අප කවුරුත් අපේ සියලු බලාපොරොත්තු,ආසාවන්,ඉලක්කයන් සපුරාගන්න උත්සාහ දරනවා සේම යුගදිවියට එළඹ සුන්දර පවුල් ජීවිතයක් ගත කරන්න අපි කවුරුත් ආසයි. ඉතින් ඒ කැදැල්ලට දරු සුරතල් එකතු උනාම තවත් සුන්දර වෙනවා. විවාහපත් යුවලක විවාහ වූ පසු දකින එකම හීනයක් තම ඉතා ඉක්මනින් තමන්ගේ සිඟිති පුතාගේ හෝ දුවගේ සුරතල් බලන්න පෙරුම් පුරන එක.
ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ දරු සුරතල් බලන්න පෙරුම් පුරන ගැබිණි මව්වරුන්ට දරු ප්‍රසුතිය සඳහා රෝහල්ගතවීමේ දී අවශ්‍ය වන දේවල් ගැනයි. ඉතින් ඒ මොනවද කියලා අපි බලමු….

දරු ප්‍රසුතිය සඳහා රෝහල් ගතවීමේදී අවශ්‍ය දෑ

මවගේ අවශ්‍යතා
  • චීත්ත 3-5ක් පමණ
  • බෙඩ් ජැකට් 3-5ක් පමණ
  • අවශ්‍ය වුවහොත් ශල්‍යකර්මයට භාවිත කිරීමට සුදු පැහැති බෙඩ් ජැකට් එකක් හා සුදු පැහැති චීත්තයක්
  • තුවායක්
  • ලූප් සහිත සනීපාරක්ෂක තුවා පැකට් 1ක්
  • පෑඩ් ඇඳීම සඳහා රෙදි පටි 2ක්
  • පෑනක් හෝ පැන්සලක්
  • මවගේ හා පියාගේ ජාතික හැඳුනුම්පත්වල ඡයා පිටපත බැගින්

ලඳරුවාගේ අවශ්‍යතා

  • ලඳරු ගවුම් 6 -10ක් පමණ
  • නැප්කින් 20ක් පමණ (නිවාස තුල 40ක් පමණ සුදානම් කර තබාගන්න)
  • ලඳරුවා එතීම සඳහා පැනල් 7-8ක් පමණ (කහපාට හැර)
  • වූල් මේස් යුගල 3ක් හා වූල් තොප්පි 3ක් (කහපාට හැර)

වෙනත් අවශ්‍ය දෑ

  • බේබි සබන් කැටයක්
  • පිඟානක්
  • කිරිපිටි
  • තේ හැන්දක්
  • කෝප්පයක්
  • සීනි
  • කුඩා උණුවතුර බෝතලයක්
  • තේ කොළ
  • ප්‍රවේසම් සහිත ලිස්සන්නේ නැති රබර් සෙරෙප්පු යුගලක්

සුතිකාගාරයට ගෙනයා යුතු දේ වෙනම අසුරාගන්න

මවගේ අවශ්‍යතා සඳහා

  • චීත්ත 2ක්
  • බෙඩ් ජැකට් 2ක්
  • රෙදි පටි 2ක්
  • සුදු ඇතිරිල්ලක්
  • ශල්‍යකර්මයට අවශ්‍ය වුවහොත් භාවිතයට සුදානම් කරගත් රෙදි කට්ටලය

ලඳරුවාගේ අවශ්‍යතා සඳහා

  • ලඳරු ගවුම් 3ක්
  • නැප්කින් 4ක්
  • දරුවා උණුසුම් කර එතීම සඳහා පැනල් 1ක්
  • වූල් මේස් 1ක්
  • වූල් තොප්පි 1ක්

උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අනිවාරයෙන් රැගෙන ආ යුතු ලිපිද්‍රව්‍ය

  • මවගේ හා පියාගේ ජාතික හැඳුනුම්පත්
  • දෙමව්පියන්ගේ විවාහ සහතිකය
  • පියාගේ උප්පැන්න සහතිකය

සැ.යු. – එම ලියකියවිලිවල මුල් පිටපත් සහ ඒවායේ ඡායා පිටපත බැගින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *