මද්‍යසාර කියන්නේ ලෝකයේ සෑම රටකම භාවිතා වන දෙයක්. බීමක් විදිහට විතරක් නෙමෙයි විශබීජ නාශක ලෙස පිරිසිදුකාරක ලෙස සහ මේ දිනවල නම් නැතුවම බැරි hand sanitizer විදිහට භාවිතා වෙන්නෙත් මේ ඇල්කොහොල්.
මිනිසෙකුට සාමාන්‍යයෙන් පානය කල හැකි උපරිම ඇල්කොහොල් ප්‍රතිශතයක් සහිත පානයන් ලෙස සලකන්නේ විස්කි සහ වොඩ්කා වගේ පානයන්. එම බීම වර්ග වල ඇල්කොහොල් ප්‍රතිශතය 40%ක් වගේ අගයක තමයි පවතින්නේ. ඇල්කොහොල් විශබීජ නාශකයක් ලෙස භාවිතා කිරීමේදී මේ ප්‍රතිශතය 70%- 80% අතර සාමාන්‍ය අගයක පවත්වා ගන්නවා.
නමුත් ඔබ දැන සිටියාද ලෝකයේ සමහර රටවල මිනිසුන් මේ විශබීජ නාශක වලටත් වඩා සාන්ද්‍ර මද්‍යසාර පානය කරන බවට. මේ මද්‍යසාර කෙතරම් ප්‍රභලද කියනවානම් ඇතැම් මද්‍යසාර ඉන්ධනයක් ලෙසත් භාවිතා කරන්න පුලුවන්.
1. Eeistii piiritus ( estonian spirit) 96.6%

සෝවියට් ජනරජයේ එස්ටෝනියා නම් ප්‍රාන්තයේ නිපදවන මද්‍යසාරීය පානයක් ලෙස එස්ටෝනියන් ස්පිරිට් හඳුන්වන්න පුලුවන්. මේ මද්‍යසාරය 96.6% ඇල්කොහොල් ප්‍රභලත්වයකින් යුක්තයි. ඒ වගේම මේ අගය තමයි වර්තමානයේදී වෙනත් කිසිවක් මිශ්‍ර නොකිරීමෙන් නිපදවා ගත හැකි උපරිම ඇල්කොහොල් ප්‍රතිශතය වන්නෙත්.
1983 වර්ශයේදී මේ එස්ටෝනියානු ස්ප්‍රීතු ලොව සාන්ද්‍රනය වැඩිම මද්‍යසාරීය පානය ලෙස ගිනස් පොතටද එකතු වුනා. ඒ ඇල්කොහොල් ප්‍රතිශතය 98%ක් ලෙස සටහන් කරමින්. නමුත් වර්තමානයේදී මේ ප්‍රභලත්වයට මද්‍යසාර සකස් කිරීමක් සිදු වන්නේ නෑ.
2. Cocoroco 96%

මේ බොලීවියානු පානය දෙවනි ස්ථානය උසුලන්නේ ඉතාම සුලු වෙනසකින්. මෙහි ඇල්කොහොල් ප්‍රභලත්වය සටහන් වන්නේ 96%ක් ලෙසින්. උක් ගසෙන් ලබා ගන්නා ග්ලූකෝස් මඟින් තමයි මේවා ආසූත කරගනු ලබන්නේ. මෙහි තිබෙන විශේශත්වය නම් අනිකුත් මද්‍යසාර මෙන් නොව මෙය ටින් එකක බහා තිබීමයි. එමනිසා මේ මද්‍යසාර භාවිතා කිරීමේදී තිනර් ටින් එකක් පානය කරනවා වගේ දැනෙනවා කියලයි සඳහන් වෙන්නෙ. මෙහි ප්‍රභලත්වය නිසාම බොහෝ රටවල මෙය තහනම් මද්‍යසාරයක්.
3. Spirytus rektyfikowany 96%

ස්පිරිටස් කියන්නේ කලින් සඳහන් පානයත් සමඟ සම දෙවන ස්ථානය හිමිකරගත් පානයයි. පෝලන්තයේ නිපදවන මෙයත් 96%ක ඇල්කොහොල් ප්‍රතිශතයක් තිබෙන පානයක්. ධාන්‍ය වලින් නිපදවන ඉතාම ප්‍රභල වොඩ්කා පානයක් ලෙස ස්පිරිටස් හඳුන්වන්න පුලුවන්.
4. Everclear 95%

මෙය නම් ඇමරිකාවේ ප්‍රසිද්ධ ඉතාම සැර බීමක්. ඉරිඟු වලින් සකස් කරන මේ පානය 95%ක ඇල්කොහොල් ප්‍රභලත්වයක් සහිත පානයක් වනවා.
5. Bruichladdich X4 92%

ස්කොට්ලන්ත මද්‍යසාරයක් වන මෙය ඉතාම සැර, මෝල්ට් මඟින් නිපදවන ලද විස්කි වර්ගයක්. සාමාන්‍ය විස්කි 4 වතාවක් ආසූත කර නිපදවා ගනියි. එක් වරක් BBC නාලිකාව මඟින් මේ මද්‍යසාරය භාවිතා කර සාර්ථකව කාර් රථයක් පනගන්වාද තිබෙනවා.
6. Poteen (poitin) 92%

අයර්ලන්තයේ දර්ශීය (typical) පානයක් වන මෙය 92% ක ඇල්කොහොල් ප්‍රතිශතයකින් යුතුයි. අර්තාපල්, බාර්ලි, කිරි මෝරු හෝ ධාන්‍ය මඟින් සාදා ගන්නා පොයිටින් මුලින්ම නිෂ්පාදන ආරම්භ කර ඇත්තේ 6 වන ශතවර්ෂයේදීයි. නමුත් වසර 300 ක පමණ කාලයක් පුරාවට මෙය සලකනු ලැබූවේ නීති විරෝධී moonshine (මූන්ශයින්) නම් පානයක් ලෙසටයි. 1977 වසරේදී මෙය යලි නීතිගත කර වෙළඳපලේ විකිණීමට හැකි පානයක් ලෙස නම් කරනු ලැබුවා. මේ වන විට වෙළඳපලේ දක්නට ලැබෙන ප්‍රභලත්වය ඉහලම පානය 90%ක ප්‍රභලත්වයක් උසුලනවා.
7. Hapsburg Gold Label Premium Reverse Absinthe 89.9%

චෙක් ජනරජය ප්‍රසිද්ධියක් උසුලනවා ඇබ්සින්ත් absynthe එසේ නැතිනම් පෙරන ලද මත්පැන් වලට. ඒවා අතරිනුත් උපරිම ඇල්කොහොල් ප්‍රතිශතයක් වූ 89.9%ක් සහිත මේ මද්‍යසාරය ප්‍රධාන තැනක් උසුලනවා.
8. Princer Shanghai Strength 88.8%
මෙයත් ස්කොට්ලන්ත වොඩ්කා පානයක්. ස්කොට්ලන්තය මේ ලැයිස්තුවේ 2 වරක් සඳහන් වූ එකම රටත් වනවා. අක්මාව සඳහා ඖශධයක් ලෙස භාවිතා වන milk thistle නම් කටු සහිත පැලෑටියකින් නිපදවන මෙය බොටැනිකල් වොඩ්කා පානයක් ලෙසයි සඳහන් වන්නේ. නමුත් මෙය නම් අක්මාවට හොඳක් කරනවාද කියා සැක සහිතයි.
9. Balkan 176 88%

තෙවරක් ආසූත කර 88%ක් මද්‍යසාර ප්‍රතිශතයක් සහිතව මෙය නිපදවන්නේ සර්බියාවේදීයි. මේ මට්ටමට සාන්ද්‍ර කර නිපදවීමට මේ පානය කුඩා ප්‍රමාණ වලින් නිශ්පාදනය සිදු කරන අතර මේ සෑම බෝතලයකම මේ පානය ගැන අනතුරු ඇඟවීම් 13ක් සඳහන් වනවා.
10. Sunset very strong rum 84.5%

ප්‍රභලතම මද්‍යසාරීය පාන අතර අවාසාන ස්ථානය හිමි කරගන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල නිපදවන වයිට් රම් white rum විශේෂයක්. 84.5%ක ප්‍රතිශතයක් සහිත මෙය මේ ලැයිස්තුවේ අනෙකුත් පානයන් හා සැසඳීමේදී එතරම් සාන්ද්‍ර නොවුනද මෙයත් පානය කිරීමට එතරම් සුදුසු ඇල්කොහොල් ප්‍රතිශතයක් නම් නොවෙයි.
සාමාන්‍ය අගයක මද්‍යසාර භාවිතා කිරීම වුවද ශරීරයට අහිතකර වන අතර මෙවැනි සාන්ද්‍ර මද්‍යසාර පානය කිරීම නම් කිසිසේත්ම ශරීර හිතකාමී නෑ.
පුන්සරා විජේතුංග
වෙනත් ලිපි – දන්නා රටක හොදම දේවල් වල විස්තර ටිකක් – ඉන්දියාව