සමහර කොල්ලෝ ආදරේ කියල කියන්නේ නෑ හිතේ හංගගෙන ඉන්නේ. පෙම්වතෙක් උනත් වැඩිය ආදරේ පෙන්නන්නේ නැතුව ඉන්න වෙලාවල් තියෙනවා ඒත් ආදරේ නොපෙන්නුවට මෙන්න මේ ලක්ෂණ තියෙනවනම් එයාල ඔයාට ආදරේ කරනවා.

කියවල බලන්නකෝ මේ දේවල් ඔයාගේ යාළුවා නැත්නම් පෙම්වතා හෝ සහකරුවා ගාව තියෙනවද කියලා.

අපේ වැදගත් සහ රසවත් ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න!

1. නිතරම ඔබව සිනහ ගන්වයි

තමන් ආදරය කරන කාන්තාව සිනහවෙන් සිටිනවා දැකීමට පිරිමින් ඉතාම කැමතියි. එනිසා ඔහු හැකි සෑමවිටම ඔබව සතුටින් සහ සිනහමුසුව තැබීමට උත්සහා කරයි.

2. ඔහු කෙතරම් කාර්යබහුල වුවත් ඔබගේ කටයුතු වලට උදව් කරයි

ඔහුට කාර්යාලයේ හෝ වෙනත් කොපමණ වැඩ තිබුනත් ඔබ උදව්වක් ඉල්ලු විට අනෙක් සියල්ල පසෙක දමා ඔබට උදව් කරනවා නම් එයින් කියවෙන්නේ ඔහු ඔබට දැඩි සේ ආදරය කරන බවයි.

3. “අපි” යන්නෙන් කතා කරයි

ඔහුගේ පෞද්ගලික දෙයක් වුවද පවසන විට ඔහු අපි යනුවෙන් ඔබවත් සම්බන්ධ කර කතා කරනවා නම් ඔහු ඔබට බෙහෙවින් ආදරය කරයි. එයින් කියවෙනුයේ ඔබ ඔහුගේ ජීවිතේ වටිනා කොටසක් බවට පත් වී ඇති බවයි.

4. ඔහුගේ ජීවිතේ පළමු තැන ඔබයි

අන් කිසිම කෙනෙකුට වඩා ඔහු ඔබට සැලකිල්ලක් දක්වන්නේ නම් ඔහුගේ ජීවිතයේ පළමු තැන හිමි වන්නේ ඔබටයි. එනම් ඔහුට ඔබට වඩා වටිනා කෙනෙක් නැත.

5. ඔබට වැදගත් වන සෑම දෙයක් ම ඔහු මතකයේ තබා ගනියි

ඔබ හා සම්බන්ධ සුළු දේවල් පවා ඔහු මතකයේ තබා ගනියි. ඔබ කැමති අකමැති දේ, ඔබේ ජීවිතේ සෑම විශේෂ දෙයක්ම ඔහුට ද විශේෂ වේ. ඔහු ඒ කිසිවක් අමතක නොකරයි.

7. ඔහු ඔබට ගරු කරයි

ඔබේ සහකරුවා ඔබට නිසි ගෞරව කරන්නේ නම් ඔහු ඔබට ආදරය කරන කෙනෙකි.

6. ඔබෙන් කිසිවක් නොසඟවයි

ඔහු ඔබ සමග ඔහුගේ ජීවිතයේ සෑම දෙයක්ම බෙදා හදා ගන්නේ නම් ඔහු ඔබට සැබවින්ම ආදරය කරන කෙනෙකි. ඔහු ඔබෙන් කිසිවක් සඟවන්නේ නැති නම් ඉන් අදහස් වන්නේ ඔහු ඔබව සම්පුර්ණයෙන්ම විශ්වාස කරන බවයි.

8. ඔබගෙන් සමාව ගනියි

ඔහු ඔබට ආදරෙයි නම් ඔහු ඔහුගේ වැරදි පිළිගැනීමට මැලි නොවෙයි. ඔහු නිසා ඔබට දුකක් දැනුනේ නම් ඔහු එයට ඔබගෙන් සමාව ගනියි.

9. ඔහු ඔබගේ පවුලේ අයට සහ යහළුවන්ට සුහදශීලී වේ

ඔහු ඔබට සැබවින්ම ආදරය කරන්නේ නම් ඔබට වැදගත් වන පුද්ගලයන් සමග ද සුහදශීලී වීමට උත්සහ කරයි. එනිසා ඔහු ඔබේ පවුලේ අය සහ ඔබේ යහළුවන් සමග සුහදශීලී වේ.

10. සෑම අසීරු අවස්ථාවකදීම ඔබ වෙනුවෙන් සිටියි

ඔහුගේ ඇතැම් ක්‍රියා වචනයෙන් ආදරය ප්‍රකාශ කරනවාට වඩා ආදරණීය වේ. ඔබ යම් කරදරයකට, අපහසුතාවයකට ලක් වූ විට ඔහු ඔබ වෙනුවෙන් සිටියි නම් ඔහු ඔබට සැබවින්ම ආදරය කරයි. කවුරුන් ඔබව අතහැර ගියත් ඔහු ඔබ වෙනුවෙන් සිට ඔබේ දුක බෙදා ගන්නේ නම් ඔහු පවසන්නේ ඔහු ඔබට ආදරය බවයි.

වෙනත් ලිපි – මේ දේවල් කරලා ඔබේ ජීවිතයට සතුට ලඟා කරගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *