ලෝකයේ විවිධාකාර ක්‍රීඩා තරගාවලි තියෙනවා. ඒ අතරින් ජනතා ආකර්ශණය වැඩිම තරගාවලි අතරේ පාපන්දු නාමය රැඳෙන්නෙ ඉතා ඉහළ ම ස්ථානයකයි. පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් කණ්ඩායමක් නොමැති රටක් වුවත් ලෝක පාපන්දු ශූරතා තරගාවලිය (Fifa) නරඹන්න අමතක කරන්නෙ නැහැ. ඒ තරමටම පාපන්දු ක්‍රීඩාව කුතුහලය දනවන සාමකාමී ක්‍රීඩාවක්.

1. පාපන්දු ක්‍රීඩාවේ උපත

පාපන්දු ක්‍රීඩවේ ආරම්භ සිදු වූ රට එංගලන්තය විදිහට සළකනවා. නමුත් ඊට පෙර ඊජිප්තුව, චීනය, ජපානය වැනි රටවල්වලත් පන්දුවකට පහර දීමේ තරග පවත්වා තිබෙන බවට මූලාශ්‍ර හමු වී තිබෙනවා. පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට රැගෙන යන්නේ එංගලන්තයයි.

1872 නොවැම්බර් 30 වන දින එංගලන්තය සහ ස්කොට්ලන්තය එක්ව පළමු පාපන්දු තරගාවලිය පවත්වා තිබෙනවා. 1900 වසරේ දී පාපන්දු ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් කර තිබෙන අතර එහි දී රන් පදක්කම දිනාගෙන තිබෙන්නේ මහා බ්‍රිතාන්‍යයි. රිදී පදක්කම ප්‍රංශය හිමි කරගෙන තිබෙනවා.

2. FIfa තරගාවලියේ ආරම්භය

Federation Internationale de Football Association එහෙමත් නැත්නම් හැමෝම දන්න FIFA පාපන්දු සම්මේලනය රටවල් හතක සහභාගීත්වයෙන් 1904 වසරේ දී ආරම්භ කෙරෙන අතර මේ වනවිට රටවල් 205ක සාමාජිකත්වය හිමි කරගෙන තිබේ. 1930 දී උරුගුව ප්‍රථම ෆිෆා ලෝක කුසලානය හිමි කරගෙන තිබෙනවා.

3. FIFA කුසලානයේ නිමැවුම

1970 දී නිල වශයෙන් ෆිෆා ලෝක කුසලානය නිර්මාණය විය. ආකෘති 53 ක් අභිබවා යමින් Silivo Gazzaniga නම් වූ ඉතාලි නිර්මාණ ශිල්පියාගේ ආකෘතිය කුසලාන ලෙස නිර්මාණට විය. සෙන්ටිමීටර 36ක් උස මෙම කුසලානය කැරට් 18 ඝන රත්‍රන්වලින් යුක්ත ග්‍රෑම් 6.175 ක් වූ බර සහිත වේ. කුසලානයේ අවසන් කොටස මැචලයිට් නම් ඛනිජ විශේෂයෙන් නිර්මිතව ඇත.

4. පාපන්දු ක්‍රීඩාවේ ප්‍රබලයින්

ෆුට්බෝල් කිව්ව සැනින් ඕනම කෙනෙක්ට මතක් වෙන විශේෂිතයෝ දෙන්නෙක් ඉන්නවා. යුනයිටඩ් මැන්චෙස්ටර් කණ්ඩායමේ පෘතුගාල ක්‍රීඩකයෙක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල 807ක් ලබා ගනිමින් වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ ප්‍රමුඛතම ලකුණු ලාභියා ලෙස ලෝක වාර්තා අතරටද එක් වූ අති ප්‍රබලයෙක් වෙනවා.

ඒ වගේම ආර්ජන්ටිනා ජාතික පාපන්දු ක්‍රීඩා කණ්ඩායමේත් බාසිලෝනා ක්‍රීඩා සමාජයේ සාමාජි‍යෙක් ලෙසත් වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස පැරිස් සෙන්ට් ජර්මෙන් ක්‍රීඩා කණ්ඩායමෙත් තරග කරන ලයනල් මෙසී වසර හතක් හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස බැලෝන් ඩී ඕ සම්මානය දිනාගත් විශිෂ්ටයෙකි.

ලොව පුරා මාධ්‍යවේදී 180 දෙනෙකුගේ ඡන්ද ප්‍රකාශනයෙන් මෙම සම්මානය පිරිනැමේ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙම සම්මානයට පස් වතාවක් හිමිකම් කියා තිබේ. මොවුන් දෙදෙනාම ලොව වැඩිම ආදායම් ලබන ක්‍රීඩකයන් අතර පළමු පෙළ ලබාගෙන සිටින දැවැන්තයන් වේ. එසේම ඔවුන් දෙදෙනාගේම කුඩා කාලය ඉතා දුගී කටුක දිවි පෙවෙතක් ලෙස ගෙවා තිබේ.

5. පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රමය

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එහෙමත් නැත්නම් ෆිෆා ලෝක කුසලාන තරගාවලිය වසර හතරකට වරක් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා. 1930 වසරේ දී ෆිෆා ලෝක කුසලාන තරගයේ ආරම්භයෙන් පසු වසර හතරකට වරක් ලෝක කුසලාන තරගාවලි පසු කර එමින් 2022 වසරේ නොවැම්බර් 20 වන කටාර් රාජ්‍ය සත්කාරකත්වය දරමින් ෆිෆා ලෝක කුසලාන තරගය මෙවර සමාරම්භය සනිටුහන් කළා. මෙම කුසලානය සඳහා රටවල් 32ක් තරග වදී.

වෙනත් ලිපි – ලෝකයේ ජනප්‍රියම කෝපි පාන වර්ග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *