විවාහපත් වූ යුවළකගේ ඊළඟ අරමුණු අතර නිරෝගී දරුවෙක්‍ට මව්පියන් වීමත් ප්‍රධාන අරමුණක් වෙනවා. දරුවෙක් කුසට ආ දවසේ පටන් මෙලොව එළිය දකිනතෙක්ම දරු ගැබ ආරක්ෂා කර ගැනීම පහසු කටයුත්‍තක් නෙවෙයි. ඇතැම් අවස්ථාවල දී සිහින බිඳලම්ක්න් දරු ගැබ ගබ්සා වන අවස්ථා ඔබ අසා ඇති. මේ ලිපියෙන් ඒ පිළිබඳව ඔබව දැනුවත් කරනවා.
1. මවගේ ගර්භාෂයේ අසමානතා

ගර්භාෂයේ ඇති වන විවිධ ලෙඩ රෝග නිසා දරු ගැබක් විනාශ වේ. ෆයිබ්‍රොයිඩ් ගෙඩි, ගර්භාෂය මැදින් වෙන්ව තිබීම වැනි අවස්ථා බහුලව කාන්තාවන්ගේ ගර්භාෂය ආශ්‍රිතව තිබෙන ගැටලු වේ. මෙම අවස්ථාවන් මුල් අවස්ථාවේදී ම හඳුනාගෙන හිස්ටරොස්කොපි සැත්කම් මඟින් සුව කළ හැක.
2. මවගේ රෝගී තත්ත්වයන්

දියවැඩියාව,අධිරුධිර පීඩනය, තයිරොයිඩ්, හෝමෝන අසාමාන්‍ය තත්ත්වයන්වල දී මව ඒ පිළිබඳව සැළකිලිමත් නොවුණහොත් දරු ගැබට හානි විය හැකියි. එසේම ගර්භණී කාලයේ දී තද උණ, ආසාත්මිකතා, වෛරස් ආසාදන තත්ත්වයන් ද දරු ගැබක් විනාශ වීමට බලපාන කරුණු වේ.
3. ගර්භණී සමයේ හෝමෝන නිසි පරිදි නොතිබීම

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය මඟින් මවගේ ගර්භාෂය ගර්භණී තත්ත්වයෙන් පවත්වා ගැනීමට උදව් වෙනවා. නමුත් මෙම හෝමෝනය නියමිත පරිදි නිපදවෙන්නේ නැත්නම් ස්වාභාවික ගබ්සා වීම් සිදුවිය හැකියි. වෛද්‍ය උපදෙස් අනුව මෙම හෝමෝන බාහිරින් ලබාදීමට කටයුතු කළ හැකියි.
4. යෝනි මාර්ගයේ පවතින ආසාදන

යෝනි මාර්ගය තුළ පවතින ආසාදන නිසා ගැබ්ගෙල හරහා විශබීජ ඇතුළු වීමෙන් ගබ්සා වීම් සිදු විය හැකියි. Bacterial vaginosis වැනි ආසාදන තත්ත්වයන් පෙන්වා දිය හැකියි. මේ සඳහා නිසි ප්‍රතිකාර කළ යුතුමයි.
ගබ්සා වීමට බාහිර සාධක ද බලපානවා.
මවගේ වයස වැඩි වීම.
මත්ද්‍රව්‍ය, දුම් පානයට හුරු වීම.
ඊට පෙරත් ගබ්සාවීම්වලට ලක් වීම.
අධික ලෙස කැෆෙන් පානය.
වෙනත් ලිපි – මුදලට ලබා දෙන ආදරය “Girlfriend Experience”