සිනමා කලාව තුළ විවිධාකාරයේ චිත්‍රපට නිර්මාණය වේ. හොල්මන් කතා, විද්‍යා ප්‍රබන්ධ කතා, කල්පිත කතා, ඉතිහාස කතා මෙන්ම ලෝකයේ සත්‍ය සිදුවීම් චිත්‍රපටයට නැඟූ අවස්ථා බොහෝමයක් සිනමාව තුළ පවතී. චරිතාප්‍රදාන සත්‍ය කතා ඇසුරින් නිර්මාණය වූ බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් ගැනයි මේ විස්තර කරලා තියෙන්නේ. විවේක වෙලාවක බලන්න.
බොලිවුඩ් සිනමාවේ චරිතාපදාන සත්‍ය කතා ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපට විශාල ප්‍රමාණයක් තිබෙනවා.
1. නීර්ජා (Neerja) IMDb 7.6/20

1986 වසරේ දී පෑන් ඇම් 73 (Pan Am 73) ගුවන් යානය මඟීන් 359ක් සමඟ ත්රස්තවාදීන් විසින් පැහැර ගන්නා ලදී. මඟීන්ගේ ජීවිත ආරක්ෂා කරමින් තම ජීවිතයෙන් වන්දි ගෙවූ නිර්භීත ගුවන් සේවිකාවක් වූ නීර්ජා භනෝට්ගේ කතාව ඇතුළත් නීර්ජා චිත්‍රපටය විශාල ලෙස ජනප්‍රිය වූ චිත්‍රපටයකි.
2016 වසරේ දී මුල්ම තිරගත වීම සිදුවිය. රාම් මද්වානි විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබේ. නීර්ජා ලෙස රංගන දායකත්වය ලබා දෙන්නේ සෝනම් කපූර් වේ. බොලිවුඩයේ වැඩිම ආදායමක් ලබාගත් චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂක ජානාදරයට පත් නීර්ජා චිත්‍රපටය කාන්තාවකගේ නිර්භීතකම සහ ධෛර්යය පිළිබඳව විස්තර කෙරේ. නීර්ජා වෙනුවෙන් ඉන්දියාවේ මුද්දරයක්ද නිර්මාණය කර තිබේ.
2. එම්.එස්. දෝණි (M.S. Dhoni) IMDb 7.9/10

2016 වර්ශයේ දී නීර්ජ් පාණ්ඩේ විසින් අධ්‍යක්ෂණය කළ එම්. එස්. දෝණි චිත්‍රපටයේ තේමාව වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ තම හැකියාව උපරිමයෙන් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩාවේ කිරුළු නොපළන් රජු ලෙස හඳුන්වන මහේන්ද්‍ර සිංග් දෝණිගේ කුඩා කාලයේ සිට මුහුණ දීමට සිඳුවූ ජීවිත සිඳුවීම් වේ.
එනම් ඔහුගේ නොකියූ කතා පුවත වේ. එම්.එස් දෝණි යනු මුළුමහත් ක්‍රිකට් ලෝලීන්ගේ ජනාදරයට පත් වූ ක්‍රීඩකයෙකි. ඔහු තුළ තිබූ ගතිගුණ සහ හැකියාවන් නිසාම ඔහු චිත්‍රපටයක් තුළ ජීවමාන විය යුතුමය.
සුසාන්ත් සිං රාජ්පුත් විසින් එම්. එස්.දෝණිගේ චරිතයට රංගන දායකත්වය ලබා දෙයි. 2016 වර්ශයේ දී ඉහළ ආදායම් ලැබූ චිත්‍රපටයක් ද වේ.
3. පෑඩ් මෑන් (Pad Man) IMDb 7.9/10

2018 වර්ශයේ දී ආර්. බෝල්කි විසින් අධ්‍යක්ෂණය කළ පෑඩ් මෑන් චිත්‍රපටයේ කතා තේමාව වන්නේ කාන්තාන්ගේ ඔසප් කාලය තුළ භාවිත කර සනීපාරක්ෂක තුවා නිපදවීමේ දී ඉන්දියාව තුළ මුල් බැසගත් මිත්‍යා විශ්වාසී සංස්කෘතික සහ ආගමික විශ්වාසයන් සමඟ සටන් කරමින් තම නිෂ්පාදනය ජයගත් උදාර මිනිසෙකුගේ කතා පුවත වේ.
ඉන්දියාවේ වාසය කළ අරුණාචලම් මුරුගනත්තම් නම් පුද්ගලයා තම බිරිඳ ඔසප් කාලය තුළ මුහුණ දෙන ගැටලුවලට පිළියමක් ලෙස පළමුවෙන්ම මේ සඳහා සටන් කිරීමට ගත් තීරණය අවසානයේ විශාල කතාබහට සහ විරෝධතාවන්ට ලක් විය.
ආක්ෂේ කුමාර් විසින් ලක්ෂ්මි ප්‍රසාද් නමින් අරුණාචලම්ගේ චරිතයට තම විශිෂ්ට රංගන දායකත්වය ලබා දෙනු ලබයි. 2018 වර්ශයේ දී වැඩිම ආදායම ලැබූ චිත්‍රපටය බවටත් 64 වන ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගැනීමට හැකි විය. සමාජ ගැටලුවක් පිළිබඳව කතා කළ හොඳම චිත්‍රපටයක් ලෙස පෑඩ් මෑන් චිත්‍රපටය හැඳින්වීය හැක.
4. දංගල් (Dhangal) IMDb 8.4/10

ඉන්දියානු සිනමාව තුළ වැඩිම ආදායම් වාර්තා හිමිකරගත් විශිෂ්ට චිත්‍රපටයක් ලෙස දංගල් චිත්‍රපටය හඳුනාගත හැක. 2016 වසරේ දී නිතේෂ් තිවාරි විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය තුළින් මල්ලවපොර ක්‍රීඩාවට තම ගැහැණු දරුවන් දෙදෙනාව යොමු කරමින් තමන්ගෙන් අත් හැරුණු සිහිනයට තම දරුවන් දෙදෙනාව රැගෙන ගිය වීර පියෙකුගේ කතාව පිළිබඳව දිග හැරේ.
මහාවීර් පොගට් යනු ඉන්දියානු මල්ලවපොර ශූරයෙකි. නමුත් එම හැකියාවෙන් තමන්ට සුදුසු ස්ථානයට ගමන් කිරීමට නොහැකිව අවසානයේ දී ගොවියෙකු ලෙස ජීවිතය ගෙවන ඔහු ඉන්දියාව තුළ ඇති සංස්කෘතික සහ ආගමික වටපිටාව නිසා කාන්තාවන්ට අහිමි වන අවස්ථාවක් තම දියණියන් දෙදෙනාට ලබ දීමට කටයුතු කරයි. දංගල් යනු ඉන්දියානු සිනමාවේ රන් සළකුණ ලෙස හැඳින්විය හැක.
5. සුපර් තර්ටී (Super Thirty) IMDb 8/10

විකාස් බාල් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2019 වසරේ දී තිරගත වූ මෙම චිත්‍රපටය තුළ ආනන්ද කුමාර් නම් වූ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සටන් කළ පුද්ගලයෙකු පිළිබඳව කතාවට ලක් කරනු ලබයි. ඔහු ගණිත ගුරුවරයෙක් මෙන්ම අධ්‍යාපනවේදියෙක් ද වේ.
සුපර් තර්ටී යනූ දුගී දරුවන් තිස්දෙනෙක් වේ. ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරමින් ඔවුන්ව සාර්ථකත්වය කරා ගෙන ගිය ගුරුවරයෙක් වූ ආනන්ද කුමාර් මුහුණ දුන් අභියෝග පිළිබඳව චිත්‍රපටය තුළ දිගහැරේ. රිතික් රෝෂන් විසින් ආනන්ද කුමාර්ගේ චරිතයට පණ පොවමින් ඔහුගේ විශිෂ්ට රංගන කුසලතාවට ඉදිරිපත් කරන අතර 2019 වසරේ දී වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටයද වේ.
මීට අමතරව තවත් චරිතාපදාන කතා විශාල ප්‍රමාණයක් බොලිවුඩ් සිනමාව තුළ නිර්මාණය විය. විවේක වෙලාවක දී බලන්න.දන්නා අයගේ නොදන්නා කතා වගේම අතීතයට වැළලී යන්න ඉඩ නොදී මතකයේ රැඳවිය යුතු ජීවන චරිත ගැන චිත්‍රපටයකින් හෝ දැනගන්න පුලුවන් වීම ප්රේක්ෂකයායින්ට ලැබෙන අවස්ථාවක් වේ.
රශ්මි මහේෂා ප්‍රනාන්දු