ශ්‍රී ලංකාව තුළ පිහිටි ස්වාභාවික සුන්දරත්වය නිසාම සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙනවා.ලංකාවේ මොන දිශාවට ගියත් බලන්න පුලුවන් වගේම හොඳ අත්දැකීම් එකතු කරගන්න පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා.දේශිය විදේශිය සංචාරකයන්ගෙන් ලංකාවට අඩුවක් නැති නිසාම සංචාරක ව්‍යාපාරයත් ඉතාම සාර්ථකව සිදු කළ හැකියි.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සංචාරය කරනවා නම් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ගිහින් එහි තිබෙන සුන්දර ස්ථාන විශාල ප්‍රමාණයක් දැකබලා ගන්න පුලුවන්. එහෙම තැන්වලින් කිහිපයක් ගැන තොරතුරු ටිකක් මේ විස්තරේ ඇතුළත් වෙනවා. ත්‍රිකුණාමලය ආසියාවේ ඉතා පැරණි වරාය නගරයකි.
1. කෝණේෂ්වරම් කෝවිල

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් ජීවත් වන්නේ දමිළ සහ මුස්ලිම් ජාතිකයන් වේ.මේ නිසාම හින්දු කෝවිල් වැඩි වශයෙන් දකින්න පුලුවන්.ත්‍රිකුණාමලයට සංචාරය සඳහා යන ඕනම කෙනෙක් ජාති ආගම් බේදයකින් තොරව කෝණේෂ්වරම් කෝවිලට යනවා. මුහුදින් තුන් පැත්තකින් වට වූ මේ කෝවිල හින්දු ආගමේ වන්දනාමානයට ලක්වන ශිව දෙවියන්ට කැප කළ කෝවිලක් වේ.
අතීත කතාවලට අනුව වසර 5000ක් පමණ පැරණි ඉතිහාසයක් කෝණේෂ්වරම් කෝවිලත් සමඟ බැඳී පවතිනවා.කෝවිල පිටුපසින් පූජනීය ගසක ලීවලින් තැනූ තොටිලි එල්ලා තිබෙනවා දැකගන්න පුලුවන්.දරු සම්පත් ප්‍රාර්ථනා කරන බැතිමතුන් මේ විදිහට තොටිල්ලක් එල්ලා තමන්ගේ ප්‍රාර්ථනාවේ විශ්වාසී බව ඔප්පු කරනවා. මේ පුද බිමේ දී ඉතිහාස කරුණු රැගත් රාවණා කැපුම සහ ෆෙඩ්රික් බලකොටුවත් දැකබලා ගන්න පුලුවන්.කෝවිලට යන මඟ දෙපස නිදහසේ සිටින මුවන් සහ මොණරුන් දැක ගැනීමට හැකි වීම අලුත් අත්දැකීමක් වේවි.
2. ත්‍රිකුණාමලය වරාය

ලෝකයේ විශාලතම වරායන් අතරට එකතු වෙන ත්‍රිකුණාමලය වරාය ස්වාභාවිකව නිර්මාණය වූ වරායකි. පෙර අපර දෙදිග සම්බන්ධ කරන්නා වූ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙසින් අතීතයේ සිටම ක්‍රියාත්මක වූ මෙම වරාය කඳුවලින් ආවරණය වූ බොකු සහිත ප්‍රදේශයක් වීම හා මෝසම් සුළඟින් නැව් ආරක්ෂා කර ගැනීමේ හැකියාව ඉහළ මට්ටමකින් යුක්ත බැවින් බටහිර ජාතීන් යටතේ ඉන්දීය සාගරයේ ආරක්ෂාව හා වෙළඳ කටයුතු සිදු කිරීමේදී ත්‍රීකුණාමලය වරාය සුවිශේෂී වරායක් විය.
3. නිලාවේලි මුහුදු තීරය

ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ අතරින් ඉතාම සුන්දර වෙරළ තීරයක් ත්‍රිකුණාමලය සතු වේ.ඒ අතරින් නිලාවේලි දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශණය කරගත් නිලාවේලි මුහුදු තීරය සුවිශේෂී වේ.නිල් පාටට දිස්වෙන මෙම මුහුදු තීරය සංචාරකයින්ගේ පාරාදීසයක් ලෙස හැඳින්වුවාට වරදක් නැහැ. මීට අමතරව මාබල් බීච්, උප්පුවේලි බීච්, මනවේලි වෙරළ වැනි මුහුදු තීරයන් ද සංචාරය කළ හැකි සුන්දර වෙරළ තීරයන් වේ.
4. කින්නියා උණු වතුර ළිං

ත්‍රිකුණාමලයට යන ඔබ කින්නියා උණු වතුර ළිඳකින් වතුර දෝතක් ලබා ගත්තෙ නැත්නම් ඒක ලොකු අඩුවක් වෙන්න පුලුවන්. ත්‍රිකුණාමලය යනු ඉතිහාස පුරාවෘත කතාවන් බොහෝමයක් සමඟ පැවතෙන නගරයක් නිසාම මේ උණු වතුර ළිං සමඟත් ඉතිහාස කතාවක් පැවතෙනවා. මේ අතීත කතාවල ප්‍රතිඵලයක් විදිහට උණු වතුර ළිඳකින් නෑමෙන් ශරීරයේ තිබෙන දශ කුෂ්ඨ හොඳ වෙන් බවට විශ්වාස කරනවා. ළිං හතකින් යුක්ත මෙම ස්ථානයට ගිහින් ලේසියෙන්ම උණු වතුර ටිකක් නාගන්න පුලුවන්.
සංචාරකයින්ට දවස් දෙක තුනකින්වත් බලා ඉවර කරගන්න බැරි ස්ථාන රාශියක් තිබෙන නගරයක් විදිහට ත්‍රිකුණාමලය හඳුන්වන්න පුලුවන්. විස්තර කරපු ස්ථානවලට අමතරව යායුතුම ස්ථාන බොහෝමයක් තිබෙනවා.
ගෝකණ්ණ විහාරය
වෙල්ගම් වෙහෙර
හිරිගඩු සෑය
ලංකා පටුන සමුද්‍රගිරි විහාරය
කින්නියා පාළම
කොඩ් බේ ධීවර වරාය
ඩච් බේ ධීවර වරාය
පරෙවි දූපත ජාතික උද්‍යානය
පොදු රාජ්‍ය මණ්ඩලීය පොදු සුසාන භූමිය
නාවික කෞතුකාගාරය
සමුද්‍ර සහ නාවික ඉතිහාස කෞතුකාගාරය
ඔරස් හිල් යුධ හමුදා කෞතුකාගාරය
ත්‍රිකුණාමලයේ සංචාරය කරනවා නම් හොඳට සැළසුම් කරලා දින කිහිපයක් ගත කරන්න බලාගෙනම යන්න. පරිසරයට හානි නොකර අමතක නොවන අත්දැකීම් රාශියක් එකතු කරගන්න.
රශ්මි මහේෂා ප්‍රනාන්දු