චිත්‍රපට කියන්නෙ මේ වෙද්දී කර්මාන්තයක් විදියට ලෝකෙ ම අල්ලගෙන ඉන්න ක්ෂේත්‍රයක්. ලෝකෙ ලොකු ම චිත්‍රපට නිෂ්පාදන පසුබිම් තියෙන, ඉහළ ම පර්‍යෙෂණ මට්ටමේ සොයාගැනීම් එක්ක හොදම චිත්‍රපට රසිකයා වෙත ගෙනියන්න පුළුවන් නම් ඒක තමයි ඉහළම ජයග්‍රහණය. මොකද චිත්‍රපට ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවේ ඉහළ ම ඉදන් මිනිසුන්ගේ ජීවිත කියවන නිසා.
අද චිත්‍රපට කර්මාන්තයේ වාර්තා අතර ඉන්න ඉන්න ඉහළ ම වැඩකාරයෝ ගැන හොයල බලමු.
1. The Universal Pictures

1912 අප්‍රේල් 30 ආරම්භ කළ මෙහි නිර්මාතෘවරුන් තමයි කාල් ලේමල්( Carl Laemmle ) සහ ඩේවිඩ් හෝර්ස්ලි( David Horsley ). මෙහි මූලාස්ථානය එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ පිහිටා තිබෙන අතර වර්තමාන සභාපති ඩොනා ලැන්ග්ලි (Donna Langley )වේ. මේ හා බද්ධව පවතින Universal Animation තුළින් නිපදවූ චිත්‍රපට හා කතාමාලා ඉහළ ජනප්‍රසාදයක් හිමි කරගෙන ඇත.
මෙහිදී හොදම සජීවීකරණ චිත්‍රපට ලෙස Despicable me,The land Before Time වැනි චිත්‍රපට ආදායම් වාර්තා අතර විය.
මීට අනුබද්ධ තවත් සමාගම් ඇත.
- Universal Studios Home Entertainment
- Focus Feature
- Dream Works Animation
- Working Title Film
මෙතෙක් වාර්තා වන ඉහළම ආදායම් ලැබූ චිත්‍රපට 50 අතර Minions, Furious 7, Jurassic World යන චිත්‍රපට මොවුන්ගේ නිෂ්පාදනයන් වෙති.
2. Paramount Pictures

1912 මැයි 8 ආරම්භයේ දී ඇඩොල්ෆ් සුකෝර් (Adolph Zukor), විලියන් හොඩ්ස්කින් (Willian Hodkinson ) සහ ජේසි එල් ( Jesse L. lasky ) ප්‍රධාන වූහ. මූලස්ථානය එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ය. සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී ජිම් ගියනොපුලොස්( Jim Gianopulos ) වේ. මෙහි මූලික සමාගම Vicom CBS වේ.
මෙහි අනු සමාගම්
- Paramount Famous Productions
- MTV Films
- Paramount Home Media
- Nickelodeon Movies
මෙතෙක් ගණනය වී ඇති ලොව ඉහළම ආදායම් ලැබූ චිත්‍රපට 50 අතර මොවුන්ගේ චිත්‍රපට වන Transformer, Mission Impossible වෙති.
Paramount Animation චිත්‍රාගාරය යටතේ Walt Disney ,Pixar සහ Dreamworld යන නිෂ්පාදන සමාගම් සමග තරගකාරි ලෙස චිත්‍රපට නිෂ්පාදනයන් කර ඇති බව නිවේදනය කර ඇත.
3. Warner Bros. Entertainment

1923 අප්‍රේල් 14 ස්ථාපිත වන මෙම නිෂ්පාදන ආයතනයේ මුල් ආරම්භකයින් වන්නේ හැරී වෝනර් (Harry Warner) ,ඇල්බට් වෝනර් (Albert Warner) ,සැම් වෝනර් (Sam Warner) සහ ජැක් එල් වෝනර් Jack L. Warner යන සහෝදරන් ය. මෙහි මූල් සමාගම Warner Media Studios and Networks ය. මේ වන විට මෙහි සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී වන්නෙ ඈන් සර්නොෆ් (Ann Sarnoff) ය. මූලස්ථානය එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ බර්බෑග් හී පිහිටා ඇත.
මෙහි අනු සමාගම්
- DC films
- Castle Rock Entertainment
- Turner Entertainment
- New line Cinema
- Warner Bros. Animation
ලොව ඉහළම ආදායම් ලැබූ චිත්‍රපට 50 අතර මොවුන්ගේ චිත්‍රපට 11 ක් පවතී. ඒ අතර Harry Potter and the Deathly hallows Part 2(2011), Aquaman (2018), The Dark night Rises(2012), Jocker(2019) ,The Hobbit(2012) ,The Matrix ,Batman Trilogy. ඉහළම ආදායම් ලයිස්තු අතර වෙති. Warner Bros Animation හරහා මේ බොහෝ චිත්‍රපට තාක්ෂණික අංශයෙන් වර්ධනය කර ඇත.
4. Walt Disney Pictures

1923 ඔක්තෝම්බර් 8 ඇරඹෙන මෙම සමාගමේ මුල් ආරම්භකයින් වෝල්ට් ඩිස්නි (Walt Disney )සහ රෝයි ඕ. ඩිස්නි (Roy O. Disney) ය. මේ වන විට මෙහි ප්‍රධානියා වැනෙසා මොරිසන් (Vanessa Morrison) ය. මූලස්ථානය එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ පිහිටා තිබේ. ළමයින්ට තරුණ පිරිසට බලපැම් කළ හැකි ප්‍රසිද්ධ සජීවීකරණ චිත්‍රපට සදහා මොවුන්ගේ දායකත්වය ඉතා ඉහළ ය.
මෙහි අනු සමාගම්
- Marvel Studios
- Disney Nature
- Lucas Film
- Pixar
ලොව ඉහළම ආදායම් ලැබූ චිත්‍රපට අතර මොවුන්ගේ චිත්‍රපට 21 තිබීම සුවිශේෂී ය.
ඒ අතර වන Avengers – Endgame ( 2019), Star Wars : The Force Awakens (2015), Avengers Infinity War (2018), The Lion King (2019), The Avengers (2012) ඉහළම ආදායම් ලයිස්තු අතර වෙති.
5. 20th Century Fox

1935 මැයි 31 ආරම්භ වන මෙම චිත්‍රපට සමාගමේ මුල් තැන සිටියේ විලියම් ෆොක්ස් (William Fox ) සහ ජෝශප් එම්. ශෙන්ක් (Joseph M. Schenck )ය. Walt Disney Studio මෙහි මුල් සමාගමයි. වර්තමානයේ සභාපති ස්ටීව් ඇස්බෙල් (Steve Asbell ) ය. මේ හා සම්බන්ධව ප්‍රසිද්ධ ප්‍රවෘත්ති ආයතනයක් වන Fox සමාගම පවතී.
අනුබද්ධ සමාගම්
- Fox Star Studio
- 20th Century Fox Home Entertainment
- Zero – Day Fox Searching Pictures
මෙහි සංගීත සංයෝජනය චිත්‍රපට පුරාම ඇගයීමට ලක්ව ඇත. ලෝක වාර්තා පොත් අලුත් කළ Titanic (1997), Avatar (2009), Star wars Episode 1 (1999), Bohemian Rhapsody (2018), Ice Age : Dawn of the Dinosaurs (2009) චිත්‍රපට මොවුන් ට හිමිය.
6. Sony Pictures Motion Pictures Group

මේ සමාගම 1998 ආරම්භ වෙන්නෙ TriStar Production යටතේ . Sony Pictures Entertainment මුල් සමාගමයි. එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ කල්වර් නගරයේ මූලස්ථානය පිහිටා ඇත. සභාපති ධූරය ටොම් රොත්මන් (Tom Rothman) මෙහෙයවයි.
මෙහි අනුබද්ධ සමාගම් මෙසේයි.
- Screen Gems
- Sony Pictures Animation
- Affirm Films
- Tristar Pictures
- Destination Films
ලොව ඉහළම ආදායම් ලැබූ චිත්‍රපට 50 අතර මොවුන්ගේ චිත්‍රපට දෙකක් ඇත.
මේ අතර ඔවුන්ගේ නිෂ්පාදනයන් වන Spider Man : Far from Home ( 2019), Skyfall (2012), Jumanji : Welcome to the jungle ( 2017) , Spider Man 3 ( 2007), Spectre ( 2015) ඉහළ ආදායම් ලයිස්තු අතර වෙති.
7. Lionsgate Films

1997 ජූලි 10 ඇරඹෙන මෙම චිත්‍රපට ආයතනය ෆ්‍රැන්ක් ජියුස්ට්‍රා (Frank Giustra) ගේ මූලිකත්වයෙන් එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැන්ටා මොනිකාවේ පිහිටුවා ඇත. මෙහි සභාපති ලෙස මාර්ක් රචෙස්කි (Mark Racheskey) කටයුතු කරයි.
අනුබද්ධ සමාගම්
- Roadside Attraction
- Codeblack Films
- Pantelon Films
- Lionsgate Premiere
ලොව වැඩි ම ආදායම් ලයිස්තුවට මෙහි එක් චිත්‍රපටයක් ඇතුළත් කර ඇත.
The hunger Games – Catching Fire ( 2013),The hunger Games (2012), The hunger Games – Mockingjay – part 1 (2014),The hunger Games – Mockingjay – part 2 (2015), The Twilight Saga : Breaking Dawn part 2 (2012) වැඩි ම ආදායම් ලයිස්තු අතර එන මොවුන්ගේ චිත්‍රපට නිෂ්පාදනයන් වෙති.
ඉෂාන්ති අමරසිංහ