සාමාන්‍යයෙන් අපිට වෙරළක් කියපුවහම මතක් වෙන්නේ සුදු පාටට හුරු දුඹුරු පාටක් තියන වැළිවලින් සමන්විත වුණු වෙරළවල්නේ. නමුත් අද අපි කතාකරන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් හරි අපූරු කළු පාට වෙරළක් ගැන. ටීවී සීරියස් බලන අයනම් මේ වෙරළ ඇති තරම් දැකල ඇති.එහෙනම් වැඩි විස්තර නැතුව අපි යොමුවෙමු මේ වෙරළ ගැන තොරතුරු දැනගන්න.

මේ කළු වෙරළ කොහෙද තියෙන්නේ ?

මේ කළු වෙරළ තියෙන්නේ අයිස්ලන්තයේ. අයිස්ලන්තයේ දකුණු වෙරළ තීරයේ තියෙන වීකි මිර්ඩාල් කියන කුඩා ධීවර ගම්මානය අසළ තමයි මේ වෙරළ පිහිටලා තියෙන්නේ.ඇත්තටම මේ වෙරළ කිලෝ මිටර් 05 පමණ දිග කළු වැලි තීරුවක්.මේ වෙරළ හඳුන්වන්නේ රේනිස්ෆ්ජාරා (Reynisfjara) කියන නමින්.

කළු වෙරළ කියන්නේ ඇයි ?

දීර්ඝ කාලයක් තිස්සේ තිබුන ගිනිකඳු විධාරණය නිසා තමයි මේ කළු වෙරළ හැදිලා තියෙන්නේ.ඒ වගේම විවිධ මතවාද තියනවා මේ වෙරළ ඇයි මෙහම කළු පාට වෙලා තියෙන්නේ කියල,ඒ කොහොම උනත් මේ වෙරළ මේ තරම් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නම් වෙරළේ තියන කළු පාට නිසා තමයි.

රෙනිස්ෆල් කන්ද (Reynisfjall)

මේ වෙරළ ළග තියෙනවා කන්දක්. ඒ කන්දේ නම රෙනිස්ෆල් (Reynisfjall). මේ කන්ද මීටර් 340ක් විතර උසයි. රෙනිස්ෆල් කන්ද අනිත් කඳු වලට වඩා වෙනස්. මොකද මේ කන්ද තියෙන්නේ හරියට පිරමීඩයක් වගේ වීම නිසයි. කළු වෙරල බලන්න එන කවුරුත් මේ කන්ද බලල යන්නනම් අමතක කරන්නේ නෑ .

සංචාරක ආකර්ෂණය

මේ වෙරළේ තියන වෙනස් පෙනුම, ඒ කියන්නේ කළු පාට හින්දා ගොඩාක් සංචාරකයෝ මේ වෙරළේ ලස්සන බලන්න එනවා. ඒ වගේම මේ වෙරළට යන සංචාරකයන්ට දින 6ක ගිම්හාන නිවාඩු පැකේජයක් ඇතුළුව තවත් ගොඩාක් දකුණු වෙරළ සංචාරයන් හම්බ වෙනවා. ඒ වගේම රිය පැදවීමට කැමති සංචාරකයන්ට ඒ වෙනුවෙන් මෙහි දින 10ක පමණ ස්වයං-ධාවන චාරිකාවක තියෙනවා ඔවුන්‍ටම කියලා වාහන නැත්නම් මේ වෙරළ වටේ යන්න ඔවුන්ගේ කුලී මෝටර් රථ සපයන සේවාවන් වුණත් තියෙනවා…

ජනප්‍රිය සිනමාවේ

මේ වෙරළ ඉතින් ෆිල්ම් පිස්සො, ටීවී සීරීස් පිස්සෝ එහෙම ගොඩක් දැකලාත් ඇති. මොකද ඉතින් මේ වෙරළ ගොඩාක් චිත්‍රපට, ටෙලිනාට්‍ය වලට එහෙම පසුබිම් වුණා. ජනප්‍රියම එක කිව්වොත් “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” කතා මාලාවටත් මේ වෙරළ පසුබිම් කරගෙන රූගත කිරීම් කරල තියෙනවා. ඒ වගේම අතිශයින් ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වෙච්ච “දිල්වාලේ” චිත්‍රපටයෙ “ගේරුවා” ගීතයෙත් මේ සුන්දර වෙරළ ආශ්‍රිතව රූගත කළ දර්ශන තියෙනවා…

ඒ වගේම මේ වෙරළ ගැන ඔබේ අදහස් කියන්නත් අමතක කරන්න එපා. ඔය දන්නා තවත් සුන්දර දේවල් දැනුමින් පිරි දේවල් අපිත් එක්ක බෙදාගන්න ගමන් අමතක නොකර තවත් කෙනෙක්ට දැනගන්න ෂෙයාර් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *