ඩ්‍රෝන යානා ලෙස සරලව හැඳින්වුවත් ඩ්‍රෝන යානා හඳුන්වන නිවැරදි නම මිනිසුන් රහිත ගුවන් යානා, ඩ්‍රෝන හඳුන්වන තාක්ෂණික නාමය වේ. වර්තමානයේ ඩ්‍රෝන යානා බොහෝ කාර්යයන් ඉටු කිරීම සඳහා මිල අඩු හා ප්‍රවේශ විය හැකි ක්‍රමයක් බවට පත්ව තිබීම නිසා බොහෝ තනි ව්‍යවසායකයින්, කුඩා ව්‍යාපාර සහ විශාල සමාගම් ඩ්‍රෝන යානා තම භාවිතයට යොදාගෙන තිබේ.

1. පුවත්පත් කලාව,රූගත කිරීම සහ ගුවන් ඡායාරූපකරණය

සිනමා හා ටෙලිනාට්‍ය කර්මාන්තය සදහා අද වන ඩ්‍රෝන යානා භාවිත කිරීම පටන්ගෙන තිබේ.එමෙන්ම ක්‍රීඩා ඡයාරුපකරණයටද යොදාගෙන ඇති අතර 2014 සෝචි හි පැවති ශීත ඔලිම්පික් උළෙලේ දී ඒවා හිම මත ලිස්සා යාම සහ හිම ක්‍රීඩා කිරීම සඳහා යොදා ගන්නා ලදී. ඩ්‍රෝන යානා භාවිතා කිරීම ගැන සලකා බලන තවත් කණ්ඩායමක් වන්නේ මාධ්‍යවේදීන් ය. සජීවී විකාශනයන් සඳහා වීඩියෝ දර්ශන සහ තොරතුරු එක්රැස් කිරීම ප්‍රචලිත වී තිබේ.දේපල වෙළඳාම් වෙළඳපොළ සඳහා ගුවන් ඡායාරූපකරණය වඩාත් ජනප්‍රිය වෙමින් පවතී.

2. භාණ්ඩ ප්‍රවාහනය

 Amozon,UPS සහ DHL වැනි භාණ්ඩ බෙදාහැරීමේ සමාගම් කුඩා භාණ්ඩ කෙටි දුරක් ලබා දීමට ඩ්‍රෝන යානා භාවිතයට ගෙන තිබේ.   

3.කෘෂිකාර්මික භාවිත

විශාල යායවල් ලෙස ගොවිතැන සිදුකරන ඇමරිකා එක්සත් ජනපදය තුල ගොවිතැන සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය සාපේකෂව වැඩිය. වර්ගකිලෝමීටර ගණනාවක් විශාල වපසරියක පැතිර ඇති වගාවක එක් එක් කොටසේ තත්ත්වය කෙසේදැයි බැලීමම විශාල කාර්යයකි. ඩ්‍රෝන යානා යැවීම මගින්, පසේ ස්වභාවය, බෝගයේ වර්ධනය, පලිබෝධ හානි, බෝගවල පෝෂණය ආදී තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබේ. මෙය බෝගය දෙස බලා සාස්තර කියනවා වැනි සරල වූ යෙදුමක් නොවේ. ඒ සඳහාම සැකසූ මෘදුකාංග භාවිතා කොට ඩ්‍රෝනයේ සවිකළ සෙන්සර් මගින් එන දත්ත විග්‍රහ කොට බෝග වගාවන් පිළිබද දත්ත සැපයීමට නූතන ඩ්‍රෝන තාක්ෂණය සමත්ය.

4. ආපදා කළමනාකරණය

විපත් ඇති වූ කල සාමාන්‍ය සාම්ප්‍රදායික සැපයුම් මාර්ග සියල්ලම පාහේ බිද වැටේ. විපතකදී සන්නිවේදන පහසුකම් පවා බිදවැටේ. එවන් අවස්ථාවලදී ඩ්‍රෝන යානා භාවිතා කොට අතුරුදන් වූවන් සෙවීම, විපත නිසි පරිදි සිතියම්ගත කරගැනීම ඇමරිකාව වැනි දියුණු රටවලදී සිදුකරගනු ලැබේ.

විපත් සිදුවූ කල විපතට පත් ජනයා ගලවා ගැන්ම සේම විපත් හදුනාගැනීමටද ඩ්‍රෝන යානා වලින් ලැබෙන්නේ මනා පිටුවහලකි. නාය යෑම් වැනි ස්වභාවික විපත් එකවර බැලූබැල්මට හදුනාගැනීමට අපහසු වුවත් ඩ්‍රෝන භාවිතයෙන් සුලු පිපිරීම්, දියදහරා ඇතිවීම් සහ කන්දේ වෙනස්කම් හඳුනාගත හැකිය. එවිට ඒ අවධානම හදුනාගැනීමත් ඒ සදහා පියවර යෙදීමත් පහසුය. ගංවතුර සුළි කුණාටු භූමිකම්පා, ගිනි කඳු, සුනාමි ආදී උවදුරු වලදී විශාල හෙලිකොප්ටර යානා හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යයන් වලට වඩා ඩ්‍රෝන යානා හැසිරවීම පහසුය.ඒ වගේම අද ලෝකයේ පවතින කොරෝන වසංගත ආපදා තත්වයත් සමගම හුදකලා කර ඇති ප්‍රදේශවල නිරීක්ෂණ කටයුතු සදහාද භාවිතයට ගෙන ඇත. සාමාන්‍ය කැමරා යෙදුම් වලට ගන්නා කුඩා ඩ්‍රෝන යානා සේම මෙන් කාරණා සඳහා විශේෂයෙන් සැකසූ විශාල ඩ්‍රෝන යානාද දැන් දැන් නිපදවෙමින් පවතී.

5. ඉදිකිරීම් කටයුතු සඳහා

ඩ්‍රෝන යානා වලට කැමර් වලට වඩා තවත් සංකීර්ණ සංවේදක ආදියද සවිකළ හැකිය. ඒ ඔස්සේ සෙන්සර් යොදාගෙන විශාල ඉදිකිරිම් ආදයේ ඇති සම්බන්ධතා ආදිය නිරීක්ෂණය කිරීම දියුණු වෙමින් පවතින තාක්ෂණයකි. උදාහරණ ලෙස ඉදිකරමින් යන පාලමක් වැනි යෙදීමකදී ඇතැම් විට මිනිසුන් ළඟා වී උපකරණ රැගෙන එක් එක් ස්ථානයන්හි සවිකිරීම් ආදිය නිසිපරිදි සිදුවීදැයි බැලීම අපහසු කාර්යයකි. එවන් විටක ඩ්‍රෝන තාක්ෂනයේ ආධාරයෙන් තාක්ෂණිකව ස්කෑන් කර අදාල ශක්තිමත් බව පිළිබද පර්යේෂණ කළ හැකිය.

මහා පරිමාණ ගොඩනැගිලි සහ සැකිලි සැකසීමේදී සැලැස්මට අනුකූලව නිසි කටයුතු සිදුවේද? යම් දුර්වලතා වෙත් නම් ඒ මොනවාද යැයි බලාගැනීමට පෙර කලදී බොහෝ අපහසුවෙන් කළ කටයුත්තකි. හෙලිකොප්ටර් භාවිතා කල හැකි වුවද ගොඩනැගිලි වැඩබිමක හෙලිකොප්ටර් හැසිරවීම දක්ෂ නියමුවකුට පවා තරමක් අසීරු රාජකාරියකි. ගොඩනැගිලි සැකැස්මක ප්‍රවර්ධනය බලාගන්නට ද ඩ්‍රෝන යානා සරලවම යොදාගත හැකිය. එනම් අවශ්‍ය වේගයෙන් ඉදිකිරීම් සිදුවන්නේද යන්න පවා ඉක්මණින්ම දැනගැනීමට ඩ්‍රෝන භාවිතා වේ

6. භූගෝලීය සිතියම්කරණය

ඩ්‍රෝන යානා මගින් ඛාදනය වූ වෙරළ තීරය හෝ කඳු මුදුන් වැනි දුෂ්කර ස්ථාන කරා ළඟා විය හැකි අතර ත්‍රිමාණ සිතියම් නිර්මාණය කිරීම සඳහා ඉතා ඉහළ විභේදන දත්ත ලබා ගත හැකිය. ඒ තුලින් සිතියම් නිර්මාණ කරුවන්ට ඉතා පහසුවෙන් මූලාශ්‍ර සිතියම්කරණය කිරීමට හැකිවී තිබේ.

7. වනජීවින් අධීක්ෂණයට සහ ආරක්ෂා කිරිමට

ලගා විය නොහැකි වනජීවීන්ගේ හැසිරීම රට ඉතා පහසුවෙන් නිරික්ෂනය කිරීමට අද වන විට බාවිතයට ගෙන ඇති අතර දයම්කරුවන්ගේ සතුන් ආරක්ෂා කරගැනීමටද භාවිතය ප්‍රචලිත ඒ ඇත.

8. හමුදා මෙහෙයුම් කටයුතු වලට

මිහයීල් කලෂ්නිකොව් යනු රුසියානු ජනරාල්වරයෙකි. ඔහු මූළිකවී තැනූ AK47 නම් ගිනි අවිය ලොව පුරා බොහෝ කලක් ජනප්‍රිය වී තිබුණි. මියහීල් කලෂ්නිකොව් ගේ සමාගම වර්ථමානයේදී විවිධ ආකාරයේ ගිනි අවි නිපදවීමේ යෙදී සිටිති. ඔවුන්ගේ මීළඟ අරමුණ වී ඇත්තේ ඩ්‍රෝන යානා භාවිතා කරමින් දියුණු පියාසැරි ආයුධයක් නිර්මාණය කිරීමයි. ලංකාවේ පැවති ත්‍රස්ථවාදී යුද්ධයේදීද ඉරාක ඇෆ්ඝනිස්ථාන යුද්ධයේදීද ස්නයිපර් විසින් විශාල වැඩ කොටසක් කරන ලදී. ඇතැම් විටක කිලෝමීටර දෙක තුන ඈතින් පිහිටි ස්ථාන වලට පවා ස්නයිපර් උණ්ඩ යැවීමට හමුදාවෝ සමත් වූහ. එහෙත් ගුවනින් අසුරු සැණින් ගොස් සතුරන් විනාශ කොට ඒමේ ප්‍රබල හැකියාවකින් යුතු ඩ්‍රෝන යානාවෝ ඉදිරියේදී ස්නයිපර් වලටත් වඩා බලගතු දිගුදුර අවියක් වනු නොඅනුමානය.

සංග්‍රාමීය දක්ෂතාවයන් අතින් ලොව අගතැන්පත් රටක් වන ඊශ්‍රායලය ද ඩ්‍රෝන තාක්ෂණය යහමින් භාවිතා කළ රටකි. ඉන්දියාව මෑතකදී ඊශ්‍රායලයේ ඩ්‍රෝන තාක්ෂණය සිය හමුදාවන්ට යොදාගන්නට අදහස් කරගෙන තිබේ. අයිසිස් වරුන්ද පසුගිය මාර්තුවේදී විරුද්ධ පාර්ශවීය හමුදා වෙත ඩ්‍රෝන ආධාරයෙන් ප්‍රහාර දියත් කිරීමට පටන් ගෙන තිබුණි. මිලිටරිමය යෙදීම් වලදී ඩ්‍රෝන ලෙස හැඳින්වුවත් මෙම යානා කැමරා ඩ්‍රෝන වලට වඩා හැඩයෙන් වෙනස්ය. මිනිසුන් රහිත තරමක් විශාලතර මෙම යානා බලගතු පියාසර හැකියාවකින් මෙන්ම තාක්ෂණයෙන්ද වඩාත් ඉදිරිගාමී යානා වේ. ලෝකයේ මීළඟට ඇතිවන යුද්ධ කටයුතු වලදී ඩ්‍රෝන යානා වැඩිවශයෙන් යොදාගනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *