ක්‍රිකට් ක්‍රීඩාව “මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වුවත් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන සෑම විටම බැරෑරුම් නොවන බව ක්‍රිකට් රසිකයා දන්නා කරුණක් . ඕනෑ ම ක්‍රීඩාවක මෙන් ක්‍රීඩකයින්ගේ ජීවමාන හාස්‍යජනක හැසිරීම් ක්‍රිකට් ඉතිහාසය තුළ සිනහවෙන් සනිටුහන් කළ අවස්ථා නැතුවම නොවෙයි.

මේ කතාව ක්‍රිකට් ක්‍රීඩාව අතරතුර ප්‍රේක්ෂකයන් සහ ක්‍රීඩකයින් සිය විනෝදය ප්‍රකාශ කළ අමතක නොවන අවස්ථා ගැනයි.

අපේ වැදගත් සහ රසවත් ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න!

1. Mark Richardson මාර්ක් රිචඩ්සන්

ඔහු නමින් සියලු දෙනා දන්නා ක්‍රීඩකයෙක්. ඔහු ඉන්දියාව හා නවසීලන්තය අතර පැවති තරඟයේදී පිතිකරණ යෙන් පසුව ආ මාංශ පේශී කැක්කුම හේතුවෙන් බිම ඇද වැටීමෙන් පසු ඔහු කෑ ගැසූ ආකාරය ප්‍රේක්ෂකයන්, ක්‍රීඩකයින් සහ විනිසුරුවරුන් සිනහවට ලක් කළ අවස්ථාවක් විය.

2. Lou Vincent (ලූ වින්සන්ට්)

ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්මයජනක උඩ පන්දු රැකීම් ක්‍රිකට් පිටියේ සීමාවේ සිදුවන ආකාරය බොහෝ දෙනා උනන්දුවට පත් කරවන්නක්. නවසීලන්ත ක්‍රීඩක ලූ වින්සන්ට් හතරේ සීමාවේ සිට පන්දු රැකීමට උත්සාහ කරන විට ඔහුගේ කලිසම ගැළවී වැටීම සියල්ලන් සිනහවට ලක් කර ඇත .

3. Inzamam ul Haq (ඉන්සමාම් උල් හක්)

ලෝකයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සිටින මොහු පාකිස්තානයේ හොඳම පිතිකරුවෙකු ලෙස මොහු සැලකේ. ඔහු හොදින් පිතිකරනයෙන් දස්කම් පාන අතර කඩුලු අතර දිවීමේදී ඔහුගේ ශක්තිය ඉතා අවම බැවින් බොහෝ අවස්ථාවලදී දුවද්දී දැවීයාමට ඔහු ලක්වීම බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.

4. Ajit Agakar (අජිත් අගාර්කර්)

2000 මුල් භාගයේ ඉන්දියානු පන්දු යැවීමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස මොහු හදුනාගත හැකියි . එසේම පිතිකරනයෙන් ද ඔහු දස්කම් පා ඇත. ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදි අවස්ථාවකදී ලකුණක් ගත් පසු ඔහු ශතකයක් ගත්තාක් මෙන් පිතිය ඔසවා කළ ඉරියව්ව ප්‍රේක්ෂකයන් සිනහවට ලක් කළ අවස්ථාවකි .

5. Thilakarathne Dilshan (තිලකරත්න දිල්ෂාන්)

බංග්ලාදේශයට එරෙහිව කළ තරඟයේදී තිලකරත්න දිල්ෂාන් ට ගුරුත්වාකර්ශන පාඩමක් ඉගැන්වූ දවසක් විය. ඔහු කඩුලු රකින ඉසව්වේ සිට කඩුල්ල දැවී ගිය අවස්ථාව සමරන්නේ පන්දුව ගුවනට මුදාහැරීමෙන්.

එහෙත් එම පන්දුව ම නැවත දිල්ෂාන් ගේ හිසට පතිතවීම සියල්ලම නොසිතූ ලෙස සිදුවීම සියල්ලම සිනහවට ලක් කළ අවස්ථාවකි.

6. Bil Bowden (බිලී බෝඩන්)

ඔහු තරඟ විනිසිරුවරයෙකි. ඔහු පිටියේ විවිධ හාස්‍යජනක ඉරියව් සමඟ සිනහව ගෙන එන විනිසුරුවරුන් අතර ඉහළින් ම සිටී.

7. Andrew Strauss (ඇන්ඩෲ ස්ටෝර්ස්)

එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවති ටෙස්ට් තරඟයක් අතර තුර අනපේක්ෂිත සිදුවීමක් සිදුවිය. ඇන්ඩෲ ස්ටෝර්ස් සියතට පන්දුව පැමිණි පසු ඔහු පැළඳ සිටි අව් කණ්ණාඩිය ගැලවී විසිවිය. ඔහු පන්දුව කඩුල්ල දෙසට එසැණින් කඩුල්ල දෙසට විසි කරන විට එය ඒ වන විට විසිවෙමින් තිබූ අව් කණ්ණාඩියට වැදී එය කැඩී ගොස් කඩුල්ල වෙත ළඟා වීම බොහෝ දෙනා සිනහවට ලක් කළ අවස්ථාවක් විය .

8. Sachin Tendulkar (සචින් තෙන්ඩුල්කාර්)

විශිෂ්ටතම පිතිකරනයෙන් දස්කම් පෑ ඔහු තවමත් බොහෝ දෙනාගේ සිතෙහි ඇති වීරයෙකි.අනිල් කුම්බ්ලේ සමඟ පිතිකරනයේ යෙදෙන අතර දෙදෙනා ලකුණකට මාරුවන විට පැති මාරුවේදී වන දැවීයාම සහ පැති නිසි සමබර නොකිරීම තුළ වන සර්කස් එකක් බව එය විශ්ලේෂණය කළ විනිසුරුවරුන් සිනහවෙන් පවසන ලදී.

9. Dwayne Smith (ඩ්වේන් ස්මිත්)

මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කින්ග්ස් අතර විශේෂ තරඟයේදී ,ඩ්වේන් ස්මිත් ඕෆ්සයිඩ් පහරක් එල්ල කර ලකුණක් ලබා ගත්තේ ය. නැවත ඔහු ලකුණක් ලබා ගැනීමට දිව යන විට ඔහු දැවී යාමට ආසන්න වුවත් මෙහිදී වැරදි පන්දු රැකීම් නිසා ඔහු දැවී යාමට ලක් නොවීම හාස්‍යජනක එකක් විය .

10. Zaheer Khan (සහීර් ඛාන්)

ඉන්දියාව හා පාකිස්තානය අතර ප්‍රබල තරඟයේදී ප්‍රේක්ෂකයන් අතර තරුණියක් “love you Zaheer ” ලෙස සටහන් වූ පුවරුවක් අතැතිව සිටින දර්ශනය කැමරාවට හසු වූ අතර, ඇයව කැමරාවට හසුකර ඊළග රුව ලෙස සහීර් ඛාන් වෙත යොමුවීම බොහෝ දෙනාගේ අවධානය දිනාගත් අතර ප්‍රේක්ෂකයන් සිය සතුට ප්‍රකාශ කළ විශේෂ අවස්ථාවක් විය.

ඉෂාන්ති අමරසිංහ

වෙනත් ලිපි – ක්‍රිකට් දිනපොත සංවේදී කල තැන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *