ලෝකයේ රටවල ජාතික ණය ගැන කතා කරන විට, අපි බොහෝ විට ඉහළම ණය ඇති රටවල් කෙරෙහි අවධානය යොමු කරමු. උදාහරණයක් ලෙස ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 235.96ක් සමඟ ලෝකයේ වැඩිම ජාතික ණයක් ගෙවීමට ඇත.ඔවුන්ගේ ණය අනුපාතයෙහි සැලකිය යුතු ගැටළු ඇති තවත් රටවල් කිහිපයක් තිබේ. මෙම රටවල් අතරට එක්සත් ජනපදය සහ කැනඩාව ඇතුළත් වේ. නමුත් මේ වන විට එම රටවල් දැනට ණය කළමනාකරණය කර පාලනය කර ඇති බව පෙනේ. බොහෝ ඇමරිකානුවන් සහ කැනේඩියානුවන් ඔවුන්ගේ ණය ප්‍රයෝජනයට ගැනීම සඳහා නව ක්‍රම අනුගමනය කරති.එමඟින් ඔවුන්ගේ මූල්‍ය කටයුතු වඩාත් නම්‍යශීලී ලෙස කළමනාකරණය කිරීමට උපකාරී ව ඇත.

කෙසේ වෙතත්, මෙම ආකාරයෙන් වාර්තාවල සඳහන් නොවන ණය අනුපාතික රටවල් ගැනයි මේ සොයාබැලීම.

1. බෲනායි (GDP: 2.46%)

බෲනායි යනු ණය අඩුම රටවලින් එකකි. එය 439,000 ජනගහනයක් අතර සියයට 2.46 ක දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ඇති අතර, එබැවින් ලෝකයේ අඩුම ණය සහිත රට බවට මෙය සඳහන් කළ හැකියි . බෲනායි යනු අග්නිදිග ආසියාවේ පිහිටා ඉතා කුඩා රටකි.

එසේ තිබියදීත්, බෲනායි එහි ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු සංවර්ධනය මත පදනම්ව ධනවත්ම රටවලින් එකක් ලෙස ශ්‍රේණිගත කර ඇත. 1984 දී එක්සත් රාජධානියේ පාලනයෙන් නිදහස ලබා ගත් පසු, 1990 ගණන්වල සිට ආර්ථික වර්ධනය වේගවත් විය.

2. ඇෆ්ගනිස්ථානය (GDP: 6.32%)

මිලියන 37 ක ජනගහනයකින් ඇෆ්ගනිස්තානය දළ දේශීය නිෂ්පාදිතයට සියයට 6.32 ක ණයක් ඇත. එරට ඩොලර් බිලියන 6 කට වැඩි භාණ්ඩ ආනයනය කරයි. වාර්ෂිකව ඩොලර් මිලියන 658 අපනයනය කරයි. මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.5 ට වඩා අඩුය.

ඇෆ්ගනිස්ථානයේ ඛනිජ නිධි ඩොලර් ට්‍රිලියන 1කට වඩා ඇතත් තවමත් ලෝකයේ අඩුම සංවර්ධිත රටවලින් එකකි. කෘෂිකාර්මික නිෂ්පාදනය ජාතියේ ආර්ථික සංවර්ධනය පිටුපස ඇති මාර්ගෝපදේශක බලවේගය ලෙස පවතී.

3. එස්තෝනියාව (GDP: 8.12%)

එස්තෝනියාව ණය අඩුම රටවලින් එකකි. එය මිලියන 1.3 ක ජනගහනයක් සහිත රටකි. දළ දේශීය නිෂ්පාදිතයට සියයට 8.12 ක ණය අනුපාතයක් වාර්තා කරයි. එස්තෝනියාවේ සමතුලිත අයවැය සහ නොපවතින රාජ්‍ය ණය නිසා එය යුරෝපා සංගමයේ අඩුම ණය ඇති රට බවට පත් කර ඇත.

ඔවුන් පැතලි අනුපාත ආදායම් බද්දක්, නිදහස් වෙළඳාමක්, නවෝත්පාදන ශක්තිමත් සංස්කෘතියක් සහ තරඟකාරී වාණිජ බැංකු අංශයක් පවත්වාගෙන යයි. එස්තෝනියාව අඛණ්ඩ වේගවත් ආර්ථික වර්ධනයකින් ශක්තිමත් කර ඇත.

4. බොට්ස්වානා (GDP: 12.84%)

මිලියන 2.3 ක ජනගහනයක් සිටින බොට්ස්වානා හි දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 12.84 ක ණයක් ඇත. 2009 දී දකුණු අප්‍රිකාවේ ගොඩබිම් සහිත වන භූමියක් ලෙස බොට්ස්වානා එක්සත් ජනපද රජයෙන් ඩොලර් මිලියන 7 ක් ලබාගත්තේ සංරක්ෂණ ප්‍රයත්නයන් වැඩි කිරීමට මෙන්ම ඔවුන්ගේ ණය අඩු කර ගැනීමට උපකාර කිරීම සඳහා ය.

එතැන් සිට, බොට්ස්වානා රටට විශාල බලපෑමක් ඇති කරන සම්පත් අධික ලෙස සූරාකෑම නොතකා ස්ථාවර මූල්‍ය ප්‍රතිපත්ති පවත්වාගෙන යාමට ඉඩ ලැබී ඇත.

5. කොංගෝ (GDP: 13.31%)

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය මිලියන 86 ක ජනගහනයක් ඇති රටකි. දළ දේශීය නිෂ්පාදිතයට සියයට 13.31 ක ණයක් පවත්වාගෙන යයි. එය උප සහරා අප්‍රිකාවේ විශාලතම රට වන අතර සමාජ-දේශපාලන ගැටුම්වලින් නිරන්තරයෙන් බැට කන රටකි. 2015 සිට, එය අඛණ්ඩ හමුදා ගැටුමක ප්‍රධාන ස්ථානයකි.

ස්වාභාවික සම්පත්වලින් පොහොසත් කොංගෝවේ දේශපාලන ස්ථාවරත්වය කෙසේ වුවත් යටිතල පහසුකම් හෝ ප්‍රමාණවත් ලෙස වගා කිරීමට සහ ආර්ථික වර්ධනය සඳහා භාවිතා කිරීමට විශිෂ්ට දැනුමක් තවමත් නොමැත

6. සොලමන් දූපත් (GDP: 16.41%)

සොලමන් දූපත් 635,000 ජනගහනයක් ඇති ප්‍රදේශයකි. දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට සියයට 16.41 ක ණයක් ඇත . ප්‍රධාන දූපත් හයකින් සහ කුඩා දූපත් 900 කින් සමන්විත සොලමන් දූපත් 2002 දී රජය බංකොලොත් වූ පසු ද කෙසේ හෝ බොහෝ දුරක් පැමිණ ඇත.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, යුරෝපා සංගමය, ජපානය සහ චීනය වැනි ආධාර සහ පරිත්‍යාගශීලීන් කලාපය යථා තත්ත්වයට පත් කිරීමට සහය ව ඇත . එය තවමත් අඩු සංවර්ධිත රටක් වුවද එහි ආර්ථිකය ඉහළ මට්ටමේ පවතී .

7. එක්සත් අරාබි එමීර් රාජ්‍යය (GDP: 19.35%)

මිලියන 9.7 ක ජනගහනයක් සිටින රාජ්‍යයකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට සියයට 19.35 ක ණයක් ගෙන ඇති අතර, එය අඩුම ණය ඇති රටවලින් එකකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෙල් හා ගෑස් මත යැපෙමින් සංවර්ධනය වී ඇති අතර සංචාරක ව්‍යාපාරය සහ ආයතනික ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර එය බටහිර ඉදිරි දර්ශනයකින් ඔවුන්ව උසස් කිරීමට උපකාරී වී ඇත.

පසුගිය දශක තුන තුළ ආර්ථිකය ශක්තිමත් වූ විට, මැදපෙරදිගට මාර්ගයක් සොයන සංවිධානවලට මෙන්ම ජනතාවට වැඩි ඉඩක සපයන ලදී. එක්සත් අරාබි එමීර් රාජ්‍යය රට සතු සම්පත්වලින් බොහෝ ප්‍රතිලාභ ලබා ඇත.

8. රුසියාව (GDP: 19.48%)

මිලියන 144 කට වැඩි ජනගහනයක් සහිත රටකි. රුසියානු ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදිතයට සියයට 19.48 ක ණයක් ගෙන ඇත. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුව, රුසියාව සිය ණය ආපසු ගෙවීමට අරගල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1998 දී අවසානයේ මූල්‍ය අර්බුදයක් ඇති විය.

කෙසේ වෙතත්, 2006 වන විට රුසියාව අවසානයේ සිය දැවැන්ත ණය කොටසින් බොහොමයක් ආපසු ගෙවා තිබුණි. එතැන් සිට, රුසියානු ආර්ථිකය බලාපොරොත්තු වූවාට වර්ධනය වෙමින් ,2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් මිදීමට සමත්වීම ඇතුළුව අඛණ්ඩව බොහෝ ශක්තීන් ලබා ගෙන ඇත .

9. මයික්‍රොනීසියාව (GDP: 20.55%)

එතරම් ප්‍රසිද්ධ නැති රටක් වන මයික්‍රොනීසියාව 106,000 ජනගහනයක් සමඟ ගමන් කරන රටකි. දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට සියයට 20.55 ක ණයක ඇත. මයික්‍රොනීසියාව කුඩා දූපත් දහස් ගණනකින් සමන්විත වන අතර ඕෂනියාවේ උප ප්‍රදේශයක පොලිනීසියාව සහ මෙලනීසියාව ආසන්නයේ හදුනාගත හැකිය.

මේ රටෙන් විශාල ආදායමක් ලැබෙන්නේ ධීවර සම්පත් විදේශ රටවලට විකිණීමෙනි. සංචාරක කර්මාන්තය කොරල්පර ගවේෂණය කිරීමට සහ WWII සිට ගිලී ගිය නැව් නැරඹීමට පැමිණෙන සංචාරකයන් දිනාගෙන ඇත.

10. උස්බෙකිස්තානය (GDP: 20.65%)

මිලියන 32 ක ජනගහනයක් සිටින රටකි උස්බෙකිස්තානය. දළ දේශීය නිෂ්පාදිතයට සියයට 20.65 ක ණයක් පවත්වාගෙන යයි. උස්බෙකිස්තානයේ ආර්ථිකය මේ වන විට වෙළෙඳපොල ආර්ථිකයකට පරිවර්තනය වෙමින් පවතී. එහි විදේශ වෙළෙඳ ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ ආනයන ආදේශනය මතය.

රට කපු සඳහා ප්‍රධාන අපනයනකරුවෙකු ලෙස දීර්ඝකාලීන ව කටයුතු කරයි. උස්බෙකිස්තානය ලොව විශාලතම විවෘත රන් ආකරයට උරුමකම් කියයි. මධ්‍යම ආසියාවේ විශාලතම විදුලි නිෂ්පාදකයා වන අතර, පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ වඩා හොද ආදර්ශවත් පසුබිමක් ඇති අතර එය ඉදිරි දශකයේ දී විශිෂ්ට තැනකට පත්වෙතැයි අනුමාන කරයි.

ඉෂාන්ති අමරසිංහ

වෙනත් ලිපි – ලෝක ඉතිහාසය වෙනස් කල දේශපාලන ගිවිසුම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *