Miniseries සංකල්පය මේ වෙද්දී Televisition වගේ ම Social Media platform වල වැඩියෙන් කතා බහට ලක් වෙන අංගයක්. මෙහිදී සීමිත කතාංග ප්‍රමාණයක් විකාශය වන අතර 1970 පුවත්පත් තුළ මෙම කෙටි කතාංග අකෘතිය එංගලන්තයේ කැපී පෙනුණි. මේවා Serial ලෙස කුඩා කතාංග ස්වරූප ගන්නා ලදී.

1- 6 අතර කොටස් විකාශය වන අතර ඒ තුළ ආරම්භයක්, මැදක් සහ අවසානයක් එහි දිග හැරේ. මේ වන විට එංගලන්තය,දකුණු ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව, රුසියාව හා බ්‍රසීලය වැනි රටවල ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වශයෙන් යොමු ව ඇති රූපවාහිනී සහ නව මාධ්‍ය කතාංග ආකෘතියක් වශයෙන් මෙම Miniseries හදුනාගත හැකිය.

මේ අවධානය යොමුවෙන්නෙ ලෝකෙ හොඳම Miniseries 5 ගැනයි. කාලය කෙටිවීම පමණක් නොවෙයි ,මින් ඉදිරිපත් කරන සමාජ කියැවීම තව දුරටත් ඉහළ ම ප්‍රේක්ෂක අවධානයට ලක් වූ ඒවා වීම විශේෂයි.

1. Band of Brothers (2001)

Tom Hamks සහ Steven Spielberg එක් ව ගොඩ නැගන ලද කතා මාලාවකි. කාලය පැය 9 විනාඩි 54 කි. මෙහි IMDb අගය (ශ්‍රේණිගත කිරීම් ) සටහන් වූයේ 9.4/10 ක් ලෙසයි. දෙවන ලෝක යුධ සමයේ එක්සත් ජනපද හමුදාවේ 101 වන ගුවන් භට කණ්ඩායම වටා ගෙතුණු කතාවක් වන අතර ඔවුන්ගේ පුහුණු කාලය හා යුද්ධයේ අවසානය දක්වා සොල්දාදුවන්ගේ ආත්මය ග්‍රහණය කරගත් විශිෂ්ඨ කතා මාලාවක් බව විචාරක මතය යි.

2. Roots (1977/ 2016)

ඇමරිකානු ඉතිහාසයේ වැඩියෙන් ම නැරඹූ ටෙලි කතා 100 අතර මෙම කතාංගය ද ඇතුළත් ය. ඇමරිකානු ඉතිහාසයේ අඳුරු තැන් හුවා දක්වන මෙය එහි සාහිත්‍යයට දරුණු පහරක් එල්ල කළ බව බොහෝ අයගේ මතය යි. Kunta Kine ගේ වහල්භාවයත් ඔහු වටා ගෙතුණු පාරම්පරික සමාජයත් මෙහිදී ඉස්මතු වන අතර, ඇමරිකානු වහල්භාවයට පත් වූ අප්‍රිකානුවන්ගේ ජීවිත යථාර්තය මෙහි ගොඩනැංවේ.

මෙය Alex Haley ගේ නවකතාවකට අනුව 1977 දී Marvin J Chomskey ඇතුලු කණ්ඩායම අධ්‍යක්ෂණය කරන ලද පළමු නිර්මාණයද ජනප්‍රිය වූ අතර, එහි දෙවැනි නිෂ්පාදනය 2016 සිදුවිය. එහි කාලය පැය 1 විනාඩි 30 කි. Bruce Beresford ඇතුලු කණ්ඩායම අධ්‍යක්ෂණය කර ඇත. මෙහි IMDb(ශ්‍රේණිගත කිරීම් )අගය දක්වන්නෙ 7.9/10 ක් වශයෙනි.

3. Chernobyl (2019)

1986 අප්‍රේල් මස චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාර පිපුරුමේ ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්තය ගෙන එනු ලබයි. මෙහි රංගනයෙන් දායකවන්නන් ඉතා විශිෂ්ට ලෙස සිය හැකියාව දක්වා ඇත. Creig Mazin ගේ නිර්මාණාත්මක පර්යේෂණාත්මක රචනයක් වන අතර, මෙහි අධ්‍යක්ෂක John Renck ය. මෙහි IMDb අගය දැක්වූයේ 9.4/10 (ශ්‍රේණිගත කිරීම් )වශයෙනි. කාලය පැය 5 විනාඩි 30 කි. Episode 5 කි.

4. The Queen’s Gambit (2020)

මෙය Netflix වෙතින් ගෙන ආ miniseries මලාවකි. ඇමරිකාව හා රුසියාව අතර සීතල යුද්ධය පසුබිම(1960) දිවෙන අතර Beth Harman ක්‍රීඩිකාව ඇබ්බැහියෙන් මෙන් සිදු කරන චෙස් ක්‍රීඩාව හා ඇගේ ජීවිතයේ සංධිස්තානයන් මෙහි සිත් ඇදගන්නා සුලු අයුරින් ගෙන ඒ.

ඇය ලෝකයේ විශිෂ්ටත ම චෙස් ක්‍රීඩිකාව වන්නට ඇය යන ගමන ඉතා මැනවින් මෙහි ගොඩ නගයි. Scoff Frank මෙහි අධ්‍යක්ෂකවරය යි. කාලය පැය 6 විනාඩි 35 කි. IMDb අගය 8.6/10 ලෙස දැක්වේ.

5. Big little lies ( 2017 -2019 )

කාන්තාවන් පස් දෙනෙකි, ඔවුන්ගේ දරුවන්ගේ පාසල් භූමියේදී වන මරණයකට ඔවුන් සම්බන්ධ වෙති .කැලිෆෝනියා වෙරළ නගරය පසුබිමයි. මේ සෑම චරිතයක් වටා දිවෙන දේශපාලනය, අතීතය, ගෘහස්ත හා ලිංගික හිංසනයත් යථාර්තවාදී ව කතා මාලාවේ ඉදිරිපත් වෙයි.

Big little lies ලෙස 2014 දී Liane Moriarty අතින් ලියැවෙන නවකතාව නව ආරයකින් David K Kelley අතින් දෘශ්‍යමය නිර්මාණයක් ලෙස මෙහිදී දිග හැරේ. කාලය පැයකි. මෙහි 2017 Episode 7 ක අධ්‍යක්ෂණය Jeen Marc Valee ද ,2019 Episode 7 Andrea Aenold ගේ අධ්‍යක්ෂණයෙන් නිකුත් වී ඇත.IMDb අගය 8.5/10 (ශ්‍රේණිගත කිරීම් )ක් වශයෙන් සටහන් ව ඇත.

Miniseries සංකල්පය බොහෝ රටවල අත්හදාබැලීම් වන අංශයකි. මෑත කාලීනව ලංකාවේ මෙම සංකල්පය ප්‍රධාන මාධ්‍ය තුළ අත් හදාබැලීම් හුදෙක් ග්‍රාහක ආකර්ශනය් වෙත නැඹුරුවීම විනා අන්තර්ගත ගුණාත්මකභාවය වෙත යොමු නොවීම බොහෝ දෙනා විවේචනය කළ බව නොරහසක්. නවක ශිල්පීන් එක් ව සමාජ මාධ්‍ය ජාලා තුළ Miniseries සංකල්පය මේ වන විට සිදුකරන බව පෙනෙන්නට ඇත. ඇගයීම් මට්ටමේ කුමන තැනකට යනු ඇතිදැයි තවමත් කිව නොහැක. ලෝක සිනමාව තුළ හදුනාගත් ඉහත දැක්වූ මෙවන් තේමාත්මක අන්තර්ගත එතැයි ලාංකීය බුද්ධිමත් ප්‍රේක්ෂකයා මඟබලමින් සිටිති. මන්ද දක්ෂයින් අතර දක්ෂයින් මෙරට සිටින බැවිනි.

ඉෂාන්ති අමරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *