අපි හැමෝම සංචාරය කරන්න කැමතියි.ඒත් ගුවන්තොටුපළේ බොහෝ වෙලාවක් කාලය ගත කරන්න අපි කවුරුත් කැමති නෑ . අපි පියාසර කරන සෑම අවස්ථාවකම අවම වශයෙන් පැය කිහිපයක්වත් (සමහර විට වැඩියෙන්) ගුවන්තොටුපළේ ගත කරලා ඇති. ඒත් ගුවන්තොටුපළවල් සුවපහසු හා විනෝදජනක පහසුකම් වලින් සමන්විත වීම, සැමවිටම සංචාරයේ අතිරේක වාසියක්. රටකට සංචාරය කරන බොහෝ දෙනෙකුට යම් රටක් එම රටේ සහ ඔවුන්ගේ සංස්කෘතිය ගැන ඒ රටට පැමිණෙන මිනිසුන්ගේ මනසේ හොද ආකල්පයක් ඇති කරන්න ගුවන්තොටුපළකට විශාල බලපෑමක් කළ හැකිය. ඉතින් අපි අද බලමු ඒ වගේ ලෝකේ ලස්සනම ගුවන්තොටුපළවල් කීපයක් ගැන.
01. චංගි – සිංගප්පුරුව( Changi Airport – Singapore)

සිංගප්පූරුවේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපල අනර්ඝ පහසුකම් වලින් සමන්විත වන අතර ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස සැලකේ. 300 කට අධික සිල්ලර වෙළඳසැල්, චිත්‍රපට ශාලා, විවිධ ක්‍රීඩා සමඟ නොමිලේ ප්ලේස්ටේෂන්, ළමා ක්‍රීඩා පිටි, ස්පා, නොමිලේ අන්තර්ජාල ස්ථාන සහ බහු උද්‍යාන ඇත. මෙහිදී නිසැකවම ඔබ පැය ගණන් කාර්යබහුල වන අතර ඔබේ ගමනද අතපසු විය හැකිය.
02. මැඩ්රිඩ් බරාජාස් – ස්පාඤඤය (Adolfo Suarez Madrid – Barajas Airport – Spain)

දීප්තිමත්ම වාස්තු විද්‍යාත්මක සැලසුම් වලින් සමන්විත මැඩ්රිඩ් බරාජාස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ස්පාඤඤයේ මැඩ්රිඩ් හි පිහිටා ඇත. මෙහි සිත් ඇදගන්නා සුළු සිවිලිමේ සැලසුම් පිටුපස තිබෙන අරමුණ වෙන්නේ ඒ හරහා යන සංචාරකයින්ට සන්සුන්භාවය, සන්සුන්කම සහ සැහැල්ලුව ලබාදීමයි. මෙහි ඇති සිතුවම් නිසැකවම සියලුම මගීන් සඳහා ආතතියෙන් තොර සහ විවේකී හැඟීමක් ලබාදෙයි.
03. මරාකෙෂ් මෙනරා – මොරොක්කෝව (Marrakesh Menara Airport – morocco)

මොරොක්කෝවේ මාරකේෂ් හි පිහිටා ඇති මෙනාරා ගුවන්තොටුපළ අපූරු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ගණනාවක් ඉස්මතු කරයි.මෙනාරා යනු මොරොක්කෝවේ පිහිටි ගුවන්තොටුපළ හයෙන් එකක් වන අතර මෙම ගුවන්තොටුපළ තරමක් කුඩා උවත් එය සරල හා එරට ඉතිහාසය සහ සංස්කෘතිය පිළිඹිබු වෙන අයුරින් ජ්‍යාමිතික හැඩතල භාවිතා කරමින් නිර්මාණය කර ඇත. මෙහි වසරකට මගීන් 2,500,000 ක් හැසිරවීමට සැලසුම් කර ඇත.
04. ඩෙන්වර් – බටහිර එක්සත් ජනපදය (Denver Airport – Western United States)

ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන් තොටුපල දැනට තිබෙන සුන්දරතම ගුවන්තොටුපළ වලින් එකක් ලෙස සැලකේ. කොලරාඩෝවේ ඩෙන්වර් හි පිහිටි සිත් ඇදගන්නා සුළු ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම ගුවන්තොටුපළේ වහලය කූඩාරම් අනුකරණය කරන රෙදි වලින් නිමවා ඇත. මෙම ගුවන්තොටුපළේ ඇතුළත ඇති බිතු සිතුවම් සඳහා එය තවත් ප්‍රසිද්ධය. දවසේ කුමන වෙලාවක වුවද ඉතා සුන්දර දර්ශනයක් මෙහි දැකිය හැකිය.
05. ඉන්චියෝන් – දකුණු කොරියාව ( Incheon Airport – South Korea)

දකුණු කොරියාවේ සෝල් හි පිහිටා ඇති මෙම ගුවන්තොටුපළ 2001 වසරේදී විවෘත කරන ලද අතර එය දකුණු කොරියාවේ කාර්යබහුලම ගුවන්තොටුපළක් ලෙස සැලකෙන අතර විශාලතම ගුවන්තොටුපළ ලෙසද සැලකේ. ඒ වගේම ගොල්ෆ් පිටියක්, ස්පා, පෞද්ගලික නේවාසිකාගාර, කැසිනෝ ශාලාවක් සහ ගෘහස්ථ උද්‍යාන ඇතුළත් පුළුල් පරාසයක සංස්කෘතික ක්‍රියාකාරකම් ඉන්චියොන් ගුවන්තොටුපළෙන් ලබාදෙයි.