මේ වෙද්දී සිනමා ශාලාව ,නිවෙසේ පුංචි තිරයේ ෆිල්ම් බලන ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් ඔබගේ අතේ තියෙන ජංගම දුරකථනයට ඇවිත් තියෙන බව තාක්ෂණය එක්ක වැඩ කරන අය විදියට අමුතුවෙන් කිවයුතු නැහැ. මේ වෙද්දී කිසිදු තෙවන පාර්ශවීය මැදිහත්වීමකින් තොරව OTT වලින් නැත්නම් මේ වෙනකම් තියෙන DTH, Cable වලින් ආව ජාලයට එහා ගිය, අන්තර්ජාලයෙන් ඔබට අවශ්‍ය වීඩියෝ එක ලබා දෙන සේවාවක්. මේ Platform එක මුලින්ම Content hosting platform එකක් උනත් මේ වෙද්දී web series, shows, movies වගේ දේවල් දුරකථනය ,ටීවී ,ලැප්ටොප් ,ටැබ්ලට් පරිගණක හරහා මුදල් ගෙවීමකින් බලන්න පුළුවන්.

මේ කියන්න යන්නෙ දැන් ලෝකෙ මේ platform එකෙ ඉහළම පරිශීලකයන් ඉන්න Online Streaming Platform 5 ගැන.
විශේෂත්වය තමයි ගොඩක් netflix platform එකත් එක්ක හරි හරියට වැඩ පෙන්වන වැඩකාරයෝ වීම සහ ඒ platform වල වැඩිම පරිශීලකයන් ඉන්නෙ ඉන්දියාවේ කියන එක.

1. Netflix

නෙට්ෆිලික්ස් සමාගමට ලෝකයේ තියෙන අවකාශය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ . මොකද මේ වෙද්දී online platform එකෙ වැඩ කරන පෙරළිකාරයෝත් එක්ක හරි හරියට ගමන් කරන නිසා. පසුගිය වසංගතය තුළ මිලියන 37 ක අලුත් පරිශීලකයන් පිරිසක් එකතු කරගන්න සමත් වුණ කාලයක් ,ඒ Sacred Games, Stranger Things ,Lucifer සහ Money Heist හරහා ආව ජනප්‍රිය ධාරාව එක්ක.

නෙට්ෆිලික්ස් වෙනස් වෙන්නෙ දැන්වීම් රහිතව web series නැරඹීමට හැකිවීමයි. මේ වෙද්දී මේකෙ බොහෝ රටවල නියෝජනයන් ඒ කියන්නෙ චිත්‍රපට නිෂ්පාදනය සදහා ඉඩ අවකාශය ලැබිලා. පාකිස්තානය ,තුර්කිය,චීනය ,ඉන්දියාවට වගේ රටවලට වැඩි අවකාශයක් ලබා දීලා. ජංගම දුරකථනය ,ලැප්ටොප් ,ස්මාර්ට් ටීවී එක්ක එකතු වෙලා පරිශීලකයන් හොයාගෙන යන්න ඔවුන් සමත් වෙලා. අපි හොයන බොහෝ චිත්‍රපට නිෂ්පාදනවල මුල් පිටපත් තියෙන්නේ netflix වල.

මේ වෙද්දී ඉහළම ඇගයීම් තියෙන චිත්‍රපට

  • Peaky Blinders- (8.8) IMDB Rating
  • Narcos- (8.8) IMDB Rating
  • Stranger Things in – (8.7) IMDB Rating
  • Daredevil- (8.6) IMDB Rating
  • Money Heist- (8.3) IMDB Rating
  • Extraction (Action/Thriller)
  • 6 Underground (Action/Thriller)
  • Ludo (Drama/Anthology)
  • Okja (Adventure/Sci-fi)
  • Triple Frontier (Action/Heist)
https://www.youtube.com/watch?v=htqXL94Rza4

2. Disney Plus Hotstar

2019 ඉදන් ලෝකය පුරාම දිවයන මේ වේදිකාවට ඉන්දියාවත් ඇතුළත්. 2020 ඉදන් ඉන්දියාවත් එක්ක මේකෙ පරිශීලකයන් දෙගුණ තෙගුණ වෙන්න පටන් ගත්තා. පරිශීලකයන්ගෙ මිල ඉහළ නංවන්න නව අන්තර්ගතයන් එකතු කරන ගමන් තමයි මොවුන්ගේ ගමන යන්නේ. නෙට්ෆිලික්ස් සමාගමට වඩා ග්‍රාහකයින් අඩු නමුත් ලෝකය පුරා මිලියන 98 ග්‍රාහක සංඛ්‍යාවක් සිටින බව දක්වයි. මෙහි 250කට වඩා ඇති සුපිරි වීර කතා, 100 කට වඩා ඇති රූපවාහිනී මාලා නාටක, ළමා කාටූන් , Marvel සිනමා චිත්‍රපට , රූපවාහිනී වැඩසටහන් සහ ක්‍රීඩා ඇතුළත් ය.

මෙහි ඉහළම ඇගයීම් අතර ඇති චිත්‍රපට

  • Chernobyl – 9.4 IMDB Rating
  • The Sopranos – 9.2 IMDB Rating
  • Sarabhai vs Sarabhai- 8.9 IMDB Rating
  • Mandalorian- 8.8 IMDB Rating
  • Special Ops -8.6 IMDB Rating
  • Star Wars: The Bad Batch- 9.0 IMDB Rating
  • Avengers Endgame- 8.4 IMDB Rating
  • Hamilton -8.5 IMDB Rating
  • Togo -8. 0 IMDB Rating
  • X – Man – 7.9 IMDB Rating

3. Amezon Prime

E Commerce Platform වල දිවෙන මේ වේදිකාව Amezon Prime Music සමග අසීමිත නොමිලේ බෙදාහැරීම් සහ වට්ට්ම් සමග තමන්ගේ පරිශීලකයන් වෙත ඔවුන් ළඟා වී අවසන්. හොදම චිත්‍රපට සහ වෙබ් අඩෙවි සදහා ඉඩ සපයා ඇති අතර අන්තර්ජාල පොත් සැපයුම් කරයි. OTT platform මත හොදම වෙබ් ලිපි මාලාව වන Mirzapur ,Pataal lok ,The family man ඔවුන් සතුයි. මිලියන 11 කට ආසන්න පරිශීලකයන් සිටින මෙහි විකාශනය වූ චිත්‍රපට අතර ඇගයීමට පාත්‍ර වූ චිත්‍රපට මෙසේයි.

  • LOL: Hasse Toh Phasse
  • Train To Busan
  • The Raid: Redemption
  • Gulabo Sitaabo
  •  Parasite
  • Mirzapur
  • The Family man
  • Tanda
  • Paatal Lok
  • Breathe

4. Zee 5

ඉන්දියාවේ චිත්‍රපට රසිකත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ .මොකද චිත්‍රපට නිෂ්පාදනය අතින් Bollywood නාමය ඉන්දියාවේ සංස්කෘතිය ඇතුලෙ ම ස්ථාපිත වෙලා තියෙන නිසා. ඉන්දියාවේ Zee 5 OTT platform එකෙ ඉන්න ජනප්‍රියම සමූහයක්. ඉන්දියාව පුරා භාෂා 12 කින් සංගීත සහ චිත්‍රපට සැපයීම් මේ හරහා සිද්ධ කරනවා. Zee 5 මුදාහැරපු ඇගයීමට ලක්වුණු චිත්‍රපට මොනව ද ?

  • Nail Polish
  • Kaagaz
  • Raat Baaki Hai
  • Silence
  • Chintu Ka birthday
  • ZEE5 Best series
  • Abhay (Season 1&2)
  • Reject X (Season 1&)
  • Mafia (Season 1)
  • Poison (Season1)
  • Never Kiss Your Best Friend (Season1)

5. Voot

මේකත් මේ දවස්වල ඉන්දියාවේ වැඩි කතාබහට ලක්වන platform එකක්. Viacom 18 සමාගමට අයිති ආයතනයක් විදියට තමයි මේක දැන් වැඩ කරන්නෙ. මේ හරහා viacom 18 අයිති රූපවාහිනී නාලිකා ( Colours tv , Production films )නැරඹීමට අවකාශය උදා වෙනවා. මෑතක සිට ඉතා අඩු මුදලකින් සේවාව සපයන මොවුන් මසකට රුපියල් 99 ක් වන සේ වසරකට රු 999 ක පැකේජයක් හදුන්වා දී තිබීම පරිශීලකයන්ට වටිනා අවස්තාවක්.

ඇගයීමට ලක්වුණු චිත්‍රපට

  • Asur: Welcome to Your dark side
  • Marzi: A Game of Lies
  • The Raikar Case
  • The Gone Game
  • Illegal

නැරඹිය හැකි රූපවාහිනී නාලිකා

  • Colors HD
  • MTV HD
  • News 18
  • MTV Beats

ඉෂාන්ති අමරසිංහ

වෙනත් ලිපි – වාර්තා අතර ඉන්න ලෝකේ ඉහළම චිත්‍රපට නිෂ්පාදන ආයතන මෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *