උපත් පාලනය ඉතා ඈත අතීතයේ සිටම බොහොමයක් සංස්කෘතීන් වල නිරීක්ෂණය කළ හැකි වුවද, ආරක්ෂිත හා ඵලදායී ක්‍රම බොහොමයක් හඳුන්වා දෙනු ලැබුවේ ඉතා මෑත කාලයේදීයි. කෙසේ වෙතත්, සදාචාරාත්මක, ආගමික, හා වෙනත් කරුණු නිසා ඇතැම් සංස්කෘතීන් විසින් අදටත් උපත් පාලන ක්‍රම භාවිත කිරීම අධෛර්යමත් කරනු ලැබීම නම් ඉතා සුලභයි.

මොකද්ද මේ උපත් පාලනය ? මොනවද උපත් පාලන ක්‍රම? මේ බහුලවම මේ සම්බන්ධයෙන් ඇසෙන ප්‍රශ්න. මේ මේ ලිපියෙන් අද ඒ ගැන කතා කරමු.

සරලවම, උපත් පාලනය යනු අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇතිවීම වැළැක්වීමයි. මේ සඳහා උපකරණ හෝ රසායනික හා රසායනික නොවන උපක්‍රම බහුලව භාවිතා කෙරෙනු ලබනවා. එසේම, උපත් පාලන ක්‍රම අනවශ්‍ය ගැබ් ගැනීමක් වළක්වාලීමටම පමණක් නොව, පවුල් සැලසුම් කිරීම සඳහා ද සුලභව භාවිතා වනවා.
උපත් පාලනයක් තෝරාගැනීමේදී මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමුකළ යුතුය. එනම්

  1. තෝරාගන්න උපත් පාලන ක්‍රමය කෙතරම් ආරක්‍ෂිත ද යන්න ?

2. ඒ වෙනුවෙන් දරන්න පුළුවන් වියදම කොයිතරම්ද?

3. උපත් පාලන ක්‍රමයේ රහස්‍යභාවය කෙතරම් වැදගත්ද ?

4. ස්ථිර සහකරුවෙක් ඉන්නවද?

5. ලිංගික රෝගවලින් ආරක්ෂා වෙනවද ?

6. තෝරාගන්න උපත් පාලනය පීරියඩ්ස් වලට බලපෑමක් වෙනවද?

7. ඒ වෙනුවෙන් කොයිතරමක විතර වෙහෙසක් දරන්න ලෑස්තිද?

8. ඉදිරියේදී දරුවෙක් ලැබීමට අපේක්ෂා කරනවද?

දැන් අපි බලමු අපිට ගැබ් නොගෙන සෙක්ස් කරන්න පුළුවන් උපත්පාලන ක්‍රම මොනවද කියල. ඒවායේ වාසි අවාසි එකිනෙකට වෙනස්. ගැලපෙන ආකාර වෙනස්.

1. කොන්ඩම්

මේක තමයි සුප්‍රසිද්දම ක්‍රමය. හොඳ බැරියර් එකක්. ලේසිම ක්‍රමයත් මේක. වැදගත්ම දේ ලිංගිකව බෝවන රෝග පවා මේ ක්‍රමයෙන් වළක්වනවා. සරලව කියනවනම් මෙයින් සිදුවන්නේ ස්ත්‍රී සහ පුරුෂ ලිංගේන්ද්‍රවල ගැටීම අඩු කරන එක. ඒ කියන්නේ එක්වීමේදි යොනිමාර්ගයේදි පුරුෂ ලිගුව ස්පර්ෂ වීමක් නොවෙනවා කියන එක නෙවේ. පිටවන ශුකාණු යොනී මාර්ගයට නිදහස් වෙන්නේ නැ කියන එක. ඉතීන් මේ සඳහා භාවිතා කරන්නේ ලේටෙක්ස් කියන වර්ගයේ රබර් වලින් හදපු ශිෂ්ණයේ දවටා ගන්න පුලුවන් කුඩා බැලුනයකට සමාන කොටසක්.

වාතෙකට තියෙන්නෙ හැමපාරකම අලුතෙන් එකක් දාන්න ඕන. ඒ වගේම වින්දනය අඩු කරනවා කියන එකත් ලොකු චෝදනාවක්. සමහර අයගෙ හමට සුළු ඉරිටේෂන් තත්වයන් ඇතිවෙන්න පුළුවන්.මේ කොන්ඩම් ස්ට්‍රෝබරි වගේම එක එක රස වර්ගවලින් ගන්න පුළුවන් වීමත් තව විශේෂත්වයක්.

ලේසි වැඩිම ක්‍රමය. එස්ටීඩීත් වලක්වනවා. හැමපාරකම අලුතෙන් දාන්න ඕන. සෙක්ස්වල වින්දනය අඩුකරනවා කියන හැගීම. සමහර විට සුළු ඉරිටේෂන් ඇතිවෙන්න පුළුවන්.

2. ෆීමේල් කොන්ඩම්

කාන්තා උපත් පාලන කොපුවක් කියන්නේ කාන්තාවක් විසින් ලිංගිකව එක්වීමට ප්‍රථම පළඳින කුඩා පසුම්බියක් හෝ තුනී කොපුවක්. මෙහි දෙකෙළවරේ නම්‍යශීලී මුදු දෙකක් තිබෙනවා. එක් කෙළවරක් වැසී තිබෙන අතර අනෙක් කෙළවර පවතින්නේ විවෘතවයි. වැසී ඇති කෙළවර යෝනි මාර්ගය තුළට ඇතුල් කරනු ලබනවා. විවෘතව ඇති කෙළවර යෝනි මාර්ගයෙන් පිටත පවතිනවා.

ඒ වගේම පිරිමින්ට කොන්ඩමයක් නිසා දැනෙන අවුල මේකෙන් අඩුකරනවා. හැබැයි සමහර විට කරද්දි අතරමග ගැලවෙන්න පුළුවන්. දාන්න අමාරු වෙන්න වගේම ගලවන්න අමාරුවෙන්නත් පුළුවන්. ගොඩක්ම අවුල තියෙන්නෙ මේක හොයන්න අමාරු එකයි. පිරිමි කොන්ඩමයට වඩා මිළත් වැඩියි.

3. සාමාන්‍ය උපත් පාලන පෙත්ත

දිනපතා ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් සහිත පෙත්තක් ගැනීමයි සිද්ද වෙන්නෙ.පැකට් එක මාසයයි. සෙක්ස්වලට කලින් කිසි අවුලක් නෑ. පීරියඩ්ස් වේදනා පවා අඩුවෙනවා. අක්‍රමවත් නම් වඩා පිලිවෙල වෙනවා. නිසි ආකාරයට පෙති භාවිතා කිරිම මගින් නිසි භාවිතය මගින් ඩිම්බ මෝචනය වලක්වා , ගැබ්ගෙලේ මියුකස් පටලයේ ගණකම වැඩිකර, එන්ඩොමෙට්රි්යමේ ඝනකම අඩු කරනවා එමගින් අධිරෝපනය වලකනවා.

එමගින් උපත් පාලනයක් සිදුකරනවා.හැබැයි හැමදාම පෙත්ත ගන්න ඕන. අවදානමක් හැටියට සමහර අයට මේ නිසා අධික රුධිර පීඩනය, රුධිරය කැටිගැසීම. හෘදයාබාද ඇතිවෙන්න ඉඩතියෙනවා. මේ ක්‍රමයෙදි මාස්පතා බ්ලීඩ් වීම සිද්ද වෙනවා.

4. අඛන්ඩ උපත් පාලන පෙත්ත

දිනපතා ලබාගන්නා හෝමෝනමය පෙත්තක්. ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් සහිත පෙත්තක් දිනපතා ගැනීමයි කරන්නෙ. මාස තුනක කාලයක් හෝ අවුරුද්දක කාලයක් වෛද්‍ය නිර්දේශය අනුව ගන්න ඕන. පෙති 84ක් සාමාන්‍යයෙන් එනවා. අමතරව අක්‍රිය පෙති 07ක් එනවා. මේ පෙති ගනිද්දි බ්ලීඩ් වෙන්නෙ අවුරුද්දටම හතරවතාවයි. ඒ අර අක්‍රිය පෙති ගන්න දිනවලදියි. ඇක්ටිව් පෙති විතරක්ම ගන්නත් පුළුවන්.

සෙක්ස් කරන්න කලින් කරදර නෑ. ඔසප් වේදනා සහ කුරුලෑ ඇතිවීමත් අඩු කරනවා.
හැබැයි හැමදාම එකම වෙලාවට පෙත්ත ගන්න ඕන. සාමාන්‍ය උපත් පාලනයට වඩා පීරියඩ් අතර රුධිර පිටවීම වැඩි වෙන්න පුළුවන්. පීරියඩ්ස් නැති හින්ද ගර්භනීද නැද්ද කියල බලාගන්න අමාරුයි. කැරකිල්ල, පියයුරු මෘදුවීම, හිසරුදාව, අධික රුධිර පීඩනය, රුධිරය කැටි ගැසීමෙන් හෘදයාබාද ඇතිවීම වගේ අවදානම් තත්වයන් තියෙනවා.

5. උපත් පාලන එන්නත – ඩිපොප්‍රොවෙරා

හෝමොන එන්නතක් මගින් උපත් පාලනය කරන එකයි වෙන්නෙ. වෛද්‍යවරයෙක් මගින් එන්නත ලබාගන්න ඕන. මාස 3 කට වරක් ලබාගත යුතු කාන්තාවන් සඳහා වූ සැලසුම් එන්නතකි. මෙය ඉතා සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක්. එන්නත නතර කිරීමෙන් පසු නැවත ගැබ් ගැනීමක් සිදුවීමට ගතවන කාලය කාන්තාවන්ගෙන් කාන්තාවන්ට වෙනස් වේ. සාමාන්‍යයෙන් මාස 7 – 12 ක පමණ කාලයක් ඒ සඳහා ගතවිය හැකිය.

ඒ වගේම අවුරුදු දෙකක් එක දිගට ගත්තොත් ඇට වල ඝනත්වය අඩුවෙනවා. පීරියඩ් කාල අතර රුධිර ගලනය ඇතිවෙන්න පුළුවන්. හිසරුදාව, මහත්වීම, නොසන්සුන්බව, බඩේ අපහසුව ඇතිවෙන්න පුළුවන්. එන්නතෙන් පස්සෙ සමහර විට අවුරුද්දක් විතර ඩිම්බ නොහැදෙන්නත් පුළුවන්.

6. උපත්පාලන රෝපනය

සම යටට ඉඳිකටුවක උදව්වෙන් ප්‍රොජෙස්ටින් හෝමෝනය අඩංගු ගිනිකූරු හිසක තරම් පොඩ් එකක් ඇතුල්කරනවා. මේක දිගුකාලීන ක්‍රමයක්. නමුත් ආපහු අයින් කරන්න ලේසියෙන් පුළුවන්. අයින් කිරීමෙන් පස්සෙ ගැබ්ගැනීම සිද්ද වෙනවා.

අතුරු ප්‍රතිඵල විදිහට මහත් වෙන එක, පීරියඩ්ස් වෙනස් වීම, බඩේ සහ පියයුරුවල වේදනා ආදිය ඇතිවෙන්න පුළුවන්.

7. ස්ටෙරිලයිස්මේ

මෙතනදි කරන්නෙ පැලෝපීය නාල අවහිර කරන එක. ගැටගැසීමක් වගේ දෙයක්. මේක ස්ථාවර එකක්. ආපහු නිවැරදි කරන්න බලාපොරොත්තුවක් නැත්නම් තමයි සුදුසු වෙන්නෙ. සිහිනැති කරලා කරන සැත්කමක්.

නරක ප්‍රතිඵල විදිහට සමහර අයට වේදනාව, රුධිර ගලනය, ආසාදන වීම් වගේම සමහර දුර්ලභ අවස්ථාවල ගර්භාෂයෙන් පිටත කළලයක් වර්ධනය වෙන තත්වයන් ඇතිවෙන්න පුළුවන්.

8. පිරිමි ස්ටෙරිලයිස්

මේකට වාසෙත්කමී කියලත් කියනවා. ඉස්සර මේ සැත්කම කරගන්න අයට රජයෙන් යම් මුදලක් දුන්නා. මේකත් වෛද්‍යමය කාණ්ඩයේ උපත්පාලනයක්. මෙතනදි කරන්නෙ වෘෂණකෝෂ වලින් එන නාල අවහිර කරන එකයි. ඒ නිසා තරලයක් පිටවුනත් ශුක්‍ර පිටවීමක් සිද්‍ද වෙන්නෙ නෑ. ස්ථාවරයි. අදාල ප්‍රදේශය හිරිවැට්ටීමකින් කරන්න පුළුවන් සරල සැත්කමක්. හැබැයි ආපහු හරවන්න බෑ.

9. යෝනි මුදුව (නුවාරිංග්)

මේකත් හෝමෝනමය ක්‍රමයක්. මෙතනදි නම්‍යශීලී මුදුවක් යෝනියට දානවා. එයින් ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් හෝමෝන නිදහස් කරනවා.

එක වලල්ලක් මාසයක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. වෛද්‍යවරයෙකුගේ සහය ඕන වෙනවා. හැබැයි හරිම ලේසියි. මේක දැම්මම සෙක්ස්වලට කලින් හිතන්න ඕන නෑ. අවාසි විදිහට තියෙන්නෙ හරියට නිසිතැන වළල්ල රඳවාගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම නිසිකලට මාරු කිරීම කරන්න වෙනවා. සමහර අයට මේ නිසා යෝනි ශ්‍රාවය වීම් ඇතිවෙන්න පුළුවන්. සියුම් අපහසුතා දැනෙන්න පුළුවන්. කලාතුරකින් හෘදයාබාධ ඇති කරන්න ඉඩතියෙනවා. ඒ වගේම කරදරකාරී විදිහට සංසර්ගය අතර එලියට එන්න පුළුවන්.

10. කොපර් IUD

මේක වෛද්‍යමය මැදිහත්වීමක්. මෙතනදි කරන්නෙ ටී හැඩයෙ තඹ උපකරණයක් ගර්භාෂයේ තැන්පත් කරන එකයි. මේ උපකරණයෙන් ශ්‍රකානු ඩිම්බ ළඟාවෙන එක වලක්වනවා. ඩිම්බ ගර්භාෂ බිත්තියේ ඇලෙන එකත් වලකනවා.

මේ උපකරණය අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන්. සෙක්ස් කරද්දි කලින් ලෑස්ති වෙන්න කියල දෙයක් නෑ. හැබැයි සමහර විට ක්‍රෑම්ප් (කෙන්ඩා පෙරලීම්) ඇතිවෙන්න පුළුවන්. අසාමාන්‍ය තත්වවලදි ශ්‍රෝනි ප්‍රදේශයේ ආසාදනවලට මේක උදව්වක් වෙන්නත් පුළුවන්. ඉතා දුර්ලබ අවස්තාවලදි මේක ගර්භාෂයේ ඇලෙන්න ඉඩ තියෙනවා.

https://www.youtube.com/watch?v=unMoohI0MEA

11. ප්‍රොජෙස්ටින් IUD

නමෙන්ම තේරෙනවා මේක හෝමනල් වැඩක් කියන එක. මෙතනදි කරන්නෙ ප්‍රොජෙස්ටින් අඩංගු ටී හැඩයේ උපකරණයක් ගර්භාෂයේ රඳවන එක. අවුරුදු 3-5ක් අතර කාලයක් ගැබ්ගැනීම් වළක්වාගන්න මේකෙන් පුළුවන්. වාසි පැත්තෙන් බැලුවොත් සෙක්ස් කරන්න කලින් ලෑස්ති වෙන්න දෙයක් නෑ. IUD එක අයින් කළාම ආපහු ළමයි හදන්න පුළුවන්. පීරියඩ්ස් හැදෙන එකත් අඩුවෙනවා හෝ නැති වෙනවා.

අවාසි පැත්තට තියෙන්නෙ සමහර විට සමහර අයට මේකෙන් පස්සෙ අවිධිමත් පීරියඩ්ස් ඇතිවෙන්න පුළුවන්. වේදනාව වැඩියෙන් එන්න පුළුවන්. ඩිම්බකෝෂවල කුඩා ගෙඩි ඇතිවෙන්න ඉඩතියෙනවා
(මේවායෙන් අවදානමක් නෑ) ඉතා අඩු අවස්තාවල මේක ඉන්‍ෆෙක්ට් වෙන්න හෝ ගර්භාෂයේ ඇලෙන්න පුළුවන්.

12. උපත් පාලන ස්ටිකරය

මේකත් හෝමෝනමය විදිහක්. අඟල් දෙකක විතර පැච් එකක් යටිබඩ ප්‍රදේශයේ හෝ තට්ටම්වල හෝ අතේ හෝ පිටේ අලවන එකයි කරන්නෙ. ‍මේ ස්ටිකරයෙන් පිටවන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටින් හෝමෝන සම හරහා ශරීරයට ඇතුල්වෙනවා. සති තුනක් විතර පාවිච්චි කරන්න. ඊට පස්සෙ සතියක් විතර අතාරින්න. එතකොට නැවත පීරියඩ්ස් එනවා.

එක පැච් එකක් වැඩකරන්නෙ සුමානයයි. මේකටත් වෛද්‍යවරයෙකුගේ සහය ඕනකරනවා. හැබැයි වැඩේ හරිම ලේසියි. සෙක්ස් කරන්න කලින් හොයන්න දෙයක් නෑ. සමහර අයගෙ සමට මේ ස්ටිකරය කහන්න වගේ ගන්නවා. අවදානමක් විදිහට ලේ කැටි ගැසීම් සහ හෘදයාබාධ ඇතිකරන්න පුළුවන්.

13. උපත් පාලන මිනිපිල් එක

කලින් ඒවා වගේම හෝමෝන පෙත්තක්. මේකෙ තියෙන්නෙ ප්‍රොජෙස්ටින් හෝමෝනය. දිනපතා ගන්න ඕන. මේකෙන් පීරියඩ්ස් සැහැල්ලු කරනවා. වේදනාව අඩු කරනවා. අධික රුධිර පීඩනය, රුධිරය කැටිගැසීම, ඉරුවාරදය වගේ වෙනත් උපත්පාලන පෙති ගන්න බැරි තත්වයක් තියෙනවා නම් මේක සුදුසුයි.

හැමදාම ගන්න ඕන. අක්‍රමවත් රුධිරවහනය, හිසරුදාව, පියයුරු මෙලෙක් වීම, කැරකිල්ල වගේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්.

14. වැජයිනා ජෙල් (ෆෙක්සි)

මේක හෝමෝනමය නොවන ක්‍රමයක්. සංසර්ගයට කලින් මේ ජෙලි ආධාරකයක් මගින් යෝනි මාර්ගයේ තවරන්න ඕන. යෝනි මාර්ගයේ PH අගය අඩුකිරීම මගින් ශුක්‍රානු වලට ඩිම්බය කරා ළංවීමට බාධාවක් ඇතිකිරීමයි සිද්ද වෙන්නෙ. එක පාරයි වැඩකරන්නෙ. ලේසියි. ජෙලි එක හින්ද ලුබ්‍රිකේට් වීමකුත් වෙනවා. පැයක කාලයක් විතරයි මේක වැඩ කරන්නෙ. සමහර අයට සුළු ඉරිටේෂන් එන්න පුළුවන්.

15. දින ගනං කිරීම

හරියට පීරියඩ්ස් දින අනුව සිද්ද වෙනවා නම් ආර්තවය දින ගනං කරමින් සෙක්ස් කරලා ගැබ්ගැනීම් වළක්වන්න පුළුවන්. වඩාත්ම සරුභාවයක් තියෙන්නෙ පීරියඩ් සයිකල් එකේ 12-14 දිනවල. ඩිම්බයක් මෝචනය සිද්ද වෙන දවස්. ඒ කාලෙ තමයි අවදානම වැඩිම. පිරියඩ්ස් සිද්ද වුනු ගමන්ම මුල් සතිය යම් ආරක්ෂිත බවක් තියෙනවා. ඒත් මේ ක්‍රමයත් සාර්ථක වෙනවා කියල නිශ්චිතව කියන්න බෑ. අනිත් පැත්තට දවස් ගැනලා මිසක් උවමනා වෙලාවට සෙක්ස් කරන්න බෑ.

16. වැලකීම

ඒ කියන්නෙ සෙක්ස් නොකරම ඉන්න එක. එහෙම නැත්තං යෝනි මාර්ගයේ ලිංගික ක්‍රියාවන්ගෙන් වළකින එක. මේක වැටෙන්නෙ චර්යාමය උපත්පාලන කාන්ඩයට. මේ විදිහෙන් කිසිම අතුරු ආබාධයක් නෑ. සෙක්ස් සම්පූර්නයෙන් නවත්තලා ඉන්න එක නම් මානසික සෞඛ්‍යයට ඒ තරම් හොඳ නෑ.

17. මෝනිං ආෆ්ටර් පිල්

පොස්ටිනො කියල ජනප්‍රිය පෙත්ත මේකයි. මේක හදිසි හෝමෝන බලපෑමක් ඇතිකරන පෙත්තක්. මේක පාවිච්චි කරන්නෙ උපත්පාලනයක් රහිතව ලිංගිකය එක්වීමක් ඇතිවුනාට පස්සෙ. ඒ අතපසු වීමෙන් පැය 72ක කාලයක් ඇතුලත පෙත්ත ගන්න පුළුවන්. මෙමගින් ඩිම්බය ඩිම්බකෝෂයෙන් පිටවීම වළක්වනවා.

ඒ වගේම ඩිම්බය ශුක්‍රානුවක් සමග එක්වීමත්, ගර්භාෂ බිත්තියේ රෝපණය වීමත් වළක්වනවා. මේකට කියන්නෙ ප්ලෑන් බී කියල. නිතර පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක් නම් නෙමෙයි. කැරකිල්ල, මහන්සිය, ඔලුවෙ කැක්කුම සහ බඩ රුදාව ඇතිවෙන්න පුළුවන්.

18. ශ්‍රක්‍රඝාතක ඩයෆ්‍රම්

මේ ක්‍රමය වැඩකරන්නෙ බාධකයක් විදිහටයි. ඩෝම් එකක් හැඩයෙ ශුක්‍ර ඝාතක ජල්ලියක් අඩංගු රබර් හෝ සිලිකන් කප් එකක් යෝනිමාර්ගයේ ගැබ්ගෙල ආවරණය වෙන මෙන් තැන්පත් කිරීමයි කරන්නෙ. ඒ වෙලාවෙම වැඩකරනවා. මේක නිසා සහකරුවාට කිසිම අපහසුවක් දැනෙන්නෙ නෑ. ඔයාට දැනෙන්නෙත් නෑ. සංසර්ගයට පැය කීපයකට කලින් දාන්න පුළුවන්. පැය 24ක් තියෙන්න අරින්න පුළුවන්. හැබැයි ක්‍රියාකාරීත්වය තියෙන්නෙ පැය දෙකයි.

සෙක්ස් කරලා පැය දෙකකට පස්සෙ ආපහු කරනවා නම් රිෆිල් කරන්න ඕන. කප් එක හරියට ෆිට් වෙන්න ඕන. සමහර අයට ඉරිටේෂන් ඇතිවෙන්න පුළුවන්. නොනොක්සිනොල් සහිත ස්පර්මිසයිඩ්/ ශුක්‍රඝාතකවලින් HIV ආසාදනය වීමේ අවදානම වැඩි වෙන්නත් ඉඩතියෙනවා. සෙක්ස් කරලා පැය 06ක්වත් ඉවත් නොකර ඇතුලෙ තියන්න ඕන.

19. ස්පර්මිසයිඩ් ස්පොන්ජ්

ස්පර්මිසයිඩ් හෙවත් ශුක්‍රඝාතක ද්‍රව්‍ය අඩංගු කුඩා තැටියක් ආකාර ස්පොන්ජ් එකක් ලිංගිකව එක්වීමට කලින් යෝනි මාර්ගයට ඇතුල් කරනවා. මෙයින් ආකාර දෙකකින් ගැබ්ගැනීම වළක්වනවා. එකක් ශුක්‍රානුවලට ගැබ්ගෙල ප්‍රදේශයට ඇතුල්වෙන්න බාධකයක් හැටියෙන් ක්‍රියාකිරීමෙන්. දෙවැන්න ශුක්‍රඝාතක රසායනයෙන්.

20. ස්පර්මිසයිඩ්

ශුක්‍රඝාතක රසායන කියන්නෙ බාධකයක් පාවිච්චි කරන ක්‍රමයක්. මේ ස්පර්මිසයිඩ් ජෙලි, ක්‍රීම්, පෙන, හෝ පෙති විදිහට එන්න පුළුවන්. එක්වීමට කලින් යෝනි මාර්ගයට ඇතුල්කිරීමයි කළ යුත්තෙ. එකපාරකට විතරයි වැඩකරන්නෙ. දෙවෙනිවර සංසර්ගයේදී නැවත ඇතුල්කරන්න වෙනවා.
විනාඩි 05ට විතර කලින් දාලා, ඉවර වුනාට පස්සෙත් පැය 6ක් විතර තියන්න ඕන.

21. එලියට ගැනීම

ගොඩක් අය සුලබව පාවිච්චි කරන ක්‍රමයක්. යන්න කිට්ටු වෙද්දි එලියට ගන්න එක. එකම අවුල මේක ඒ තරම් ෂුවර් ක්‍රමයක් නොවෙන එක. මේක චර්යාමය ගනයටයි වැටෙන්නෙ.

22. විකල්ප ක්‍රම භාවිතා කිරීම

යෝනි මාර්ගයෙන් බැහැරව සංසර්ගය සිදු කරන්නත් පුළුවන්. මේ සඳහා ගුද සංසර්ගය, මුඛ සංසර්ගය ආදී ක්‍රමයන් යොදා ගන්න පුළුවන්. ගැබ්ගැනීමක් ගැන කිසිදු බයක් ඇති කරගන්න දේකුත් නෑ. චර්යාමය ක්‍රමයක් නිසා අතුරු ආබාධත් නෑ

ඉතින් මේ අතරින් කෙනෙකුට තමන්ට වඩා ගැලපෙන උපත් පාලන ක්‍රමය තෝරගන්න පුළුවන්. චර්යාමය සහ බාධකමය ක්‍රමයන්ට බැහැර අනෙක් ක්‍රමවල විවිධ අතුරු ආබාධ ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. උපත් පාලන ක්‍රමයක් තෝරාගනිද්දි ඇයගේ සෞඛ්‍ය ගැන හිතන එක ඉතා වැදගත්. ඇත්තටම මේ තීරණයේ අයිතිය තියෙන්නෙ ඇයටයි. ඒ නිසා නිසි වෛද්‍ය උපදෙස් මත වඩා සරල පහසු අතුරු ආබාධ රහිත ක්‍රමයක් තෝරාගැනීම ආදරය කරන කෙනෙකුගේ වගකීම වෙනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *