හොලිවුඩයට පසු ලොව දෙවන විශාලතම චිත්‍රපට කර්මාන්තය බොලිවුඩ් වෙනවා. සිය ආකර්ෂණීය සුන්දරත්වයෙන් සහ දක්ෂ රංගන කුසලතාවන්ගෙන් යුත් ඉන්දියානු නිළියන් කිහිපදෙනෙකුම චිත්‍රපට කර්මාන්තය තුළ තම ස්ථානය දිනාගෙන තියෙනවා. ඉතින් මේ කියන්නෙ වර්තමාන ජනප්‍රියතාවය මත පදනම් වූ 2021 දී වඩාත්ම ලස්සන බොලිවුඩ් නිළියන් 10 දෙනා ගැනයි. බලන්න ඔයාගේ ලැයිස්තුවෙත් මෙයාලා ඉන්නවද කියලා.
1. දීපිකා පදුකෝන්

අද බොලිවුඩයේ සිටින ලස්සනම නිළිය තමයි දීපිකා පදුකෝන්. මේ විතරක් නෙමෙයි දීපිකා ලොව සිටින ලස්සනම කාන්තාවක් ලෙසත් නම් වෙලා තියෙනවා. 2018 දී ලොව බලවත්ම පුද්ගලයින් 100 දෙනා අතරට එක්වීමට මේ සුරූපී නිළිය සමත් වෙනවා. 1986 ජනවාරි 05 දින ඩෙන්මාර්කයේදී උපත ලබන ඇය 2007 දී තිරගත වූ ‘ඕම් ශාන්ති ඕම්’ චිත්‍රපටයේ හරහා බොලිවුඩ් සිනමාවට පිවිසෙනවා. මේ චිත්‍රපටය දීපිකාගේ හොදම නවක නිළිය සදහා වන ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගන්නවා.
දීපිකා විවාහ වී සිටින්නේ 2018 වසරේ සිට බොලිවුඩ් සිනමාවේ දක්ෂ නළුවෙක් වන රන්වීර් සිං සමගයි. මේ වනවිට බොලිවුඩයේ වැඩිම මුදලක් ගෙවන නිළියන් අතර දීපිකා පෙරමුණේ සිටින අතර බොලිවුඩයේ ධනවත්ම නිළිය ද වෙනවා.
2. ප්‍රියංකා චොප්රා ජෝනාස්

ප්‍රියංකා චොප්රා බොලිවුඩයේ 2වන ලස්සනම නිළිය වෙනවා වගේම ලෝකයේ සිටින ඉතාමත් රූමත් කාන්තාවන්ගෙන් කෙනෙකි. ප්‍රියංකා ගායිකාවක් වගේම චිත්‍රපට නිෂ්පාදිකාවක් ද වන අතර බොලිවුඩයේ වැඩිම වැටුප් ලබන නිළියන්ගෙන් කෙනෙකි. 1982 ජූලි 18 වන දින ඉන්දියාවේ ජම්ෂෙඩ්පූර්හිදී උපත ලබන ප්‍රියංකා චොප්රා Miss World 2000 කිරුළ දිනා ගන්නවා.
ද හීරෝ සිනමාපටය හරහා බොලිවුඩ් සිනමාවට පැමිණෙන ප්‍රියංකා ක්වන්ටිකෝ චිත්‍රපටිය හරහා හොලිවුඩ් මුහුණක් බවට ද පත්වී හමාරය. 2016 දී ඇය කීර්තිමත් පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලබනවා වගේම ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගේ ෆෝබ්ස් ලැයිස්තුවට ද ප්‍රියංකා චොප්රා ඇතුළත් වී තිබේ.
3. අනුෂ්කා ෂර්මා

බොලිවුඩ් සිනමාවේ ඉතාමත් ජනප්‍රිය, සුරූපී නිළියක් වන අනුෂ්කා ෂර්මා 2017 වසරේ දී ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලී සමග විවාහවීම නිසා ඇය ඉන්දියාව තුළ තවත් ජනප්‍රියත්වයට හා ප්‍රසිද්ධත්වයට පත්වී තිබේ.
අනුෂ්කා ෂර්මා බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ ෂාරුක් ඛාන් සමග රගපෑ රබ් නේ බනා දි ජෝඩ් චිත්‍රපටය හරහායි. ඇය විසින් ෆිල්ම් ෆෙයාර් සම්මානය ඇතුළු සම්මාන රාශියක් හිමිකරගෙන ඇති අතර බෑන්ඩ් බජා බරත්, සුල්තාන්, පීකේ, ජබ් තක් හයි ජාන්, ඒ දිල් හේ මුෂ්කිල් ඇගේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්.
4. කත්රිනා කයිෆ්

1983 ජූලී 16 හොංකොංහි උපත ලද කත්රිනා කයිෆ් ද බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ ඉහළම වැටුප් ලබන නිළියකි. ඇගේ දක්ෂ රංගන කුසලතාවයත්, විස්මිත නර්තන හැකියාව සහ අංග සම්පූර්ණ ශරීරයත් නිසා විශාල රසික හදවත් පිරිසක් ඇය වටා සිටිනවා.
2003 දී බූම් චිත්‍රපටය හරහා ඇය රංගනයට පිවිසෙන අතර නමස්තේ ලන්ඩන්, රාජනීති, ටයිගර්, සින්ඩා හේ, වෙල්කම්, භාරත්, එක් තා ටයිගර් චිත්‍රපට තුලින් කත්රිනා කයිෆ් විශාල රසික පිළිගැනීමකට ලක්වී තිබේ.
5. ජැකලින් ෆර්නැන්ඩස්

ජැකලින් ෆර්නැන්ඩස්ගේ ආකර්ෂණීය පෙනුම, සුන්දරත්වය නිසාම ඇය බොලිවුඩයේ සුරූපීම නිළියන් ලැයිස්තුවට ඇතුළත් වෙනවා. බහරේනයේ මනමා හි උපත ලබන ජැක්ලින් Miss World 2006 ලෙස කිරුළ පැළදුවා.
2010 වසරේ හොදම නවක නිළිය සදහා වූ ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට ඇකඩමි සම්මානය (IIFA), රේස් 2 චිත්‍රපටය සදහා හොදම සහය නිළිය සදහා වූ අයිෆා සම්මානය, 2014 වසරේ කික් චිත්‍රපටය සදහා වසරේ ස්ටයිල් අයිකනය සදහා ස්ටාර්ඩස්ට් සම්මානය ද ඇයට හිමිවෙනවා. මර්ඩර් 2, හවුස්ෆුල් 2, හවුස්ෆුල් 3, රේස් 2, කික් සහ ජුඩ්වා 2 ජැකලින්ගේ ජනප්‍රිය චිත්‍රපට අතර වෙනවා.
6. ආලියා භාත්

ආලියා භාත් බොලිවුඩ් සිනමාවේ සිටින ඉතාමත් ලස්සන ජනප්‍රිය නිළියකි. ආලියාගේ හුරුබුහුටි මුහුණ, සරාගී පෙනුම සහ විස්මිත රංගන කුසලතාවය නිසාම විශාල රසික පිරිසක් මැය වටා සිටි. ෆෝබ්ස් සගරාවට අනුව 2014 වසරේ සිට ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් 100 දෙනා අතරට ආලියා භාත් පැමිණ තිබේ.
ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක මහේෂ් භාත්ගේ සහ නිළි සෝනි රස්දාන්ගේ දියණිය වන ආලියා භාත් 1993 මාර්තු 15 දින මුම්බායි හීදී උපත ලබන අතර 2012 දී බොක්ස් ඔෆිස් හි ජනප්‍රිය වූ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටය හරහා ආලියා භාත් සිනමාවට පිවිසේ. හයිවේ, 2 ස්ටේට්ස්, හම්ප්ට් ෂර්මා කි දුල්හානියා, ෂාන්ඩාර්, උඩ්තා පන්ජාබ්, බද්රිනාත් කි දුල්හානියා, රාසි සහ ගලි බෝයි ආලියාගේ කැපී පෙනුන ජනප්‍රිය චිත්‍රපට වෙනවා.
7. කන්ගනා රනෞත්

බොලිවුඩයේ කන්ගනා රනෞත් කියන්නේම සිය විශිෂ්ට රංගනයන් තුළින් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කළ රූමත් නිළියක්. 2020 දී පද්ම ශ්‍රී නම් ගෞරවනීය සම්මානයෙන් මේ රූමත් නිළිය පිදුම් ලබනවා.
කන්ගනා ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් 100 දෙනාගේ ලයිස්තුවට හය වතාවක් ඇතුලත් වී තිබේ. 2006 දී ගැන්ග්ස්ටර් චිත්‍රපටය හරහා කන්ගනා සිය රංගන දිවියට පිවිසෙනවා වගේම ඇය රගපෑ ලම්හේ, ලයිෆ් ඉන් අ…..මෙට්‍රෝ සහ ෆැෂන් චිත්‍රපට සදහා විශාල පිළිගැනීමක් හිමිකරගෙන ඇත.
8. කියාරා අද්වානි

කියාරා අද්වානි යනු බොලිවුඩයේ ලස්සනම නිළියන් ලැයිස්තුවේ සිටින තවත් නමක්. ඇය ඉපදුණේ 1992 ජූලි 31 වෙනිදා. සිනමාවට පිවිසීමට කියාරා අද්වානිගේ මුල් නම ඇලියා අද්වානි වෙනවා.
කියාරා 2014 දී බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ කබීර් සදානන්දන්ගේ ෆුග්ලි සිනමාපටය හරහා. 2016 දී එම්.එස්. දෝනි නොකියූ කතාව යන ක්‍රීඩා චරිතාපාදනයට රංගන දායකත්වය ලබාදෙනවා. 2018 දී නෙට්ෆ්ලික්ස් ඇන්තලොජිකල් චිත්‍රපටය වන ලස්ට් ස්ටෝරිස් හි විශිෂ්ඨ රංගනය නිසාම කියාරා විචාරක ප්‍රසාදයට ලක්වෙනවා.
9. සාරා අලි ඛාන්

නළු සායිෆ් අලි ඛාන්ගේ සහ අම්රිතා සිංගේ දියණිය වන සාරා අලි ඛාන් ඉතා කෙටි කාලයක් තුළ බොලිවුඩයේ සාර්තක වූ නිළියක්. අතිශය රූමත් නිළියක් වන සාරා රංගනයට පිවිසෙන්නේ දිවංගත නළු සුෂාන්ත් සිං රාජ්පුත් රංගනයෙන් දායක වූ කේදර්නාත් චිත්‍රපටය හරහායි.
ඇය විසින් කේදර්නාත් සිනමාපටය සදහා හොදම නවක නිළිය සදහා ෆිල්ම් ෆෙයාර් සම්මානය ද ලබාගන්නවා. රන්වීර් සිං සමග රඟපෑ සිම්බා බොක්ස් ඔෆිස් චිත්‍රපටය සාරාගේ කැපී පෙනුන ජනප්‍රිය සිනමාපටයක්.
10. ශ්‍රද්ධා කපූර්

ශක්ති කපූර්ගේ දියණිය වන ශ්‍රද්දා කපූර් බොලිවුඩ්හි සිටින තවත් සුරූපි නිළියක්. 1987 මාර්තු 03 උපත ලද ඇය ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය හා වැඩිම වැඩුප් ලබන නිළියන්ගේ ළයිස්තුවට ඇතුළත් වෙනවා. චිත්‍රපටිවල රගපෑමට අමතරව කපූර් ඇගේ ගීත කිහිපයක් ද ගායනා කර තිබේ.
වාණිජමය වශයෙන් සාර්තක ආෂික් 2 (2013) සිනමාපටය සදහා කපූර් විශාල ජනප්‍රියතාවයක් හිමිකරගත් අතර ඒක් විලන් (2014), ඒබීසීඩී 2 (2015), බාගී (2016), ස්ට්‍රීට් ඩාන්සර් (2018), සාහෝ (2019), චිචෝර් (2019) ශ්‍රද්දා කපූර්ගේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් වේ.
ලක්මි චතුරංගනි
වෙනත් ලිපි – බොලිවුඩ් සිනමාවේ චරිතාපදාන චිත්‍රපට 05ක්