කාලයෙන් කාලයට ටෙලි කතා රසිකයන්ට විවිධ රසයෙන් යුත් නිර්මාණ බටහිර නිර්මාණකරුවන්ගෙන් ලැබෙනවා. අලුතින් ටෙලි කතා ( TV Series ) බලන කෙනෙක් අනිවාර්යයෙන් ම මේ කතා මාලාවන් බලලම ඉන්න. ප්‍රවේසමෙන් ඇබ්බැහිවෙන සුළුයි.
1. Prison break

පෝල් ෂූරින් විසින් නිර්මාණය කෙරුණු මෙම කතා මාලාව සිරගත වූ සහෝදරයන් දෙදෙනෙක්ගේ එයින් පළා යාම සඳහා දරන වෑයම පිළිබඳව ත්‍රාසජනක කතා තේමාවක් පාදක කරගෙන තිබෙනවා. මෙයින් එක් සහෝදරයෙන් කිසිඳු වරදක් නොකර සිරගත වූවෙක්.
ඔහුව කෙසේ හෝ බේරා ගැනීමට සිරගෙයට පැමිණෙන අනෙක් සහෝදරයා වටා බැඳුණු මෙම කතාව කුතුහලය සහ ත්‍රාසය උපරිමයෙන්ම රැඳී තිබෙන නිසා කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලාගෙන ඉන්න පුළුවන්. ඩොමිනිස් පර්සෙල් රංගන ශිල්පියා ලින්කන් බරෝස් ලෙසත් වෙන්ට්වර්ත් මිලර් රංගන ශිල්පියා මයිකල් ස්කොෆීල්ඩ් ලෙසත් මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.
2. Walking dead

ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන වෛරසයක් නිසා මිනිසුන් එකිනෙකා ඇවිදින මළමිනී බවට පත් වෙමින් ජීවමාන මිනිසුන්ව සොයා යන කතා පුවතක් ඇතුළත් කුතුහලය සහ ත්‍රාසය භීතිය උවමනාවටත් වඩා වැඩියෙන් පවතින් කතා මාලාවක් ලෙස Walking dead හැඳින්විය හැක.
ඉතා සියුම් ශබ්දවලට සහ මිනිස් ගන්ධය ආග්රාහණය කිරීමෙන් මේ සොම්බින් ජීවමානව සිටින මිනිසුන් සොයා ගනී.එක් මිනිසෙක් ඔවුන්ට හසු වුණොත් සොම්බින් දස දහස් ප්‍රමාණය එම මිනිසාව සපා කමින් ඔහුව විනාශයට පත් කරයි.අවසානයේ එම මිනිසාද සොම්බියෙක් බවට පත් වේ. එවැනි සොම්බියෙක් විනාශ කළ හැකි එකම ක්‍රමය මොළය ඉලක්ක කරගෙන වෙඩි තැබීම හෝ එය විනාශ වනතෙක් පහර දීම පමණි. මේ භයංකර සොම්බිගෙන් මිදී ජීවිතය රැකගන්න වෙහෙසන තැනින් තැන අසරණ වූ මිනිසු සමූහයකගේ ක්‍රියාවිතය කොටස් දොළහක ඇතුළත් වේ.
3. Dark

ජර්මනියේ එක් නගරයක් වන winden හි දරුවන් කිහිප දෙනෙක් වරින්වර අතුරුදහන් වේ. ඒ අනුව පරම්පරා හතරක වැළලී ගිය අභිරහසක් පිළිබඳව හෙළි වන කතා පුවතක් තේමාව කරගනිමින් මෙම ටෙලි කතාව නිර්මාණය වී තිබේ. කාල තරණය, සමාන්තර ලෝක වටා ගෙතෙමින් ත්‍රාසය භීතිය කැටිව නිර්මාණය වුණ මේ කතාවට ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම ඇබ්බැහි වනසුළුයි. ප්‍රධාන කොටස් තුනකින් සහ අනු කොටස් විසිහයකින් මේ කතාව සම්පූර්ණ වේ.
4. See

මාරාන්තික වෛරසයක් මිනිස් වර්ගයා විනාශ කිරීමෙන් පසු දිවි ගලවා ගත් අය අන්ධ වීම මෙම කතාවේ කතා තේමාවයි.
ප්‍රබන්ධ කතාවක් වන මෙය පශ්චාත්-අපෝකැලිප්ටික් ඩිස්ටෝපියා තුළ මානව වර්ගයාගේ පරම්පරාවන්ට පෙනීම හැකියාව අහිමි වී ඇති එමෙන්ම දැකීමේ හැකියාව මිත්‍යාවක් ලෙස සළකයි. කඳුකර ගෝත්‍රයක නිවුන් දෘෂ්‍යමාන දරුවන් දෙදෙනෙකුගේ උපත සමඟ කතාව දිගහැරේ.
5. Got (Game Of Thrones )

ඇමරිකානු ෆැන්ටසි තේමාවට අනුව කතා මාලාව නිර්මාණය වී තිබේ. ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස් කතාව ආරම්භ වන්නේ රොබට් රජු උතුරු මාලිගාව වන වින්ටර්ෆෙල් වෙත ගොස් නෙඩ් ස්ටාර්ක්ගෙන් ඔහුගේ දකුණත් සහයකයා නැත්නම් හෑන්ඩ් ඔෆ් ද කිංග් වීමට ඉල්ලා සිටීමත් සමඟයි. ජෝර්ජ් ආර් ආර් මාර්ටින් විසින් ලියැවුණු මෙම ප්‍රබන්ධ කතාව අතිශය ජනාදරයට පත් වූවකි. කොටස් තුනකින් සමන්විත මෙහි අනු කොටස් 73කි. කිසිම කම්මැලිකමක් නැතිව එක දිගටම නරඹන්න පුළුවන් ලස්සන කතාවක්.
වෙනත් ලිපි – ගෙදර විදුලි බිල අඩු කරන්න හොඳම ටිප්ස්