ඔලිම්පික් ඉතිහාසයේ පැවැත්වුණු තරගකාරීම ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී පසුගිය අගෝස්තු 8 වෙනිදා නිමාවට පත්විය. අවසන් දිනය දක්වාම චීනය හා ඇමරිකාව අතර පැවති කරට කර සටනින් ජයග්‍රහණය කල ඇමරිකාව චීනයට වඩා එක රන් පදක්කමක් වැඩියෙන් ලබා මුල්තැන දිනා ගත්තේය. දැඩි තරගකාරී බවක් පැවති මෙවර ඔලිම්පික් උළලේ අපුරු සිදුවීම් රැසක් වාර්තා විය.එයින් සුවිසේෂි සිදුවීම කීපයක් ගෙන ඒමටයි අද සුදානම.

1. නෙදර්ලන්තයේ සිෆාන්ගෙන් විරල ගණයේ වාර්තාවක්

නෙදර්ලන්තය නියෝජනය කරන දක්ෂ දිගු දුර ධාවන ශූරියක් වන සිෆාන් හසන් මෙවර ඔලිම්පික් උළලේ මීටර් 5000, මීටර් 10000 ඉසව් වල රන් පදක්කමද,මීටර් 1500 ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනා ගැනීමට සමත්විය. එකම ඔලිම්පික් උළෙලකදී මීටර් 1500,5000 සහ 10000 යන ඉසව් වලින් පදක්කම් දිනාගත් එකම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ලෙසින් ඇය වාර්තා අතරට එක්විය.

2. නොවෙනස් වුණු ජයග්‍රහයකයින් තිදෙනා

ටෝකියෝ ඔලිම්පික් උළලේ පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම ඇමරිකාවේ ලයන් කව්සර්ටද, රිදී පදක්කම ඇමරිකාවේම ජෝ කොවැස්ටද එහි ලෝකඩ පදක්කම නවසීලන්තයේ ටොම් වොස්ටද හිමිවිය. මේ ක්‍රීඩකයන් තිදෙනා 2016 ඔලිම්පික් උලලේදීත් මේ පිළිවලටම යගුලිය විසිකිරීමේ පදක්කම් දිනාගෙන තිබේ. ඔලිම්පික් ඉතිහාසයේ ඒකල තරග ඉසව්වකදී එකම ක්‍රීඩකයන් තිදෙනා පිට පිටම පැවති ඔලිම්පික් තරගාවලි දෙකකදී එකම අයුරින් පදක්කම් දිනාගත් මුල්ම අවස්තාව ලෙසින් එය ඉතිහාසගත විය.

3. ඇමරිකාවේ ඇලිසන් ෆීලික්ස්ගෙන් සුපිරි වාර්තාවක්

ඇමරිකාවේ ඇලිසන් ෆීලික්ස් 2004 – 2020 කාල සාමය තුල ඔලිම්පික් උළෙල 05කට සහභාගී වුණු දක්ෂ කෙටි දුර ධාවන ශූරියකි. ඇය මෙවර දිනාගත් පදක්කම් දෙකත් සමගින් රන් 7ක්, රිදී 3ක් සහ ලෝකඩ 1ක් ලෙසින් ඔලිම්පික් ඉතිහාසය තුල පදක්කම් 11ක් දිනාගැනීමට ඇයට හැකිවිය. ඒ අනුව ඇලිසන් ඔලිම්පික් ඉතිහාසය තුල වැඩිම පදක්කම් ගණනක් දිනාගත් මලල ක්‍රීඩාව ලෙසින් වාර්තා පොත් අතරට එක්විය.

4. ඔලිම්පික් බිමේ බැබළුණු සැන් මැරිනෝ රාජ්‍යය

34000කට ආසන්න ජනගහනයක් සිටින සැන් මැරිනෝ රාජ්‍යය මෙවර ඔලිම්පික් උළලේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගන්නා ලදි. ඒ ඉලක්කයට වෙඩි තැබීම සහ මල්ලවපොර යන ක්‍රීඩාවන්ගෙන්. ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ පදක්කමක් දිනාගත් ජනගහනය අඩුම රට ලෙස සැන් මැරිනෝ රාජ්‍යය ඔලිම්පික් වාර්තා අලුත් කලේය.මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ලිච්ටෙන්සන් රාජ්‍යයයි.

5. දකුණු ආසියාවට මලල ක්‍රීඩා රන් පදක්කමක්

2020 ටෝකියෝ ඔලිම්පික් උළලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ නීරාජ් චොප්රා නම් ඉන්දීය ක්‍රීඩකයායි.එහිදී ඔහු 87.58m ක් තරම් දුරකට හෙල්ල විසි කලේය. ඔහු ලබාගත් රන් පදක්කම දකුණු ආසියානු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක මලල ක්‍රීඩාවෙන් මෙවර ලබාගත් එකම ඔලිම්පික් රන් පදක්කම ලෙස සටහන් වුණා.

6. බෙදාගත් ඔලිම්පික් රන් පදක්කම

මෙවර ඔලිම්පික් උළලේ පිරිමි උස පැනීමේ තරගයට සහභාගී වුණු කටාර් දේශයේ මුටාෂ් භාෂිම් සහ ඉතාලියේ ජියාන් මාකෝ ටන්බෙරි ක්‍රීඩකයන් දෙදෙනා පමණක් 2.37m උසක් සාර්ථකව තරණය කළා.එම අවස්ථාවේදී අබාධයක් හේතුවෙන් ටන්බෙරි තරගයෙන් ඉවත්වීමට තීරණය කළා.ඒ මොහොතේදී භාෂීම්ට රන් පදක්කම පහසුවෙන් ලබාගැනීමට හැකියාව තිබුනත් ඔහු ටන්බෙරි සමග රන් පදක්කම බෙදාගැනීමට තීරණය කිරීම ඔලිම්පික් ඉතිහාසයේ අමතක නොවන සිදුවීමක් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *