මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ආහාර එක් අංගයක්. මිනිසාගේ පැවැත්මට මේ ආහාර විවිධාකාරයෙන් බලපෑම් කරනවා. මේ වෙද්දී ආහාර ගැන කතා කරද්දී ඒ හා සම්බන්ධ වන මිල ගැන ඇස් උඩ යන කතා ඇහෙන කාලයකයි අපි ඉන්නේ. ආහාර ගැනීමෙනුත් සමාජයේ පංති පරතර ඇතිවෙන බව ඈත අතීතයේ ඉදන් ම දැකගත හැකියි.
සමහරවිට මේ කියන්න යන කෑම ජීවිතේටවත් කන්න බැරි වෙන තරමේ ඉහළ ම මිල ගණන් බව තේරුම් ගන්න පුලුවන් .හැබැයි උත්සාහ කළොත් ඔබට මේ මිල ගණන්වලින් ම මිලට ගන්න පුලුවන් හැකියාවක් ළඟා කරගන්නත් පුලුවන්.
1. Bluefin Tuna

මිල ගණන සඳහන් වන්නේ පවුමකට ඩොලර් ($5,000 per Pound )ඉක්මවන මුදලකි. 2020 ටෝකියෝවේ ටොයොසු මාළු වෙළෙඳපලේදී රාත්තල් 600 ක බ්ලූටූනා මත්‍යසයෙකු. ඩො.මි 1.8 ($ 1.8 million) කට අලෙවි වී ඇත. ඝන මස් සහ රසවත් බවක් සහිත බව දැක්වේ. අත්ලන්තික් හා පැසිපික් සාගරවලින් ධීවරයින් මේ මත්‍යසයින් අල්ලා ගන්නා අතර මේ වන විට අධික ලෙස මසුන් ඇල්ලිම නිසා වඳවීමේ තර්ජනයටද ලක් ව ඇත.
2. Caviar

කැස්පියන් මුහුදේ Osetera සහ Beluga යන Caviar ( මාළු බිත්තර) මිල අධික ලෙස ගැනේ. ඉරානයේ Golden Almas Caviar ඉහළම මිල ගණන් හා Velvety රසයෙන් යුක්තය. මිලෙන් අධික ම Caviar ,Siberian Albino Strugeon මාලුවන්ගේ ඇති Strottarga Bianco ය. ඒවායෙහි කැරට් 22 රත්තරං ගුණයකින් යුක්ත බව සඳහන්. Strottarga Bianco තේ හැන්දක ප්‍රමාණය $ 37,000 කි.
3. Wagyu Beef

ජපානයෙන් පැමිණෙන මෙම ආහාරය ගව මස් විශේෂයකි . එහි මේදමය සහිත රසය සඳහා ප්‍රසිද්ධය. ඇමරිකානු Wagyu මස් ද ඇත. නමුත් මිල හා රසින් වැඩිම මස් ඇත්තේ ජපානයේ ය. මෙම මස් ගන්නේ කන්‍යා ගැහැනු එළදෙනුන්ගෙනි. පවුමකට ඩොලර් 200 ( $ 2000 Per Pound), ගවයෙකු $ 30,000 කි.
4. White Truffles

අල වැනි දිලීර විශේෂයක් වන මෙය ඉතාලියේ පීඩ්මොන්ට් සහ ටස්කනි ප්‍රදේශවල වගා කෙරේ. මේවයෙහි මිල දැක්වෙන්නෙ පවුමකට ඩොලර් 6000- 10,000 ( $6000-10,000 Per Pound)වශයෙනි. සූපවේදීන් මෙය භාවිත කරන්නේ ප්රවේශමෙනි. මුලුතැන්ගෙයි තිබිය යුතු උසස් ම ආහරයක් ලෙස White Truffles වලින් සෑදූ බටර් ආහාරයක් ලෙස පවතී.
5. Black Watermelon

ජපානයෙන් එන මේ පලතුර Densuke Melon ලෙසද හදුන්වයි. ජපානයෙන් හොකයිඩෝ දූපත නිජබිම වන අතර මේවා පැණි රසයෙන් යුක්තය. දැඩි රැකවරණයෙන් සාදන මේවායේ අස්වැන්න ලෙස වරකට ලැබෙන්නේ 100,000 කට වඩා අඩුවෙනි. මෙහි මිල $ 6000 ක් ලෙස සටහන් වේ. ජපානයේ මංගල උත්සවවල ප්‍රධාන තෑග්ගක් වශයෙන් මෙම ආහාරය පිරිනමයි.
ඉෂාන්ති අමරසිංහ
වෙනත් ලිපි – පාට පාට කෑම වලින් ලෙඩ සුවකරන Chromotherapy
1 Comment
Niyamai❤❤❤❤