අපට පෞද්ගලික හෝ රාජකාරිමය අවස්තාවන් ,විනෝද අවස්ථා සඳහා නිවසින් බැහැරව දින කීපයක් සිටීමට සිදුවන අවස්ථාවන් පැමිණිය හැක.එවන් අවස්තාවන් හීදී අපගේ සංචාරය සාර්ථක කරගැනීම සදහා අප එම දින කීපය ඒහි නවාතැන් ගැනීමට සිදුවිය හැකිය.ඉතින් අපි අපේ සංචාරය සාර්ථක කරගන්න අපි තෝරාගන්න නවාතැන ඉතා වැදගත්.මොකද නවාතැනේ අපි බලාපොරොත්තු වෙන පහසුකම් නැති උනොත්, නවාතැනේ සදහන් අය කරන මුදලට වඩා වැඩියෙන් අය කලොත් වගේම අපි බලාපොරොත්තු නොවන දෙයක් උනොත් අපේ සංචාරය සම්පුර්ණයෙන්ම අසාර්ථක වෙන්න පුළුවන්. ඉතින් අපි අද ගෙනාවා නවාතැනක් තෝරාගන්න කලින් සැලකිලිමත් විය යුතු කරුණු කීපයක්.ඒ මොනවද කියල අපි බලමු..

1. සමාලෝචනය කිරීම

අප තෝරාගන්න නවාතැන අනෙක් නවාතැන් සමග සමාලෝචනය කිරීම ඉතා වැදගත්.මොකද අපිට හොද නවාතැනක් තෝරාගන්න නම් අපි ඒවායේ තියෙන පහසුකම්,දීමනා,ලගාවීමේ පහසුව වගේම අපේ සංචාරයට ගැලපෙනවද යන්න සුදුසු ද යන්න බැලිය යුතුයි. නවාතැනකට හොද ඇගයීමක් තිබුනද අවසන් සමාලෝචනයෙන් අපට හොදම නවාතැනක් තෝරාගන්න එකෙන් අපේ සංචාරය ඉතා හොදින් සාර්ථක කරගන්න පුළුවන්.

2. සැඟවුනු ගාස්තු

සමහර වර්ගයේ නවාතැන් සෑම විටම පෙනෙන තරම් ලාභදායක වෙන්නේ නෑ. බදු, පිරිසිදු කිරීම සහ සේවා ගාස්තු නිසා ඒවායේ මිල ඉහළ යා හැකි අතර, ඒවා සියල්ලම එකතු කර වඩාත් දරා ගත හැකි මිලට පවතින නවාතැනක් සොයාගත යුතුය.

3. අවලංගු කිරීමේ ප්‍රතිපත්ති

අපේ සංචාරය සඳහා සියලුම කටයුතු සැලසුම් කරලා නවාතැන් වෙන් කර තිබියදී කුමක් හෝ හේතුවක් නිසා එම සංචාරය යාමට නොහැකි උනොත් අපි වෙන් කරගත්ත නවාතැන අවලංගු කිරිමේදී නම්‍යශීලී ප්‍රතිපත්තියක් භාවිත කරන නවාතැනක් අප සැම විටම තෝරාගත යුතුය.

4. ස්ථානය

ඔබ නවාතැනක් තෝරාගැනීමේදී එහි පිහිටීම ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙනවාදැයි බැලීමට පෙර කිසි විටෙකත් නවාතැන් වෙන් කරවා ගන්න එපා. ඔබට සංචාරය කිරීමට ස්ථානවලට සමීප ස්ථානයක් තෝරා ගන්න, එය තරමක් මිල අධික වුවත්.

5. පහසුකම්

ඔබ නවාතැනක් තෝරා ගැනීමේදී අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු දෙයක් තමයි එහි තිබෙන පහසුකම් ප්‍රමාණවත් ද යන්න. මුළුතැන්ගෙයක්, පෞද්ගලික නාන කාමර සහ නොමිලේ තුවා සහ වැසිකිලි, සුවපහසු ඇඳන්, වායුසමීකරණ,වැනි ඔබට අවශ්‍ය සියලු පහසුකම් වලින් සමන්විතද යන්න සොයා බැලිය යුතුය.එවිට අපේ සංචාරය ඉතා හොදින්,සතුටින් මතක හිටින සංචාරයක් බවට පත් කරගත හැකියි.

වගේම ඔබත් දන්නා සුන්දර ස්ථාන,දැනුමින් පිරි දේවල් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. ඔබේ යාලුවන්ටත් දැනගන්න මෙය ශෙයාර් කරන්න.

රාජිත ගයාන් විජේරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *