ලොව පුරා සිටින බලකාමයෙන් මත් වූ පාලකයින් තම අරමුණු ඉටුකර ගැනීමෙහි ලා සිදුකරන බොහෝ නින්දිත ක්‍රියා ඉතිහාසයේ ද වර්තමානයේ ද සිදුවී ඇත. සිදුවෙමින් ඇත. ඒ අතර ප්‍රධාන තැනක් හිමි වන්නේ යුද්ධයටයි. හුදු පුද්ගලික බල තණ්හාව කරණ කොට ගෙන ම දස දහස් ගණනක් වූ මිනිසුන් පමණක්ම නොව සතුන් ද ශාකයන් ද විනාශ කරමින් තම ලේ පිපාසිත බල අරගලයේ නිරත වීම රජුන්ට, පාලකයන්ට සෙල්ලමක් ම පමණකි. මෙවැනි යුද්ධ අතර සිදුවන සාමාන්‍ය යුද්ධයෙන් ද යුද්ධ නීතියෙන් ඔබ්බට ගිය යුද්ධයටත් වඩා පිළිකුල් සහගත ක්‍රියාවක් නම් ජෛව අවි භාවිතයයි. එකිනෙකා අරඹයා සතුරන් ලෙස සලකා ගනිමින් භයානක වෛරස, බැක්ටීරියා, දිලීර ව්‍යාප්ත කර පරම්පරා ගණනක් ඉදිරි අනාගතය උව විනාශ මුඛයට ඇද දැමීමට ඔවුන්ට හැකි ය.

අද කතාව ජෛව අවි පිළිබඳව වන අතර මෙම ලිපියෙහි ඒ ඒ ජෛව අවි වල යොදාගැනීම සහ යොදාගත් ආකාරය පිළිබඳ විස්තර කරයි.

1. Anthrax  ( ඇන්ත්‍රැක්ස්)

Bacillus acthracis (බැසිලස් ඇන්ත්‍රාසිස්) නම් බැක්ටීරියාව නිසා හටගන්නා මෙම රෝගය මූලිකව හරකුන් ඇතුළු සතුන්ට වැළඳුණු රෝගයකි. මහ පොළොවේ සුලභව ඇති නිසාත් බොහෝ විට මාරාන්තික නිසාත් පෘෂ්ඨයන් මත දින 60 වැනි කාලයක් නොනැසී ජීවත් විය හැකි නිසාත් මෙම බැක්ටීරියාව පසු කලෙක ජෛව අවියක් ලෙස භාවිතයට ගන්නට ඇතැයි සිතිය හැකි ය. බැසිලිස් ඇන්ත්‍රාසිස් බැක්ටීරියාව ජෛව අවියක් ලෙස භාවිතා කර ඇති භයානක ම නියෝජිතයන්ගෙන් එකක් බව එක්සත් ජනපදයේ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) ය මගින් දක්වා ඇත.

මෙම ජෛව අවිය සියවසක් පමණ තිස්සේ කුඩු, ඒරොසෝල්, ආහාර සහ ජලය සමඟ මිශ්‍ර කොට විශාල පිරිසක් ඝාතනය කිරීමට යොදාගත් අතර ගන්ධ රහිත සහ රස රහිත බව නිසා එහි සාර්ථකත්වය තවත් වැඩි වූ බව ද තතු දත්තෝ අතර නොරහසකි.

2. Rinderpest (රින්ඩර්පේස්ට්)

Rinderpest morbillivirus (රින්ඩර්පේස්ට් මොබිලවෛරස්) නම් වෛරසය නිසා හට ගන්නා මෙම රෝගය මූලික ව ගවයන්, ඇන්ටිලොග් මුවන් සහ ජිරාෆ් වැනි සතුන් අතර ව්‍යාප්ත වූ වෛරස් රෝගයකි. 1890 දී ස්වාභාවික ව මේ රෝගය පැතිරීම හේතුවෙන් අප්‍රිකානු කලාපයේ 80 -90% අතර ගවයන් ප්‍රමාණයක් මිය ගොස් ඇති බව මූලාශ්‍ර වල සඳහන් වී ඇත.

රින්ඩපේස්ට් වෛරසය දෙවැනි ලෝක සංග්‍රාමය යුගයේ දී මහා බ්‍රිතාන්‍ය විසින් භාවිත කල බව ද සඳහන් වන අතර වර්තමානයේ අතිශය රහසිගතව ඇමරිකාව සහ කැනඩාව මෙම වෛරසය වැඩි දියුණු කරමින් සිටින බව විශ්වාසවන්ත ආරංචි මාර්ග විසින් දන්නවා තිබේ.

3. Rice blast (රයිස් බ්ලාස්ට්)

නමේ සඳහන් ආකාරයට ම මෙහි මූලික අරමුණ වනුයේ යුද්ධයේ දී සතුරාගේ ආහාර සැපයුම් විනාශ කර දැමීමටයි. මේ වන විටත් මෙම අවිය රුසියාව, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ චීනය ආදී රටවල වැඩි දුරටත් අත්හදා බලමින් සිටී යි.

වියට්නාම යුද්ධයේ දී ද ඇමරිකානු හමුදාව ඒජන්ට් ඔරේන්ජ් නමින් භාවිතා කළේ ද මෙවැනි ම සංයෝගයක් සහිත රසායනික ද්‍රව්‍යකි. මෙවැනි ප්‍රහාර මගින් ශාකවලට පමණක් නොව මනුෂ්‍ය සහ සත්ත්ව ප්‍රජාවට ද හානි සිදු කරන අතර අදටත් වියට්නාමයේ ඇතැම් ප්‍රදේශ වල උපත් ආබාධ සහ විකලාංග සහිත දරුවන් උපත ලබන බව සඳහන් වේ.

4. Smallpox (වසූරිය)

මෙම රෝගය මිනිසාට ම ආවේණික වූ වෛරස් දෙකක් වන Variola major (වියෝලා මේජර්) සහ Variola minor (වියෝලා මයිනර්) නම් වෛරස් දෙකේ බලපෑම හේතුවෙන් හටගනීයි. මෙහි දරුණුම ව්‍යාප්තිය ලෙස සඳහන් වෙන්නේ ක්‍රි.පූ 3 සියවස තරම් ඈත යුගයකයි. වසූරිය රෝගය නිසා 18 වන සියවසේ දී ලක්ෂ 4ක පමණ ජනතාවක් මියගොස් තිබෙන බව ද ඉතිහාස මූලාශ්‍ර වල සඳහන් වේ.

මෙම වෛරසය පළමු වරට මිනිස් ඝාතනයක් සඳහා යොදාගත් අවස්ථාවක් වාර්ථා වන්නේ 18 වන සියවසයේ බ්‍රිතාන්‍ය හමුදාවේ කමාන්ඩර් හෙන්රි බුකට් ගේ අණ පරිදි රතු ඉන්දියානුවන්ට වසූරිය රෝගකාරකය සහිත බ්ලැන්කට් ලබාදීම මගින් රතු ඉන්දියානුවන් විශාල පිරිසක් ඝාතනය කිරීමයි. පසු කලෙක දෙවන ලෝක යුද්ධයේදී ද මෙය ජෛව අවියක් ලෙස යොදාගෙන ඇති බව සඳහන් වේ.

5. Ebola (ඉබෝලා)

ඉබෝලා වෛරස කාණ්ඩ හයක් ඇති අතර ඉන් කාණ්ඩ හතරක් ඉබෝලා රෝගය සෑදීමට බලපාන බව විද්‍යාඥයන් විසින් හෙළිකරගෙන තිබේ. ඉබෝලා වෛරසය මගින් ඇතිවන මූලික රෝග ලක්ශණය නම් රක්තපාත උණයි. එමගින් ඇතිවන අභ්‍යන්තර රුධිර වහනය නිසා වෛරසය වැළඳුණු පුද්ගලයා මිය යෑම සිදු වේ.

ඉබෝලා වෛරසය 1970 දී සිවිල් ගැටුම් පැවති අප්‍රිකාවේ සයරේ රාජ්‍යයේ පැතිරීම මගින් විශාල ප්‍රමාණයක් මරනයට පත්වී තිබෙන බව සඳහන්. එමෙන්ම 1990 දී රුසියානු විද්‍යාඥයන් විසින් ඉබොලා වෛරසය වාතය හරහා පැතිරිය හැකි ලෙස වැඩි දියුණු කර පර්‍යේෂණ සිදුකර තිබේ. ඉබෝලා වෛරසයට ඇමරිකාව සතුව ක්ෂණිකව ප්‍රතිකාර කළ හැකි ආකාරයේ ඖෂධ තිබෙන බවට සාක්ෂි ඉදිරිපත් කරමින් මෑතකදී අප්‍රිකාවේ සංචාරයක යෙදී ඉබෝලා වෛරසය වැළඳුන පර්‍යේෂණයන් පිරිසක් පැය 24 කින් සම්පූර්ණ ලෙස සුව කළ බව සඳහන්. එහෙත් ඔවුන්ගේ රෝගය සුව කිරීමට දායක වූ ඖෂධය පිළිබඳ ඇමරිකාව විසින් කිසිඳු කරුණක් ප්‍රසිද්ධ කර නැත.

ගිහාන් M. කෝන්ගහගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *