ඔයා ජීවිතය දිනනවා කියලා අදහස් කරන්නේ මොකක්ද? ජීවිතය දිනනවා යනු අරමුණු කරා යාම පමණක් නොව ආදරය සහ ධනාත්මක බවින් පිරැණු තෘප්තිමත් ජීවන රටාවක් ඇති කර ගැනීමයි. එහිදී ඔයාගේ දෛනික ජීවන රටාව තුළ සෞඛ්‍ය සම්පන්න සිතුවිලි යහපත් සබදතා සහ පුරැදු ඇති කර ගැනීමට වග බලා ගත යුතුයි.
ඉතින් ඔයත් ජීවිතය දිනන්න උත්සාහ කරනවා නම් මේ ලිපිය ඔයාටමයි.
1. යහපත් පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට උත්සහ ගන්න

i. විශ්වාසවන්ත සිතුවිලි පිළිබදව පමණක් සිතන්න
විශ්වාසවන්තභාවය ඔයාට දැනෙන්නට පටන් නොගත්තද, ඔයා වැඩි වැඩියෙන් එය පුහුණු වන තරමට ඔයාට සතුටින් ජීවත් වෙන්න පුඵුවන්. ඔයාගේ ජීවිතය ගැන ධනාත්මකව සිතන්න. ඔයාට විශ්වාසය නැති වුවත් ඔයාගේ චින්තනය ශක්තිමත් කර ගන්න. නිශේධනාත්මක සිතුවිලි ඇති වීම නවත්වා ගන්න උත්සහ ගන්න.
ඔබ ගැන නිශේධනාත්මක සිතුවිලි ඇති වීමට පටන් ගන්නා සෑම අවස්ථාවකම ධනාත්මක හෝ මධ්‍යස්ථ සිතුවිල්ලක් ගැන සිතන්න උත්සාහ ගන්න. “මම ඒතරම් වටින්නේ නැත” ඔබට සිතන්නේ නම්, ඒ වෙනුවට සිත්න්න “ මම මට මෙන්ම අන් අයටත් වටිනවා” යනුවෙන්.
ii. ඔබෙන් සිදු වන වැරදි වලින් ඉගෙන ගන්න
ඔයා කෙතරම් සාර්ථක වුවත්, කෙතරම් සෞඛ්‍ය සම්පන්න වුවත් ඇතැම් අවස්ථාවල අසාර්ථක වන අවස්ථා ඔයා අත්දැක ඇති. ඔයාගෙන් යම් වැරැද්දක් සිදු වුවහොත් එය සිදු වූයේ කෙසේද, එයින් ඔබ ඉගෙන ගත්තේ කුමක්ද සහ පසු අවස්ථාවක වෙනස් ලෙස කරන්නේ කුමක් දැයි ඔබ ඔබෙන්ම අසන්න.
ඔබට වැරදුනු තැන පිළිගන්න. එවිට එම වැරැද්ද නිවැරදි කර ගැනීම තුළ ජීවිතය ලේසියෙන්ම දිනන්න පුළුවන්.
iii. හැකි සෑම විටම සතුටින් සිටින්න උත්සහ ගන්න
සෑම විටම ඔබට සතුටින් සිටීමට යමක් හදුනා ගන්න. මේ මොහොතේ සියල්ල යහපත් නොවුනත්, යහපත් දේ තිබෙන බව සිහිපත් කරන්න. උදාහරණ ලෙස ඔබේ සමීපතමයෙකුගෙන් වෙන් වූ විට ඔබට දුක්ක දැනෙනවා නොඅනුමානයි.
නමුත් ඔබ ජීවිතයේ තිබෙන දේවල් දැක හිත හදා ගන්නට උත්සහ ගන්න. එවිට ඔබේ ජීවිතයේ සතුට ළගා කර ගත හැකියි.
iv. සිහියෙන් සිටීමට උත්සාහ ගන්න
ඔයා සිහියෙන් සිටින්න උත්සහ කරනවා නම් භාවනාව හොදම මාර්ගයක්. හැකි සෑම දිනකම මිනිත්තු 15ක් පමණ නිශ්ශබ්ද සහිත පරිසරයක වාඩි වී ගැඹුරින් හුස්ම ගන්න. ඔබේ හුස්ම ගැන පමණක් අවදානය යොමු කරන්න. ඔබේ අවදානය වෙනතකට යොමු වුවත්, ඔබේ අවදානය හුස්ම වෙත යොමු කිරීමට උතසාහ ගන්න.
ආහාර ගන්නා අවස්ථාවේදී පවා සිහිය පවත්වා ගැනීමට ඔබට පුඵුවන්. සිහිකල්පනාව මානසික ආතතිය අඩු කර ගැනීමට, මතකය වැඩි කිරීමට සහ යහපත් චිත්තවේගීය ස්ථාවරත්වයක් ඇති කිරීමට උපකාරී වේ.
2. යහපත් සබදතා වර්ධනය කර ගන්න

i. ධනාත්මක, සහයෝගය දක්වන පුද්ගලයින් සමග ජීවත් වන්න
ඔබ ඇසුරැ කරන පුද්ගලයන් ඔබේ මානසික සහ ශාරීරික යහපැවැත්ම කෙරෙහි ඍජුවම බලපෑම් එල්ල කරයි. අයහපත් මිතුරන්ගෙන් ඈත්වීමට වගබලා ගන්න. ඔබට සවන් නොදෙන මෙන්ම ඔබට පහත් ලෙස සලකන මිනිසුන් සමග කාලය ගත කිරීම නිශ්ඵල දෙයකි.
සෑම පුද්ගලයෙකුම එක ලෙසින් ඔබගේ දියුණුව දැක සතුටු නොවන බව මතක තබා ගන්න. ඔබ පිටුපස සිටිමින් ඔබ දිරිමත් කරන ඉදිරි ගමනට ආශිර්වාද කරන පුද්ගලයන් ඇසුරු කිරීමට උත්සහ ගන්න.
ii. අන් අයගෙන් උදව් ගන්න
ඔබට යමක් කිරීමට අසීරු නම් ඔබට විශ්වාසවන්ත මිතුරන්ගෙන් ඒ පිළිබදව විමසන්න. ඔවුන් ඇත්තතෙන්ම හොද මිතුරන් නම් ඔවුන් ඔබට අත දීමට වැඩි කැමැත්තක් දක්වති. ඔබ මානසික අවපීඩනයෙන් කනස්සල්ලෙන් හෝ ජීවිතයේ පසුතැවිල්ලෙන් පෙලෙනවා නම් ජීවිතයේ අරගල සමග සාකව කටයුතු කිරීමට උපකාර වන මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු වෙත යොමු වන්න.
iii. අමනාපකම් මතකයේ තබා ගැනීමෙන් වළකින්න.
වෛරය යනු අසතුටට හා නිරන්තර අසහනයට පත් වීමට හේතු සාධකයකි. යමෙකු ඔබව කලබලයට පත් කරනවා නම් එය නොසලකා හරින්න. නැතහොත් ගැටුම්කාරී නොවන ආකාරයකින් ඔබේ හැසිරීම සකසා ගන්න. උදාහරණ ලෙස යමෙක් ඔයාට නරක දෙයක් පැවසුවොත් දින ගණනක් ඔවුන් සමග අමනාම වීම වෙනුවට ඔයාගේ කෝපය ඉවත් කර ගැනීමට උත්සහ ගන්න.
iv. අන් අය සන්සන්දනය කිරීමෙන් වළකින්න.
ඔයා සැසදිය යුතු එකම කෙනා ඔයා පමණයි. අන් අයගේ ජය ගැනීම්වලට ගෞරව කරන්න. ඔයාගේ ළගම මිතුරාට උසස් අධ්‍යාපනය සදහා ශිෂ්‍යත්වයක් ලැබී ඇත් නම් “මම මහ මෝඩයෙක්, මට ඒ ශිෂ්‍යත්වය ලබා ගත නොහැකියි” යැයි නොසිතන්න. ඒ වෙනුවට අනෙකාගේ දියුණුව දැක සතුටු වන්න. ඒ තුලින් ඔයාගේ ජීවිතයද යම් දිනක දියුණු වෙනවා නොඅනුමානයි.
3. මනා සෞඛ්‍යයක් පවත්වා ගන්න

i. යහපත් ආහාර පුරැදු වෙත යොමු වන්න
යහපත් ආහාර පුරැදු වෙත යෙමු වීමෙන් ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වෙනවා. පලතුරු සහ එලවළු හැකි පමණ ආහාරයට ගන්න. පොෂ්‍ය පදාර්ථ බහුල ආහාර වෙත යොමු වීම මෙන්ම අධික සීනි, ලුනු සහිත මෙන්ම කෘතීම ආහාර ගැනීමෙන් වළකින්න.
ii. අවශ්‍ය තරම් ජලය සහ අනෙකුත් දියර වර්ග පානය කරන්න
විජලන තත්ත්වයන්ගෙන් සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට දිනපතා නිසි පරිදි ජලය පානය කරන්න. පුරැෂයන් ජලය ලීටර් 3.7ක් පානය කළ යුතු අතර කාන්තාවන් දිනකට 2.7ක් පානය කිරීම අත්‍යාවශ්‍ය වේ. කෘතීම රසායනයන් යෙදූ පැණිබීම පානය කිරීම ඔබේ ශරීර සෞඛ්‍යයට අහිතකර මෙන්ම අහිතකර රෝගාබාධයන්ට අත වැනීමකි.
iii. ස්වයං රැකවරණය පුරැදු වන්න
ඔබ නිරන්තරව ඔබ පිළිබදවද සැලකිලිමත් වන්න. ඒය ආත්මාර්ථකාමීත්වය නොවේ. ඔබේ ජීවිතය ගැන සහ ඔබ ගැන හොද හගීමක් ඇති වන පරිදි ඔබ ගැන සැලකිලිමත් වන්න. ඔබට විනෝද විය හැකි සහ විවේකය අර්ථවත්ව ගත කල හැකි ආකාර වෙත යොමු වන්න. මතක තබා ගන්න කිසිවිටක ඔයා අන්තිමයා ලෙස නොසලකන්නට. ඒ් තුළින් ජීවිතයේ ඉලක්ක වෙත පහසුවෙන් යා හැකියි.
iv. දිනකට පැය 7- 9 අතර නිනදක් ලබා ගන්න
නින්ද නොමැතිකම මානසික හා ශාරීරික වශයෙන් සෞඛ්‍ය ගැටලු ඇති වීමට හේතු සාධක වේ. දිවා කාලයේ ඔබේ කාර්යයන් සීමා වීමද ඒ තුළ සිදු වේ. වැඩිහිටියන්ට වඩා යෞවනයන්ට නින්දක් අවශයයි.
ඔයත් ජීවිතය දිනන්න උත්සහ දරනවා නම් ජීවිතයේ එක් අංශයක් කෙරෙහි පමණක් නොව සෑම අංශයක්ම සමබර කර ගැනීමට උත්සහ ගත යුතුයි. ඉතින් අපි ඔයාට ගෙනා මේ උපදෙස් පුරැද්දක් කර ගත්තොත් ඔයාටත් ජීවිතය දිනන ගමන් ඉලකක් කරා පහසුවෙන් ළගා වෙන්න පුළුවන්.
තිළිණි සකුන්තලා හෙන්නායක
වෙනත් ලිපි – ඔබේ ඍණාත්මක සිතුවිලි නැති කරගන්න මේ ධනාත්මක චින්තන එකතු කරගන්න