ස්වාභාවික පරිසරය සුවදින් වගේම වර්ණවත් කරන මිල අධික ම මල් වර්ග ගැනයි අද කතාව. මල් කතා අතර යන යන තැන මල් පැලයක් හරි ගෙදර අරගෙන එන පුරුදු ඇති, මල් පැල වගා කරන වගේ ම, හදපු මල්වල අතු හොරෙන් හරි කඩාගෙන අයත් මේ අතර ඇති.

ගෙවත්ත සරසන මල් වර්ග නම් කියල ඉවර වෙන්න බැරි තරමින්. එක එක දේශගුණයන්ට මේ මල් ආවේණිකයි. මේ වෙද්දී මිලක් නියම කරන්න බැරි මල්, මිලක් නියම කර ඇති මල් සමහරවිට ඔබේ ගෙදර ඇති. මේක කියවල ම බලන්න මේ මල් ඔබේ ගෙදර තියෙනවද කියලා.

1. Kadupul

මිලක් නියම කළ නොහැකි එක ම මල

ලෝකයේ මිලක් නැති එකම මල කඩුපුල් බව වාර්තා අතර වෙයි. ලංකාවෙ කඩුපුල් නැති නිවසක් නැති තරම්. රාත්‍රියේ පිපෙන මලෙහි සුවද මෙන් ම සුන්දරත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

මිලක් නියම කළහොත් එය කිසිදා මිහිපිට අයෙකුට ගත නොහැකි බවයි සදහන් වන්නේ. වටිනාකම එයයි. වරකට මල් 700 කට වඩා මල් පිපෙන කඩුපුල් ශාකය ශ්‍රී ලංකාව ඇතුලු බොහෝ රටවල දැකගත හැකියි.

2. Juliet Rose

Juliet rose closeup

පවුම් මිලියන 3 රෝස ලෙස හැදින්වෙන මෙය ආසන්න වශයෙන් මිලියන 15.8 ක් ලෙස ගණනය ව ඇත. 2006 හදුන්වා දුන් මේ රෝස විශේෂය අපූරුම ස්වාභාවික දායාදයක්.

3. Shenzhen Nongke Orchid

ඕකිඩ් වර්ග ස්වාභාවික වනාන්තරවල හටගන්නා දුර්ලභ මල් විශේෂයක්. මේ වන විට මෙහි විවිධ ප්‍රභේදයන් වර්ධනය ව තිබෙනවා. කෘෂිකාර්මික පර්යේෂණ සංස්ථාවක් වන Shenzhen Nongke සමාගම විසින් රසායනාගාරයක් තුළ මෙය සංවර්ධනය කර ඇත.

මේ සදහා වසර 8 ක කාලයක් ගත කර ඇත. යුවාන් මිලියන 1.68 කට මිලකරණය කර ඇත. එය ඩොලර්වලින් 202,000 කි . 2005 දී එම මිලටම මේ මල අලෙවි වී ඇත.

4. Kinabalu Orchid

මැලේසියාවේ ජාතික වනෝද්‍යානයෙ ඇති මේ මල් විශේෂය ඕකිඩ් ප්‍රභේදයකි. එහි රන් අන්තර්ගත බව සදහන්. මෙහි එක් අත්තක් black market හී $ 5000 ට අලෙවි වන බව පැවසේ.

5. Saffron Crocus

කුංකුම ප්‍රසිද්ධ රූපලාවන්‍ය හා කුලුබඩු විශේෂයකි. මෙහි වටිනාකමින් යුතු මෙන් ම එහි දම් පැහැය විශේෂිතයි . මෙහි පොහොට්ටු $ 1500 ක් පමණ වන බව දක්වයි.

මල්වල වටිනාකම් ගැන මෙහෙම බලද්දී ඔබේ ගෙවත්තේ වටිනාකම වැඩි කරන්න පුලුවන් ස්වාභාවික මල් ගැන ඔබ සොයා බලන්න. සමහරවිට ඔබේ ගෙවත්තේ අපූරු මලටත් මෙහෙම මිලක් නියම වෙන්න ඉස්සරහට පුලුවන්.

ඉෂාන්ති අමරසිංහ

වෙනත් ලිපි – කෑමට පස්සේ කවදාවත් මේ දේවල් කරන්න එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *