සතුට අද දවසේ ඔයා හොයන වටිනාම කාරණාව බවට පත් වෙලා. එදිනෙදා වැඩ කටයුතුත් එක්ක ඔයාගෙන් ගිලිහී යන එකම කාරණාව බවට සතුට පත් වෙලා. සතුට අපි අපේ ජීවිතේ වැඩිපුරම සොයන කාරණාවයි. සතුට යනු මානසික සැනසීම සහ සංතෘප්තිය මෙන්ම දීර්ඝ කාලීන යහ පැවැත්ම හා බද්ධ වූ කාරණාවකි. ඉතින් අද අපි ගෙනාවේ ඔයාගේ ජීවිතයට අත්‍යාවශ්‍යම කාරණාවක් පිළිබදවයි. මාර්තු 20 වන දා ලෝක සතුටු වීමේ දිනය ලෙස සැලකේ.
සතුට අප තුළ ඉබේ හට ගැනුනද එය පුහුණු කිරීම තූලින් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ඔයාට පුළුවන්.
අපේ වැදගත් සහ රසවත් ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න!
1. හිනා වීම

සෑම දිනකම සෑම අවස්ථාවකම සිනහව නම් අමතක කරන්න එපා. හැකි සෑම මොහොතකම ජීවිතයට වින්දනයක් ලබා දේ නම් හිනා වන්න. ඒ තුළින් ඔයාට සතුට ළගා කර ගත හැකියි.
2. අන් අයට උදව් කරන්න

තවකෙකුට උදව් කරන්න තරම් ඔබ ත්‍යාගශීලී නම් ඔයාගේ සිත ගොඩාක් පිරිසිදුයි. ඉතින් ඔයා ඉදිරියේ ඉන්න අනෙකාට උදව් කිරීමෙන් නිර්ව්‍යාජ සතුටක් ඔයාට ළගා කර ගන්න පුලුවන්.
3. ව්‍යායාම කරන්න

ව්‍යායාම කිරීම තුළින් ඔබගේ ශරීරය පුරා රැධිරය ගමන් කරයි. ඒ තුලින් ඔබේ සිරුරේ Endorphin නැමැති Endorphin ය නිපදවෙනවා. නිතර නිතර ඇවිදීම වැනි සරල ව්‍යායාමයන් ඔස්සේ ඔයාගේ මනසට සතුට පහසුවෙන්ම ලගා කර ගන්න පුළුවන්.
4. සෑම විටම අලුත් දේවල් කරන්න

අලුත් දෙයක් කරන සෑම විටම මනස පෙර තිබූ තත්තවයෙන් වෙනස් වෙනවා. ඔයා පොතක් ලියනවා නම් ඔයා ඒ්ක අලුතින්ම කරන දෙයක් නම් එය ආතතියකින් තොරව කරන්න. පොත අවසානයේ වටිනා නිමැවුමක් ලෙස ඔයා අතට එන විට ඔයාට ලැබෙන්නේ අමුතුම සතුටක්. ඉතින් ඔයත් පොඩි පොඩි අලුත් දේවල් ඔයාගේ ජීවිතයට එකතු කර ගන්න උත්සහ ගන්න.
5. උණු වතුර නාන්න

උණු වතුරෙන් නෑමෙන් ඔබේ සිරුරේ සතුට සදහා දායක වන oxytocin නැමැකි හෝමෝනය නිපද වේ. මේ තුලින් ඔබේ ජීවිතයට සතුට ලං කර ගන්න පුලුවන්.
6. සුරතල් සතුන්

සුරතල් සතුන් ද අපිට සතුට ඇති කරනවා. ඔයත් සතුන්ට ආදාරය කරනවා නම් ගෙදර සුරතලයට ඇති කරන සුරතලුන් සුරතල් කිරීමෙන් සතුටක් ලබා ගන්න ඔයාට පුළුවන්. ඒ නිසාම මනසට ලැබෙන උත්තේජනයන් තුලින් ඔයා තුළ පවතින දුක පහව යනවා නොඅනුමානයි.
7. සුවදායී නින්දක් වෙත යොමු වන්න

අතිශය කාර්යබහුල ජීවන රටාව තුළ ඔයාට මග ඇරෙන පවටිනාම කාරණයක් තමයි නින්ද කියන්නේ. නමුත් සතුටින් සිටින්නට නම් නින්ද කියන්නේ අනිවාර්ය කාරණාවක්. සුවදායී නිනිදක් වෙත යොමු වීමෙන් විෂාධය වැනි රෝග තත්ත්වයන්ගෙන් අත් මිදෙන්න ඔයාට පුළුවන්.
8. පවුලේ සාමාජිකයන් සහ යහලුවන් සමග කටයුතු කරන්න

ඔයාට සතුට ලැබෙන තවත් කාරණාවක් තමයි පවුලේ සාමාජිකයන් සහ යහලුවන් සමග සතුටු සාමීචියේ යෙදීම.
9. සමාජ මාධ්‍යයන්ගෙන් ඈත්ව සැබෑ සබදතා වෙත යොමු වන්න

සමාජ මාධ්‍යයන් තුළ සබදතා ගොඩ නගා ගත්තද එය බොහෝ විට ව්‍යාජත්වය මත පදනම් වීමෙන් ඔයාට කිසිම අවස්ථාවක සතුටක් නම් ලබන්න බැහැ. සමාජ මාධ්‍යයන් ඔස්සේ මිතුරු සබදතා ගොඩ නගා ගන්නවුන් ව්‍යාජ ප%තිමූර්තීන් ගොඩ නගා ගත්තවුන් විය හැක. මේ සදහා බොහෝ අත්දැකීම් අප සමාජය තුළ නොඅනුමානයි. සමාජ මාධ්‍යයන් තුළ නිරන්තරව සැරි සරන්නවුන් බොහෝ අවස්ථාවල දුකින් පසු වේ.
10. භාවනාව වෙත යොමු වන්න

භාවනාව සිත එකග කොට පවත්වා ගත හැකි මූලික ස්වරෑපයකි. භාවනාව තුළින් අප එදිනෙදා කරනු ලබන කාර්යයන් නිරවුල්ව කිරීමට හැකි වේ. ඔයාටත් දවසට මිනිත්තු 10ක් භාවනා කරන්න පුළුවන් නම් දවස වඩාත් තෘප්තිමත් ලෙස ගත කරන්න ඔයාට පුළුවන්.
11. සිප ගන්න

සිප ගන්නා විට ඔබ තුළ සතුටින් සිටීමට අවශ්‍ය oxytocin නැමැති හෝමෝනය නිපද වෙනවා වගේම ඔයාගේ සහකරැ හෝ සහකාරිය සතුටින් තියන්න ඔයාට පුළුවන්. මෙයින් ඔබ තුළ පවත්නා සතුට තවත් වර්ධනය වේ.
ඉතින් අද අපි ඔබ වෙත ගෙනාවේ ජීවිතයට අත්‍යාවශ්‍යම කාරණාවක් පිළිබදවයි. අපි ගෙනා අලුත් කාරණා ඔයාගේ ජීවිතයට එකතු කර ගත්තොත් සතුටින් ජීවත් වෙන්නට ඔයාට පුළුවන්. ඒ තුළින් නීරෝගීමත් ජීවිතයක් ඔයාට හිමි වෙනවා නොඅනුමානයි.
තිළිණි සකුන්තලා හෙන්නායක.
වෙනත් ලිපි – ඉතිහාසයේ වැඩිම මරණ අනුපාතයක් වාර්තා වූ වසංගත