ඔයිස්ටර් බිම්මල් වලට වඩා මෘදු, රසවත් ගතියක් මේ වැස්සට හැදෙන බිම්මල් වල තියෙනවා. මේ බිම්මල් උදේ පාන්දරින් නෙලාගන්නට ඕනි. මොකද ඒවා දවල් වෙනකල් තිබුණොත් පණුවන්ගෙන් හානි වෙනවා. ගලවා සුද්ද කරගත් මේ බිම්මල් ලුණු ගොරක දාලා මද ගින්නේ ටික වෙලාවක් තම්බාගෙන, ඉන් පසු මස් හදන ආකාරයට පිළියෙල කරගෙන මස් මාංශ වෙනුවට ආහාරයට ගන්නටත් එදා ගැමියන් හුරු වෙලා හිටියා. අද වනවිට කෘෂි රසායනික විදිහට දිලීර නාශක ඉසීමත් එක්ක මේ බිම්මල් දැකගන්න අමාරු වෙලා තියෙනවා.
06. Lions Mane

මේ බිම්මල් වර්ගය බ්‍රොකලි වගේ කුට්ටි හැදෙන්නේ. අනෙක් බිම්මල් වලට වඩා මේක වෙනස්. මේ බිම්මල් ඇතුළේ ස්වභාවයත් වෙනස්. මේ වර්ගය ආසියානු රටවල කලක පටන් දේශීය වෙදකම් වලට යොදාගත් ටිකක් දිග ඉතිහාසයක් තියෙන බිම්මල් වර්ගයක්. කුලය අනුව මෙය ඔයිස්ටර් වර්ගයට අයිති වෙනවා.
07. කඳන් හතු (Woody Mushrooms)

Woody Mushrooms (කඳන් හතු) දිරායන ගස් වල කඳන් මත හැදෙනවා. වැසි වනාන්තර වල ඇවිදිනකොට දිරාගිය කඳන් මත මේ සුන්දර කඳන් හතු දකින්නට තියෙනවා. ඉස්සර වාණිජ බිම්මල් එන්නට කලියෙන් කොස් කඳන් මත හැදුණු මේ කඳන් හතු අපි ආහාරයට ගත්තා. දැන් මේ වුඩී බිම්මල් වගාකරනවා. දැනට ජනප්‍රිය වෙලා තියෙන මේ කඳන් හතු වල ජපාන නම් වලින් තියෙන වර්ග කිහිපයක් වඩාත් ජනප්‍රියයි. ඒවා මයිටාකි, ඉනෝකි සහ ෂිටාකි ලෙස හඳුන්වනවා. ෂිටාකි බිම්මල් වල ජපානයේ පාවිච්චි කරන බිම්මල් ඩොන්ගෝ ලෙසත් අනෙක්වා සාමාන්‍ය බිම්මල් ලෙසත් දැක්වෙනවා.
08. මයිටාකි බිම්මල් (Maitake Mushroom)

Maitake Mushroom (මයිටාකි බිම්මල්) දුඹුරු පාට බිම්මල් කිහිපයක් එකතු වී බිම්මල් පොකුරක් ලෙස හැදෙනවා. මේ බිම්මලේ යට කොටස අනෙක් බිම්මල් වලට වඩා වෙනස්. මයිටාකි වලට ආවේණික සුවඳකුත් තියෙනවා. ටිකක් බියර් සුවඳට ළඟින් යන සුවඳක් ඒක. මේ බිම්මල් පොකුරු පිටින්ම අරගෙන බැටර් එකක ගිල්වලා දවටගෙන, ගැඹුරු තෙලේ බැදගැනීමෙන් වාඩාත් රසවත් ලෙස මේ මයිටාකි පිළියෙල කරගන්න පුළුවන්.