ලෝකයක් විදියට එකම තැනක තිබුන නම් තාමත් මිනිස්සු ගල් ගුහාවක, ගස් බෙනයක සතෙක් දඩයම් කරගෙන වනචාරී ව ජීවත් වෙන්න ඉඩ තිබුනා. උසස් මනසක් ඇති මානවයා පරිසරය අවබෝධ කරගැනීම තුළ බුද්ධිය ඉතා වේගයෙන් ළඟා කර ගත්තා. ඒ එක්කම අලුතින් හිතන පරම්පරාවක් ක්‍රමයෙන් බිහිවූ බව කිව හැකියි.
මේ කියන්න යන සොයගැනීම් නැතිනම් ඔබ අප කරන බොහෝ දේවල් වලින් පංගුවක්වත් කරන්න නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැහැ.
1. වාෂ්ප එංජිම

ක්‍රි.ව තුන්වන සියවස දක්වා මෙහි ඉතිහාසය දිව යයි. 19 වන සියවසේ ප්‍රමුඛ ම මෙවලමක් බවට පත් වූ අතර කාර්මික විප්ලවයේ සුවිශේෂී සංධිස්ථානයකි. අභ්‍යන්තර දහන එංජිමේ නවීන ස්වරූපයන් පසු කාලීනව නවීකරණය ව ඇත. දශක ගණනාවක් පර්යේෂණන් කළ ජේම්ස් වොට් ඉන්ධන දහනය කිරීමේදී ඉහළ උෂ්ණත්ව වායුවක් ඇති වන පරිදි යන්ත්‍රය නිර්මාණය කොට එහි ප්‍රසාරණය වන විට පිස්නයට පීඩනය යොදවා අවසන චලනය කිරීම දක්වා වන තාක්ෂණික භාවිතය සොයගැනීම එතෙක් සිදුවූ විශිෂ්ට සොයගැනීමකි.
ප්‍රවාහන කර්මාන්තය තුළ මෙකී තාක්ෂණික භාවිතාවෙන් අහස, ගොඩබිම මෙන්ම සාගරය ජයගන්නට මිනිසාට හැකිව තිබේ.
2. රෝදය

පුරාණ මෙසපොතේමියාව, ඊජිප්තුව සහ යුරෝපීය රටවල අක්ෂයක් මත චක්‍ර චලිතයකින් චලනය වන අසමමිතික සංරචක සංකල්පය පැවැත ඇත. එසේ පැවැතියද රෝදය කෙසේ නිර්මාණය කළේ ද යන්න සැබෑ මූලාශ්‍ර සොයාගැනීමට අපහසු ව ඇත. එය අපහැදිලිය. ක්‍රි.පූ 3500 පමණ ප්‍රමුඛ නිර්මාණයක් වූ මෙය එතෙක් තිබූ ප්‍රවාහන ක්‍රමය වෙනස් කරන්නට සමත් විය .
ගොවිතැන සඳහා පසු භාවිතයට ගෙන ඇත. ඔරලෝසුව, වාහන නිර්මාණය සඳහා මෙහි තාක්ෂණික භාවිතය පසුව යොදවා ඇත.
3. මුද්‍රණ යන්ත්‍රය

ක්‍රි.ව 1450 ජොහැන්නස් ගුටෙන්බර්ග් නිපදවන මෙය චීන තාක්ෂණික ක්‍රම ශිල්ප භාවිතයට ගෙන නිපදවන ලද්දකි. මෙය 19 සියවසේ ලී සහ යකඩ ද්‍රව්‍ය භාවිතයට ගෙන ප්‍රතිසංස්කරණය කර ඇත. යුරෝපයේ කාර්මික විප්ලවය සහ සංස්කෘතිය ප්‍රගමනයට මහගු කාර්යයභාරයක් ඉටු කර දී ඇත. ලේඛනය, පොත්, පුවත්පත් ලෙස ප්‍රථම ජනමාධ්‍ය හදුන්වා දී ඇත.
මුල් කාලීනව ශුද්ධ වූ බයිබලය වැනි ආගමික ග්‍රන්ථකරණය හා පසුව එන පොත් පත් කියවීමට පටන් ගැනීමත් සමඟ තර්කයන්, විචාරයන් මතුවීමට පටන් ගැනිණ.
4. පරිගණකය

19 සියවසේ මුල් භාගයේ දී ප්‍රථම යාන්ත්‍රික පරිගණකය සොයාගැනීමට චාල්ස් බැබේජ් සමත් විය. මේ සඳහා පරිගණක ක්ෂේත්‍රයේ ම ප්‍රවීණයකු වූ ඇලන් ටියුරින්ගේ න්‍යායාත්මක පර්යේෂණ ද භාවිතයට ගෙන ඇත. ලෝක දෘෂ්ටිය විශාල වශයෙන් වෙනස් කරන්නට මීට හැකිවිය. පරිගණකය යුද ගුවන් යානා පියාසැරිය, අභ්‍යාවකාශ යානා කක්ෂගත කිරීම දක්වා වැඩි දියුණුව ඇත.
විද්‍යාව, චිත්‍රපට කර්මාන්තය, අධිකරණය, සැපයුම් දාම කළමනාකරණය, නිෂ්පාදන මෙන්ම සේවා කර්මාන්ත ක්ෂේත්‍රවල අත්‍යවශ්‍ය ම සාධකය බවට පත් ව ඇත. මිනිස් ජීවිතයේ සෑම තැනක්ම ස්පර්ශ කරන්නට මීට හැකිවි ඇත.
5. අන්තර්ජාලය

අන්තර්ජාලය සියල්ලම සම්බන්ධ කරන ගාමක බලවේගයක් බවට මේ වන විට පත් ව අවසන් ය . එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සියේ ( ARPA) අනුග්‍රහය ඇතිව 1973 වර්ෂයේ වින්සන්ට් සර්ෆ් විසින් අන්තර්ජාලය සොයාගන්නා ලදී .
මෙහි මුල් අරමුණ වූයේ එක්සත් ජනපදය තුළ පර්යේෂණාගාර හා විශ්ව විද්‍යාල සන්නිවේදනය ජාලයක් සකස් කිරීම ය.
20 වන සියවසේ ප්‍රමුඛතම විප්ලවීය සංකල්පයක් බවට හදුන්වා දී ඇති අතර , ලෝකයේ ඉදිරිගමන වන ජාලත්‍රන්තවාදය කරා යාමේ බලවේගය බවට මෙය පත් ව ඇත.
6. ලෝක ව්‍යාප්ති ජාලය

WWW ( World Wide Web) ලෝකයක් ගිලගෙන අවසන් ය. මෙහි මුල් ම අනාවරණය කළේ ආතර් සී ක්ලාක් විසිනි. දුරකථනය, චායා පිටපත් යන්ත්‍රය, රූපවාහිනිය හා පරිගණකයෙන් ඔබ්බට ගොස් පෘථිවි ග්‍රහලෝකය සහ ඉන් ඔබ්බට යන මුළු දැනුමම චන්ද්‍රිකා මඟින් අපගේ ඇඟිලි තුඩුවලට ගෙන එන බව ඔහු සඳහන් කළේ ය. ඉන් වසර 19 කට පසුව ටිම් බර්නස් ලී විසින් මෙය සොයාගැනීමට සමත් වූයේ එම කියමන සනාථ කරමිනි.
7. රූපවාහිනිය

Vladimir K. Zworykin සහ Philo Fransworth දෙදෙනාගේ සංකල්පයෙන් බිහිවූවකි. රූපවාහිනිය යාන්ත්‍රික – ඉලෙක්ට්‍රොනික – වර්ණ – ඩිජිටල් – ස්මාර්ට් දක්වා පරිවර්තනය ව ඇති අතර මේ වන විට 3D තාක්ෂණය හා බද්ධව ගමන් කරයි.
8. විදුලි බල්බය

1879 තෝමස් අල්වා එඩිසන් පැය 1500 ක් දැවී නොයන විදුලි බුබුළක් සොයාගැනීමට සමත් විය. එය පසුව විවිධ ක්‍රම ශිල්පයන් සමඟ නවීකරණය ව ඇත. මෙය ගෘහස්ථ ජීවිතයේ අතිශය වැදගත් ම කොටසක් බව නොරහසක්.
9. පෙනිසිලීන්

ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් 1928 බැක්ටීරියා ආසාදිත පෙට්‍රී දීසියක තිබී අහඹු ලෙස පෙනිසිලීන් සොයාගන්නා ලදී . පෙනිසිලීන් යනු මිනිස් සිරුරේ විවිධ ආසාදනවලට කිසිදු හානියක් සිදු නොවන පරිදි ප්‍රතිකාර කිරීමට උපකාරී වන ප්‍රතිජීවක සමූහයකි.
සොල්දාදුවන් අතර ලිංගික රෝගවලින් මිදීම සඳහා පෙනිසිලීන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම දෙවන ලෝක යුද්ධ සමයේ ආර්ම්භ ව ඇත.
10. දුරකථනය

1876 ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් දුරකථනය නිර්මාණය කිරීම සන්නිවේදන ක්ෂේත්‍රයේ නව පිම්මක් විය. එක් කෙළවරක සිට කතා කිරීමට සහ අනෙක් කෙළවරට සවන් දීමට නූල් සහිත කෝප්ප දෙකක් සම්බන්ධ කරමින් පසුව එය විද්‍යුත් නැඹුරුවක් සහිතව නිර්මාණය කළේ ය.
ජීවිතය තුළ දුරකථනය නොමැතිව ජීවත් විය නොහැකි තරමට ම එය සෑම සියලු අවශ්‍යතාවයක ම මේ වන විට ඉඩ හසර විවෘත කර ඇත.
මේ කතා බහේ එක් නව නිපැයුමක් හෝ අතපසු වූ ජීවිතයක් සොයාගැනීමට නොහැකි තරමට ම ලෝකයාට මේවා අත්‍යාවශ්‍ය ම ද්‍රව්‍යන් බවට පත්ව ඇත. මුල් කාලීන සොයාගැනීමට නව අංග එක්ව ගමන් කළත් මුල් සොයගැනීම් කළ පුද්ගලයන් අමතක කළහොත් එය සදාචාරාත්මක නොවන බව ඔබටත් වැටහේවි. ඔවුන්ගේ ශ්‍රමයෙන් කළ මේ සොයගැනීම් ලෝකයක් විනාශකාරී නොකර සාමයක් කරා ගෙන යන්නේ නම් එය ඔවුන්ට කරන සැබෑ ම උපහාරය ක් වන නොඅනුමානය.
ඉෂාන්ති අමරසිංහ
වෙනත් ලිපි – ග්‍රීසියේ පුරාණ දේවතාවියන් !