වයසට යනකොට බහුතරයකට හැදෙන ලෙඩරෝග අතරින් ආතරයිටීස් කියන්නේ නිහඬව වේදනාව ඇති කරවන රෝගයක්. මේ රෝගය නිහඬයි කියන්න හේතුව වෙන්නේ ක්‍රම ක්‍රමයෙන් තමයි රෝගය උත්සන්න වෙන්නේ. ඔයාගේ සමීපතමයෙක්ගෙත් මේ ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න.
ආතරයිටීස් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් ඔස්ටියෝ ආතරයිටීස් සහ රූමටොයිඩ් ආතරයිටීස් බහුලව දකින්නට පුළුවන්.

ඔස්ටියෝ ආතරයිටීස්

වයස අවුරුදු හතළිහෙන් පසුව හට ගන්නා රෝග අවස්ථාවකි. විශේෂයෙන්ම කාන්තාවන් මෙයින් පීඩා විදියි. තරබාරු පුද්ගලයින්ට මෙම රෝගය වැළඳීමේ ඉඩකඩ වැඩිය.

රූමටොයිඩ් ආතරයිටීස්

මෙම ආතරයිටීස් වර්ගය ඕනෑම වයස් සීමාවක පුද්ගලයෙක් හට වැළඳිය හැකි තත්ත්වයකි.

ආතරයිටීස් රෝගයේ පොදු ලක්ෂණ

සන්ධිවල වේදනාව, තද බව සහ සන්ධි ඉදිමීම ආතරයිටීස් රෝගයේ ප්‍රධානතම ලක්ෂණ වේ. ඒ වගේම උදෑසන කාලය ආතරයිටීස් රෝගීන්ට වඩාත් වේදනාකාරීම කාලයක් වෙනවා. ඒකට හේතුව තමයි සන්ධිවල වේදනාව උදෑසන කාලයේ දී වැඩිපුර දැනෙනවා. ඇඟිලි, කොඳුඇට පෙළ, බෙල්ල, උකුළ, දණිස්, වැලමිට වැනි සන්ධි නැමෙන ස්ථාන වැඩි වශයෙන් රෝගයෙන් පීඩාවට ලක් කෙරෙනවා.

සන්ධිවල දැවිල්ල, උෂ්ණත්වය වෙනස් වීම, සන්ධි අවට රත්පැහැ ගැනීම, සන්ධිවල චලනය සීමා වීම වගේම අලස බව, ඉක්මනින් කෝප වීම, සුළු වැඩක දී පවා මහන්සියක් දැනීම, තෙහෙට්ටුවක් දැනීම, උණ ගතිය වැනි ලක්ෂණත් මේ අතර වෙනවා.

මේ රෝගය සුව කරගත හැකි ක්‍රම

ආතරයිටීස් රෝගය ඖෂධ භාවිතය, නිවැරදි ආහාර රටාව මඟින් සමනය කළ හැකි වුවත් නිට්ටාවම සුව කළ නොහැකි බව බටහිර වෛද්‍ය මතය වුණත් සිංහල වෛද්‍ය ක්‍රමයට අනුව එය නිට්ටාවටම සුව කළ හැකි බවට සිංහල වෛද්‍ය විද්‍යාව අනුගමනය කරන වෛද්‍යවරුන් පවසනවා. ඒ වගේම හෝමියෝපති ක්‍රමයෙන් ද ආතරයිටීස් රෝගය සුව කළ හැකි බවට සොයාගෙන තිබෙනවා.

කොහොම වුණත් රෝගය හඳුනාගන්න මුල් අවස්ථාවේම නිවැරදි ප්‍රතිකාර කරනවා වගේම රෝගය සමනය වුණාට පසුව ප්‍රතිකාර අත් නොහැර සිදු කළ යුතුමයි. නිවැරදි ආහාර පුරුදු, නිවැරදි ශරීර ඉරියව් පවත්වා ගැනීමත්
නිතර සිටගෙන සිටීම බර එසවීම නොකළ යුතුයි.

ආතරයිටීස් රෝගියෙක්ට සුදුසු ආහාර

මෙහි දී වැඩි වශයෙන් කැල්සියම්, විටමින් සහ බීටා කැරොටීන් අඩංගු ආහාරවලට වැඩි අවධානයක් ලබා දිය යුතුයි. මේදය රහිත කිරි ආශ්‍රිත ආහාර ලබා ගැනීම, සැමන්, ඕට්ස්, තල ඇට, නිවිති, කොළ ගෝවා, බෝංචි, දඹල, සුදු ලූණු, බ්‍රොකොලි, මිදි, ඔලිව් තෙල්, තල තෙල්, වෝල්නට්ස්, ඉඟුරු වැනි ආහාර ආතරයිටීස් රෝගියෙක්ට සුදුසු ආහාර වේ. එසේම දිරවීමට පහසු ආහාර නිතරම ආහාරයට ගැනීමට වගබලා ගත යුතුයි.

ආතරයිටීස් කියන්නේ ජානමය රෝගයක් නෙවෙයි. ඒ වගේම රෝගය හඳුනාගත් පසුව නිවැරදිව ප්‍රතිකාර කිරීමේ සන්ධිවල විකෘති වීම් වළක්වා ගන්න පුළුවන්. ආතරයිටීස් රෝගියෙක් එදිනෙදා වැඩ ටික සාර්ථකව කරගන්න නම් නියමිත ප්‍රතිකාර අනුගමනය කරමින් රෝගය සමනය කර තබා ගත යුතුමයි.

වෙනත් ලිපි – පාපන්දුවෙන් ලොවක් ආකර්ෂණය කරගත් Fifa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *