අපි ජිවත් වන නිවස, ඒ වටපිටාව විසිතුරු ශාක වලින් ලස්සනට තියාගන්න අපි කවුරුත් හරිම කැමතියි. විශේෂයෙන් මේ දේට ගොඩක්ම කැමති කාන්තා පාර්ශවය තමා. ඉස්සර ගෙදර මිදුල විසිතුරු පැල වලින් ලස්සන කරත් අද වෙනකොට ගෘහස්තව ද විසිතුරු ශාක වලින් ලස්සන කරන්න පටන්ගෙන ඉවරයි. ගෘහස්තව විසිතුරු ශාක පැල සිටුවීමෙන් හරිත පරිසරය ඒ තුල නිර්මාණය වීම නිසා මානසිකව හොඳ හැඟීමක් ඇති කරනවා පමණක් නොව ඔබේ සමස්ත සෞඛ්‍යයද වැඩිවන අතර නිවසේ සුන්දරත්වය ද වැඩිවෙනවා.

ඉතින් අද සුදානම ගෙදරක විසිතුරු පැල සිටුවීම වගේම තමන්ගේ හෝ තමන් රාජකාරි කරන ආයතනය තුල විසිතුරු ශාක පැල සිටවීමෙන් අත්කරගත හැකි ප්‍රතිලාභ ගැන ඔබව දැනුවත් කරන්නයි. ඉතින් අපි බලමු ආයතනයක් විසිතුරු ශාක වලින් ලස්සන කරගත්තම අත්කරගත හැකි ප්‍රතිලාභ මොනවද කියලා.

1. සුන්දර වටපිටාවක් නිර්මාණය වීම

කාර්යාලයක් තුල විසිතුරු ශාක පැළ රෝපණය කල විට ඇස් දෙකට ප්‍රියමනාප හරිත පරිසරයක් ඒ තුල නිර්මාණය වෙනවා. මේ නිසා ඉතා ක්‍රියාශීලීව හා උද්යෝගිමත්ව තමන්ගේ රාජකාරි කල හැකි වීම සහ රාජකාරියට සුදුසු පරිසරයක් ආයතනය තුල ඇති වෙනවා.

2. මානසික ආතතිය අඩුවීම

විසිතුරු ශාක දෙස මිනිත්තු කිහිපයක් බලා සිටීම ආතතිය අවම කර ගැනීමට සහ ඔබේ මනෝභාවය වැඩි දියුණු කිරීමට පහසු ක්‍රමයක් බව කවුරුත් දන්නා කරුණකි. ඉතින් ආයතනයේ කාර්යබහුලත්වය ඇතුලු විවිධ හේතු නිසා ඇතිවන මානසික ආතතිය අඩු කරගන්න හොදම විදියක් තම තමන්ගේ ආයතනය ඇතුලේ වගේම කාර්යාල කාමරය තුලත් හොද විසිතුරු ශාක පැළ රෝපණය කරන එක.

3. වාතයේ ගුණාත්මකභාවය වැඩිවීම

ශාක ඔක්සිජන් හා ආර්ද්‍රතාවය වැඩි කරන අතර කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන බව ඔබ දන්නවා ඇති. විශේෂයෙන් කාර්‍යාල වැනි වාතය දුර්වල තත්ත්වයේ පවතින අවකාශයන්හි වාතය පිරිසිදු කිරීම සඳහා ඒවා අතිශයින්ම ප්‍රයෝජනවත් වන්නේ එබැවිනි.

එබැවින් කාර්යාලයේ විසිතුරු ශාක පැළ සිටුවීමෙන් සේවකයන්ට හොද සෞඛ්‍යමත් පරිසරයක් ඇති කරගත හැකිය.

4. ආයතනයේ ඵලදායිතාවය වැඩිවීම

මනෝභාවය වැඩි දියුණු කිරීම සහ ආතති මට්ටම අඩු කිරීම සඳහා ශාකවලට පුදුමාකාර දේ කළ හැකි බව අපි දැනටමත් තහවුරු කර ඇත්තෙමු. එබැවින් රාජකාරියට ප්‍රියමනාප පරිසරයක් තුල ක්‍රියාශීලිව හා උද්යෝගිමත්ව කටයුතු කරන විට මෙහි ප්‍රතිඵලයක් ලෙස ඵලදායිතාව ඉහළ නැංවීම පුදුමයක් නොවේ.

5. ආයතනයේ ප්‍රතිරූපය වර්ධනය වීම

අවසාන වශයෙන් ආයතනය සිත් ඇදගන්න සුළු ස්ථානයක බවට පත් වූ විට ආයතනයේ සේවදයකයන්ගේ සිත් ඇදගනීමට හා ඔවුන් තුල ආයතනය පිලිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගීම නිසා ආයතනයට හොද කීර්තිනාමයක් අත්වීම.

රාජිත ගයාන් විජේරත්න

වෙනත් ලිපි – පාට පාට කෑම වලින් ලෙඩ සුවකරන Chromotherapy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *