සෞඛ්‍ය සම්පන්න නීරෝගී පිරිපුන් සිරුරක් අප කාගේත් සිහිනයක්. සිරුරේ බර වැඩි කරගැනීම ප්‍රධානවම සිදු කර ගත හැකි වන්නේ නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන්. ඉතින් ඔබත් කෙසඟ සිරුරක් නිසා පීඩා විඳින අයෙක් නම් මේ ලිපිය ඔබට ඉතා වැදගත් වේවි.
1. රට ඉඳි (Dates)

මහත් වෙන්න කැමති අයට හොඳම ආහාරයක් තමයි රට ඉඳි කියන්නෙ. ඔබත් දිනකට රට ඉඳි 5-6 ක් කෑමට එකතු කරගන්නවා නම් මහත් වෙන්න විශාල රුකුලක් වේවි.
2. එළ කිරි ( Cow Milk)

කිරි මේදය, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට, කැල්සියම්, විටමින් සහ ඛනිජ ලවණ වලින් පරිපූර්ණ ආහාරයක්. එය මාංශ පේශි වර්ධනයට ද උපකාරී වෙනවා.
3. රට කජු (cashew)

රට කජුවල ඉහළ ප්‍රෝටීන ප්‍රමාණයක් සහ අසංතෘප්ත මේදය බහුලව අඩංගු බැවින් මාංශ පේශි වර්ධනය ඉක්මන් කිරීමට හේතු වෙනවා. නමුත් මෙහිදී ලුණු, මිරිස්, තෙල් යෙදූ රට කජු වෙනුවට අමු රට කජු හෝ බදින ලද රට කජු භාවිතා කිරීමට වග බලා ගත යුතු වෙනවා.
4. තම්බපු බිත්තර ( Boiled Eggs)

බිත්තර ප්‍රෝටීන වලින් අනූන ආහාරයක්. එමෙන්ම සිරුරට හිතකර HDL කොලොස්ටරෝල්, හිතකර මේද වර්ග සහ විටමින් B ප්‍රභේද රාශියක් එහි අඩංගු වෙනවා. ඉතින් මහත් වෙන්න කැමති ඔබත් දිනකට බිත්තර 02 ක් ආහාරයට එක් කරගන්න අමතක කරන්න එපා.
5. කෙලවල්ලා සහ බල මාලු (Fish)

ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන, තන්තු, මේදය, විටමින් B6 සහ B12 ඇතුළු මාංශ පේශී වර්ධනයට අවශ්‍ය විටමින් ගනණාවක්ම මෙහි අඩංගු වෙනවා. රසයෙන් වගේම ගුණයෙනුත් අනූන මෙම ආහාර ඔබේ ආහාරවලට එකතු කරගන්නට ඔබත් වග බලා ගන්න.
6. සෝයා (soy)

මෙහි මාංශ පේශී වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන අඩංගු වෙනවා. එමනිසා මස්වලට ආදේශකයක් ලෙස නිර්මාංශී ඔබට ද පරිභෝජනය කළ හැකි රසවත් ගුණවත් ආහාරයක් තමයි මේ සෝයා කියන්නේ.
7. එළු කිරි (goat’s milk)

එළ කිරි වලටත් වඩා පෝෂණ ගුණයෙන් අනූන ආහාරයක් තමයි එළු කිරි කියන්නේ. ඒ වගේමයි මහත් වෙන්න අවශ්‍ය අයට හොඳම ආහාරයක් තමයි එළු කිරි.
8. කඩල (peas)

ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට යන පෝෂකවලින් සපිරි ධාන්‍ය වර්ගයක් වන කඩල ද ශරීරය හොඳින් වර්ධනය කරගැනීමට උපකාරී වෙනවා.
9. අලිගැට පේර (avocado)

අලිගැටපේර මේදය හා කැලරි වලින් පොහොසත් පලතුරක්. දිනපතා අලිගැටපේර ගෙඩියක් ආහාරයට ගැනීම මගින් සතියකට බර රාත්තල් 6 ක් වැඩිවන බව තමයි පවසන්නේ. ඒ වගේම අලිගැටපේර ආහාරයට ගැනීම හෘදයට හිතකර බවත් වෛද්‍යවරුන් පවසනවා.
10. Smoothies

අතිරේක කැලරි ප්‍රමාණයක් ශරීරයට එකතු කරගැනීමට හොඳම ක්‍රමයක් තමයි Smoothies. කෙසෙල්, අඹ, කිරි, යෝගට්, පොල් වතුර, මී පැණි, කජු, බටර් වැනි ආහාර භාවිතයෙන් Smoothies වැඩි වශයෙන් පරිභෝජනයට එක් කරගත හැකි අතර එය ඔබේ ශරීර වර්ධනයට බෙහෙවින් උපකාරී වෙනවා.
11. Dark Chocolate

Dark Chocolate නම් බාල මහලු සියලු දෙනාම කැමති ආහාරයක්නේ. මේදය, ප්‍රෝටීන්, මැග්නීසියම්, මැන්ගනීස්, කැල්සියම්, යකඩ වැනි ඛනිජ වගේම විටමින් වර්ග වලිනුත් පොහොසත් වන මේ Dark Chocolate ඔබේ බර වැඩිවීමට හේතු වෙනවා.
මීට අමතරව බත්, චීස් බටර්, සම්පූර්ණ අර්තාපල්, ගිතෙල්, මේදය සහිත යෝගට්, බෝංචි බීජ, මෝර තෙල්, Oats, සම්පූර්ණ තිරිඟු පාන්, ආමන්ඩ්, පළතුරු යුෂ වැනි ආහාර ද සිරුරේ මාංශ පේශි වර්ධනය කරමින් බර වැඩි කිරීමට හේතු වෙනවා.
ඉතින් සෞඛ්‍ය සම්පන්න නැවුම් ආහාර ගන්නවා වගේම, දිනකට ප්‍රමාණවත් තරම් පිරිසිදු වතුර පානය කිරීම, නිසි පරිදි ප්‍රමාණවත් තරම් නින්දක් ලබාගැනීම, ඒ වගේමයි නිසි පුහුණු කරුවෙකුගේ අධීක්ෂණය යටතේ ව්‍යායාමවල නිරත වීම යනාදිය මගිනුත් ඔබට ඉක්මනින් පිරිපුන් සිරුරක් ලබා ගන්නට හැකි වෙනවා.
සංජනා දේවින්දි
වෙනත් ලිපි – පානි පුරි වල රස බලන්න ගෙදරදීම හදාගන්න රෙසපි