අපගේ ශරීරයේ උෂ්ණත්වය විවිධ හේතු නිසා ඉහළ යා හැකි ය. ශරීරයේ අභ්‍යන්තර දෝෂයක් නිසා ඇතිවන ශාරීරික උෂ්ණාධික බව මෙන්ම අප බාහිරව ගන්නා ආහාර හෝ ඖෂධ නිසා ද ශරීරයේ උෂ්ණත්වය ඉහළ යා හැකි ය.
එම උෂ්ණාධික බව සමනය කරගැනීමට ශරීරය සිසිල් කරන විවිධ ආහාර වර්ග බෙහෙවින්ම උපකාරී වේ. එවැනි ආහාර වර්ග පිළිබඳව මෙම ලිපියෙන් විමසා බලමු.
1) පොල් වතුර

පොල් වතුර සතුව ස්වභාවිකවම ශරීරය සිසිල් කිරීමේ හැකියාවක් ඇත. සෑම දිනකම පොල් වතුර වීදුරුවක් පානය කිරීම ශරීරය සජලනය කිරීමට සහ දවස පුරාම ශරීරය සිසිල්ව පවත්වා ගැනීමට උපකාරී වේ.
2) පැණි කොමඩු

ඉතා මිහිරි පලතුරක් වන මෙය ද අපගේ ශරීරයේ උෂ්ණත්වය අඩු කිරීමට වැදගත්ය. මෙය 91.45%ක් පමණ ජලය අඩංගු වන ප්‍රතිඔක්සිකාරක බහුල පලතුරකි. ශරීරය විජලනය වීම වළක්වා සිසිල් කිරීමට පැණි කොමඩු වලට හැකි ය. මේවා ආහාරයට ගැනීම ද ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමට උපකාරී වේ.
3) බෙලි

මෙය ශරීර උෂ්ණත්වය ඉහළ යාමට නොදී සිසිල් කරන පලතුරකි. හොඳින් ඉදුණු බෙලි, පානයක් වශයෙන් වුවද සකසා ගෙන පානය කිරීමට හැකි ය. එමෙන්ම බෙලි මල් සහ බෙලි කටු තම්බා පානය කිරීම මගින් ද ශරීර උණුසුම සමනය කළ හැකි ය.
4) නෙල්ලි

මෙය පෝෂණ ගුණය ඉතා ඉහළ පලතුරකි. අපගේ ශරීරය සිසිල් කිරීමේ හැකියාවක් නෙල්ලි වලට පවතී. නෙල්ලි පානයක් ලෙස සකස් කර පානය කිරීමට ද හැකි ය. නෙල්ලි සහ රසකිඳ තැම්බූ ජලය පානය කිරීම ද ශරීරය සිසිල් කිරීමට උපකාරී වේ.
5) දෙළුම්

සෑම දිනකම දෙළුම් යුෂ වීදුරුවක් පානය කිරීමට හැකි නම් එමගින් ස්වභාවික ලෙසම ශරීරය සිසිල් කරයි. ශරීර උණුසුම අඩු කරයි.
6) රණවරා

රණවරා මල් තම්බා ගත් වතුර පානය කිරීම ද ශරීරයේ උෂ්ණාධික බව සමනය කිරීමට උදව් වේ. එමෙන්ම රණවරා දළු ආහාරයට ගැනීම ද ශරීරය සිසිල් කිරීමට හේතු වේ.
7) සැල්දිරි

මෙය උෂ්ණත්වය අඩු කරන ඉහළ ජල ප්‍රමාණයක් මෙන්ම සින්ක්, සෝඩියම්, පොටෑසියම්, යකඩ, මැග්නීසියම්
සහ කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන ආහාරයකි.
මෙයට අමතරව ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ගැනීමට නිතර ජලය වැඩිපුර පානය කිරීම ද ඉතා වැදගත් ය. හැකි සෑම අවස්ථාවකදීම ශරීරය සිසිල් කරන ආහාරපාන එකක් හෝ ලබා ගැනීම ශරීර උණුසුම සමනය කර ගැනීමට මහඟු පිටිවහලක් වනු ඇත.
නෙත්මි සසංගිකා
වෙනත් ලිපි – ශ්‍රී ලංකාවේ උද්ධමනය මනින මිල දර්ශක ගැන ඔබ දැනගත යුතු කරුණු