ලෝකයේ ආර්ථිකයෙන්, වත්කම්වලින් විශාල ම කොටසක් හිමි රටවල් පිහිටා ඇත්තේ යුරෝපාකරයේ බව ප්‍රසිද්ධයි. යුරෝපයේ ජීවත්වීම පවා උසස් ලෙසයි බොහෝ දෙනා සලකන්නේ. විශේෂයෙන් ම තාක්ෂණික ප්‍රගමණයත් සමඟ ඉදිරියට යන මේ මහද්වීපික රටවල ඉහළ දළ ජාතික නිෂ්පාදනයක් වාර්තා වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුවට අනුව මේ යුරෝපාකරයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් 21,767 කි.

යුරෝපයේ දුප්පතුන් සිටින බවත් ගණනය කරනුයේ, ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදන අගයට සාපේක්ෂව ය. එහිදී දුප්පත්කමින් අන්තයට ගොස් ඇති රටවල් රැසක් හදුනාගත හැකිය. මෙහිදී දුප්පත්කමේ අන්තයට ගිය යුරෝපාකරයේ රටවල් ගැනයි මෙහිදී සොයාබලනුයේ.

1. Moldova

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය $ 2560

නැගෙනහිර යුරෝපයේ ගොඩබිම් සහිත රටකි. USR හී මුල් කාලීන ව කොටසක් ව පැවති නමුත් පසුකාලීන ව එනම් 1991 දී එය බිඳ වැටීමෙන් පසු ව බලශක්ති හිඟය, දේශපාලන අවිනිශ්චිතතාවය, වෙළෙඳ බාධක සහ දුර්වල පරිපාලන ධාරිතාව ආර්ථිකය පහත වැටීමට ලක්විය.

රටේම මුදල් ඒකකයක් හදුන්වා දෙන ලදී. රාජ්‍ය ව්‍යවසායකයින්ට අවස්ථාව ලබා නොදී, ස්ථාවර ඉඩම් පුද්ගලිකකරණයට ලක් කර, පොලී අනුපාතයන් නිදහස් කර ඇත. දීර්ඝකාලීන ව දුප්පත්කමින් පීඩා විදින රටකි.

2. Ukrain

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය $3560

නැගෙනහිර යුරෝපයේ රටකි. සෝවියට් පාලනයේ දෙවන විශාලත ම ආර්ථිකයක් හිමි ව තිබුණු අතර කෘෂිකර්මාන්තය හා කාර්මික අංශයන්ගෙන් වැඩි වේගයකින් ඉහළ ම ලාභ ලබා ඇත. නමුත් සෝවියට් දේශයේ බිඳවැටීමෙන් පසු ව දුප්පත්කමින් පීඩාවට පත්විය. යුක්‍රේන අර්බුදය කාලයක් පුරා ගෝලීය අවධානයට ලක් ව ඇත.

3. Kosovo

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය $ 3990

ගිනිකොණදිග යුරෝපයේ පිහිටා ඇති රටකි. 2008 පෙබරවාරි මාසයේදී සර්බියාවෙන් නිදහස ලබා ගෙන ඇත. මෙහි ඇත්තේ සංක්‍රාන්තික ආර්ථිකයකි.විදේශ ආධාර නොමැති ව රටේ දළ දේශීය නිෂ්පාදිතය 5% කින් වැඩි වී ඇත.

2009 ගෝලීය ආර්ථික අර්බුදය සහ ඊට පසු ව උද්ධමන අනුපාතය අවම මට්ටමක පැවතිණ. ආර්ථිකය පවත්වාගෙන යන්නේ වෙළෙඳාම ,සිල්ලර හා ඉදිකිරීම් යන අංශවලිනි.

4. Albinia

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය $ 4450

යුරෝපයේ ගිනිකොණ දිග පිහිටි රටකි. පෙර තිබූ සමාජවාදී ආර්ථිකයට පසු ව ධනේෂ්වර මිශ්‍ර ආර්ථිකයක් දක්වා පරිවර්තනය ව ඇත. රැකියා ව්‍යුක්තිකයින්ගෙන් ගහණ රටකි.

5. Bosnia and Herzeogovina

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය $ 4760

යුරෝපයේ ගිනිකොණදිග පිහිටුවා ඇත. යුද්ධයෙන් විනාශ වීමත්,මිශ්‍ර ආර්ථිකයෙන් ලිබරල් ආර්ථිකයට විතැන්වීමත් නිසා දර්ද්‍රතාවයට පත් වූ රටකි . අවම ආදායම් ඇති යුරෝපාකරයේ රටකි.

අනෙකුත් දරිද්‍රතා දර්ශකයේ රටවල් පහත පිළිවෙලට දැක්වේ.

Republic of Macedonia

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය $ 5150

Serbia

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය $ 5880

Montenegro

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය $ 7320

Bulgeria

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය $ 7620

Romania

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය $ 9520

ඉෂාන්ති අමරසිංහ

වෙනත් ලිපි – Google එකේ වැඩියෙන්ම හොයපු දේවල් මොනවද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *