ක්‍රිකට් කියන්නෙ අපෙ ජාතික ක්‍රීඩාව නොවුනට, මේ ක්‍රීඩාවට කොතරම් මිනිස්සු ආදරෙයි ද කියන එක 2021 දී හොදින් ම දැනුණු කාලයක්. ඒ තරමට ම සංවේදී ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්න බව කිව්වොත් වැරැද්දක් නෑ. ජය පැරදුම එකසේ භාරගැනීමත්, ඊට හුරු කිරීමත් ක්‍රීඩාව තුළ වන හික්මවීමක්. ලෝකෙ රටවල් 200 කට එහා තිබුනත්, ලෝකෙ ක්‍රිකට් උද්‍යෝගිමත් ම ක්‍රීඩාව වගේ ම ඒක අදහන බැතිමතුන් ,කොටින් ම කිව්වොත් වැද නමස්කාර කරන ජීවිතේ ම ක්‍රිකට් කරගත්තු අය නැතිව නෙවෙයි. අපි වගේම ඒ සංවේදීකම ක්‍රීඩකයින්ටත් එසේමයි.

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සුවිශේෂ සිදුවීම් එක්ක මුලු ලෝකයක් සංවේදී වුණ අවස්ථා කිහිපයක් ගැනයි මේ කතාව.

1. සචින් තෙන්ඩුල්කාර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම

The Master Blaster ලෙස හැදින්වූ ඔහු දශක දෙකකට වැඩි කාලයක් ක්‍රිකට් ලොව දස්කම් දැක්විය. දර්ශනීය පිති හරඹයන් අමතක කළ නොහැකි ය. ඔහු ක්‍රිකට් පිටියට සමුදීම ලොවක් කම්පා කළ අතර, ඔහුගේ සමුදීමේ කතාව ඉතා හැගුම්බර එකක් විය.

2. ස්ටීව් ස්මිත් විසින් ෆිල් හියුස් වෙනුවෙන් කළ උපහාරය

ක්‍රීඩා කරන අතර තුර වූ අනතුරකින් මරණයට පත් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස්ගේ වියෝවෙන් පසු තරග කල්දැමීමක් විය. පසුව නැවත ඉන්දියාවට vs ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හී පැවති තරඟයේදී ශතකයක් රැස් කරමින් ජයග්‍රහණය සමඟ සිය හිස් වැස්ම ගළවා පීටියේ සීමාවට ගොස් ස්ටීව් ස්මිත් විසින් ෆිල් හියුස් වෙනුවෙන් උපහාර දැක්වීම බොහෝ දෙනා සංවේදී කළ අවස්ථාවකි.

3. 2011 ලෝක කුසලාන ජයග්‍රහණය

M .S දෝණි සිය අවසන් හයේ පහරත් සමඟ ලෝක කුසලාන ජයග්‍රහණය සනිටුහන් කළ විට කණ්ඩායමේ සියල්ලම කදුලු සලමින් සංවේදී වීම බොහෝ දෙනාගේ අවධානය ලක්විය. සිය ජයග්‍රහණයෙන් පසු අතිශය සංවේදී වූ මොහොතක් ලෙස මෙය ඉතිහාසයට එක්විය.

4. 2015 දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගයෙන් ඉවත් වීම

2015 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේදී J P Duminy අතින් නවසීලන්ත ක්‍රීඩක Grant Eliot දැවී යාමෙන් ලැබූ සතුට සමඟ සිටියද ,අවසන් පන්දු වාරයේ නවසීලන්ත ක්‍රීඩකයාගේ හයේ පහරින් දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු බිද වැටීම නිසා කණ්ඩායම අතිශය සංවේදී කළ බව සටහන් වේ.

5. සංගක්කාර හා මහේලගේ T 20 සමුදීම

2014 T 20 කිරුළ සමඟ සංගක්කාර හා මහේලගේ සමුදීම ලාංකික මෙන් ම ලෝකයක් සංවේදී කළ අවස්ථාවකි. ICC කිරුළ අභියසට ම කෙසේ හෝ තම කණ්ඩායම රැගෙන පැමිණ අවසන් තරඟයේදී වූ පැරදුම නැවත අභියෝගයක් කොටගෙන තරග කළ විශිෂ්ට ක්‍රීඩක දෙපලක් මෙසේ සමුදීමේ අතිශය සංවේදී අවස්ථාවකි.

ලෝකයක් ඔල්වරසන් දෙන මහත්වරුන්ගේ ක්‍රීඩාව තුළ පරස්පරතා කිසිවක් නැත. පාට පක්ෂ නැත. රට රටවල් වෙනම තරග කළද මේ යන්නේ ලෝකයක් ඔල්වරසන් දෙන සාමය වෙතට බව නුවණින් දැන දිනුම -පැරදුම සම සිතින් දරාගෙන සැනසිය යුතුය.

ඉෂාන්ති අමරසිංහ

වෙනත් ලිපි – ඔසප් කාලයට භාවිතා කරන්න පුළුවන් සනීපාරක්ෂක ක්‍රම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *