හිසකෙස් වගේම සමේ ආරක්ෂාවට ස්වාභාවික තෙල් භාවිත කරන බව ඉතිහාසයේ සිට ම සාක්ෂි සහිත ව ඔප්පු කළ හැකියි. ඊජිප්තුවේ ශිෂ්ටාචාරයන් තුළ තෙල් භාවිතාව හදුනාගත හැකියි. ග්‍රීක ක්‍රීඩකයින් ඔලිව් තෙල් ගැල්වූ බව සඳහන්. පොල් තෙල්, සූරියකාන්ත තෙල් වැඩි වශයෙන් භාවිත වීමත් ඒවායෙහි බොහෝ විට ආසාත්මිකතා ඇති නොවන මෝයිස්චරයිසර් ( Moistrurizer) ගුණයක් ඇති බව පර්යේෂණයන් හී හදුනාගෙන තිබෙනවා. ඉන්දියානු සංස්කෘතියේ ශරීරයේ තෙල් ගැල්වීම බොහෝ චාරිත්‍රවල අන්තර්ගත යි.

මේ ඔබේ අවධානය යොමු කරන්නේ සමට සුදුසු ස්වාභාවික තෙල් ගැනයි. මෙහිදී ඔබගේ වෛද්‍යවරයාගේ නිර්දේශය ලබා ගැනීම මෙහිදි ඉතා වැදගත්. මන්ද ඔබගෙ සමේ ස්වාභාවය හා ආසාත්මිකතා පිළිබඳ ව නිසි අවබොධයකින් තෙල් සත්කාර සඳහා යොමුවීම වැදගත් වන නිසා.

1. පොල් තෙල් ( Coconut oil)

පොල් තෙල් පහසුවෙන් සමට අවශෝෂණය වන අතර විටමින් E සහ K මෙන් ම දිලීර නාශක හා ප්‍රතිබැක්ටීරියා ගුණය මේ සතුයි. ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරන අතර වියළි බව දුරුකරනු ඇත.

මෙහිදී සම පැලීම්, වියළීම් ඇති විටෙක ශීත කළ සහ කලවම් නොකරන ලද පිරිසිදු පොල්තෙල් පමණක් භාවිත කිරීම වැදගත්. රාත්‍රී නින්දට යාමට පෙර පිරිසිදු පොල් තෙල් මුහුණේ සහ ශරීරයේ වියළි ස්ථානයන්හී ගැල්විය හැකියි මෙහිදී සමට උරා ගන්නා පරිදි ගැල්වීම වැදගත්.

2. ඔලිව් තෙල් (Olive Oil)

මෙහි ආසාත්මිකතා අවම බව පර්යේෂණ තුළ හදුනාගෙන ඇත. සමට හොඳම ප්‍රතිඵල සඳහා extra – virgin ප්‍රභේදය වඩාත් සුදුසුයි. විටමින් A,D,E සහ K අඩංගු වන අතර මෝයිස්චරයිසර් ( Moistrurizer) ලෙස මෙය භාවිතය ඉතා සුදුසුයි. ශරීරයට ම ගැල්විය හැකි සත්කාරකයක් බව විද්‍යාත්මක ව ඔප්පු කර ඇත.

කැලැල්, වියළි ස්වාභාවය දුරු කිරීමට මෙය හොද ප්‍රතිකාරයකි. හිරු එළියට නිරාවරණයෙන් පසු සමේ වියළීම් සදහා ඔලිව් ඔයිල් වඩාත් සුදුසු ය. අතිරේක අමුද්‍රව්‍යක් නොමැතිව සෘජුවම සමට ආලේප කළ හැකිය.

3. සූරියකාන්ත තෙල්( Sunflower Oil)

සූරියකාන්ත ශාක බීජවලින් මෙම තෙල් නිපදවයි. මෙහි විටමින් E බහුලව සපයයි. ස්වාභාවික මෝයිස්චරයිසර් ( Moistrurizer) සත්කාරයක් ලෙස ඉතා සුදුසු ම තෙල් විශේෂයකි. කුඩා දරුවන්ට සෑදෙන Atopic Dermatits (සමෙහි ඇති වන දද) රෝගයට වඩාත් ප්‍රතිකාරාත්මක තෙල් විශේෂයක් බව හදුනාගෙන ඇත. මෝයිස්චරයිසර් ( Moistrurizer) කිරීමට සහ සම්භාහනය උදෙසා මෙය භාවිත කළ හැකිය. මුහුණට ආලේපනයේදී ඇස් වලට වැටීමට ඉඩ නොදී අවශ්‍ය ප්‍රමාණය අත්ලෙන් සියුම් ව ගැල්විය හැක.

4. ෂියා බටර් ( Shea Butter)

අප්‍රිකානු ශාකයක් වන ෂියා ගසේ ගෙඩි වලින් ගත් ඝන ස්වරූපයේ ද්‍රාවණයකි. එය ශරීර උෂ්ණත්වයට දිය වේ. මෝයිස්චරයිසර් ( Moistrurizer) සත්කාර සඳහා වඩාත් සාර්ථක තෙල් විශේෂයකි.

එසේම පොල්තෙල් හා ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කර භාවිතයෙන් සමට මෘදුභාවය ලබා දෙයි.මෙය ඔබේ මුහුණට ගල්වන ක්‍රීම් සමග එක් කර භාවිත කළ හැකිය. නින්දට යාමට පෙර මුහුණේ ගැල්විය හැකිය.

5. ජොජෝබා තෙල් ( Jojoba Oil)

ජොජෝබා ශාකයේ නිජබිම් මෙක්සිකෝව සහ ඇමරිකාවෙ නිරිත දිගයි. එහි බීජවලින් තෙල් නිස්සාරණය කර ලබා ගනී. මෙය ඇමරිකානුවන්ගේ දේශීය ප්‍රතිකාර වට්ටෝරු අතර ඉහළින් ම ඇති අතර, ගෝලීය වශයෙන් චර්ම ප්‍රතිකාර සඳහා ජොජෝබා තෙල් වැඩි වශයෙන් භාවිත කරයි. පිලිස්සුම් සහ තුවාල සුව කිරීමේ විශේෂ ගුණයක් මේ සතුය.

6. ආමන්ඩ් තෙල් ( Almond Oil)

ආමන්ඩ් වලින් සාදන මෙම තෙල් විටමින් E, සින්ක්, සහ ප්‍රෝටීන්, පොටෑසියම්වලින් යුක්තයි. මුහුණේ ආලේපනයක් වශයෙන් වැඩි වශයෙන් භාවිත වෙයි.

මෙයින් ආසාත්මිකතා ඇතිවිය හැකි බැවින් සමේ ස්වාභාවය හදුනාගනිමින් භාවිත කළ යුතු බව නිර්දේශ අතර වේ. මෙය මුහුණු ආලේපනයක් ලෙස සියුම් ව ගැල්විය හැකිය. සම ක්‍රීම් සමගද එක් කර භාවිත කළ හැකියි.

7. මිදි තෙල් ( Grape Oil )

මිදි බීජවලින් නිෂ්පාදනය කර ඇති මේ තෙල් විටමින් E සහ C ,මේද අම්ලවලින් සමන්විත වේ. මෙය ප්‍රතිඔක්සිකාරක,ක්ෂුද්‍ර ජීවී නාශක ගුණාංගවලින් යුක්ත ය.

කුරුලෑ ඇතිවීම් වලකන ගුණාංග ඇති අතර සමේ මෘදුභාවය ආරක්ෂා කෙරේ.ඔබට නින්දට පෙර මෙය මුහුණේ ආලේප කළ හැකි අතර Body Cream භාවිත කරන්නේ නම් එයට drop කිහිපයක් දමා ආලේප කළ හැකියි.

8. රෝස තෙල් ( Rose Oil)

මෙම තෙල් කැලෑ රෝස පදුරු ( wild Rose bushes) වල සෑදෙන රෝස බීජ නිස්සාරණයෙන් ලබාගන්නා තෙල් වේ. මෙය ජනප්‍රිය ප්‍රතිකාරාත්මක තෙල් විශේෂයකි . මෙයින් මෝයිස්චරයිසර් ( Moistrurizer) ලෙස භාවිත කළ හැකිවීමත් සම වියපත්වීම වැළැක්විය හැකි බවටත් සඳහන්.

එසේම මේද අම්ල ,ප්‍රතිඔක්සිකාරක මෙන් ම ප්‍රෝටීන සහිත වේ. සමේ දැවිල්ල, දද ඇතිවීම් සඳහා භාවිත කළ හැකි අතර ප්‍රතිඵල ද ඉතා සාර්ථක බව සොයා ගෙන ඇත.සමේ වියළි, කැළැල්, සහ strech marks සඳහා සෘජුවම ආලේප කළ හැකියි.

මෙම තෙල් සත්කාර පිළිබඳ ව ඔබේ අවධානය යොමු කරන්නේ ස්වාභාවික ව ලබා ගන්නා සම්පත්වල අවශ්‍ය සත්කාරක ගුණාංග මතු කරන්නටයි. එසේම මේවා මේ වනවිට ලෝකයේ කුමන රටක සිටියත් ලබා ගැනීමට පහසු අතර මේ ක්‍රමයන් භාවිතයට පෙර ඔබේ සමේ ස්වාභාවය පිළිබද පූර්ව විමසුමක යෙදීමත් නිසි ක්‍රමවේද පිළිපැදීමත් ඉතා වැදගත්.

ඉෂාන්ති අමරසිංහ

වෙනත් ලිපි – ගැබ් නොගෙන සෙක්ස් කරන්න හොදම උපත් පාලන ක්‍රම
ඇස් යට දුර්වර්ණ වීමට හේතු සහ ස්වාභාවික සත්කාර මෙන්න
ලස්සන වෙන්න කෝපි වලින් කරන්න පුළුවන් සත්කාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *