ඕනෑ ම ජීවියෙකුගේ අවශ්‍යතාවයන් අතර ලිංගිකව තෘප්තිමත් වීමත් ඇතුළත් වෙනවා. තරුණ වියට පැමිණි පසු ලිංගිකත්වය හා බැඳුණු දේවල්වලට වැඩි ඇල්මක් දක්වනවා. නමුත් විවිධ හේතූන් මත ලිංගික සතුට ට බාධා ඇති වන අවස්ථා ඕනෑ තරම් සමාජය තුළ දැකිය හැකියි.

විවාහ වුණ යුවළක් නම් මේ ගැටලු නිසා විවාහය හැර යන අවස්ථාත් තිබෙනවා. ඒ වගේ ම සියදිවි නසා ගැනීම්ද දැකිය හැකියි. නමුත් එවැනි අවස්ථා තේරුම් ගෙන නිසි ලෙඩ මානසික සහ කායික ප්‍රතිකාර කිරීමෙන් ලිංගිකව බලපාන රෝගවලින් මිදීමට හැකි වෙනවා.

මේ ලිපියෙන් ඔබට ලිංගිකව ඇති විය හැකි රෝග පිළිබඳව දැනුවත් කෙරෙනවා.

1. වැජිනිස්මස් රෝගය

මේ රෝගය ඇති වන්නේ කාන්තා පාර්ශවයටයි. මෙය මනෝ ලිංගික ගැටලුවක් ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. අතීතයේ දී කළවා බන්ධනය ලෙස හැඳින්වූ මෙම රෝගය නිසා කාන්තාවන් බොහෝ පීඩාවට පත්ව තිබෙනවා. යෝනි ප්‍රදේශයේ සියුම් පටක අසාමාන්‍ය ලෙස තද වීම නිසා ලිංගික කාර්‍යය අප්‍රස්සන වීම මෙහි දී සිදු වේ.

මෙම තත්ත්වය ඇති කෙනෙක් අනිවාර්යයෙන්ම පළපුරුදු මනෝ ලිංගික උපදේශකයෙකුගෙන ප්‍රතිකාර ලබාගත යුතුමයි.

2. ලිංගික බෙලහීනතාවය

මෙම අවස්ථාව පිරිමි පාර්ශවයට වැඩි වශයෙන් බලපාන ගැටලුවක් වේ. මේ සඳහා මානසික හේතු වගේ ම අයහපත් හුරුපුරුදු, ලෙඩ රෝග බලනවා. අධික මත්පැන්, සිගරට් භාවිතය මෙයට සෘජුවම බලපාන කරුණකි. දියවැඩියාව, ස්නායු රෝග, අධිරුධිර පීඩනය වැනි රෝග නිසාත් ලිංගික බෙලහීනතාවය ඇති විය හැකියි.

ඒ වගේ ම ඉතා කාර්‍යබහුල වගකීම් සහිත පුද්ගලයෙක් නම් නිතර ප්‍රශ්න ගැටලු විසඳමින් සිටින කෙනෙක් නම් එවැනි අයටත් මේ තත්ත්වයට ඇති විය හැකියි.

3. ශුක්‍ර මෝචනය

ලිංගික සංසර්ගයක දී ඉතා අඩු කාලයක් ඇතුළත දී ශුකාණු පිටවීම ශුක්‍ර මෝචනය ලෙස හැඳින්වේ. මේ සඳහා ශාරීරික හේතු වගේ ම මානසික හේතු ද බලපානවා. තයිරොයිඩ් ග්‍රන්ථියෙ සහ පුරස්ථි ග්‍රන්ථියෙ ඇති ගැටලු නිසාත් මෙම ගැටලුව ඇති විය හැකියි. ඒ වගේ කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග නිසාත් මෙම තත්ත්වය ඇති වෙනවා.

මීට අමතරව මානසික ආතතිය, කුඩා කාලයේ දී මානසිකව බලපෑ ගැටලු මෙයට හේතු වෙනවා. නිසි ප්‍රතිකාර ගැනීමෙන් මෙම තත්ත්වයෙන් මිදිය හැකියි.

4. සුද යාම සහ කැසීම් ඇති වීම

මෙය දිලීර රෝගයක් වේ. Vaginal Candidiasis විදිහට මේ රෝගය හඳුන්වනවා. කාන්තාවන්ට වැළඳෙන රෝගයක් වන මෙම තත්ත්වය නිසා කාන්තාවන් විශාල වශයෙන් අපහසුතාවයට පත් වෙනවා. යෝනියෙන් සුදු පැහැති ද්‍රාවණයක් පිට වීම සහ කැසීම් ඇති වීම මෙහි ලක්ෂණ වේ. මෙවැනි තත්ත්වයන් සමාජ රෝගයක් නොවන බව කිව යුතුයි. නිසි වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව කරගන්න පුළුවන්. ඒ වගේම ශරීරය සිසිල් කරන ආහාර පාන ලබා ගැනීමෙන් මෙම රෝගය පාලනය වේ.

මීට අමතරව ලිංගික ෆෝබියා වර්ග බොහෝමයක් තිබෙනවා. ඒ පිළිබඳව අපි තවත් ලිපියකින් ඔබව දැනුවත් කරන්නම්.

වෙනත් ලිපි – විවෘතව කතා කරන්න අකමැති ලිංගාශ්‍රිත රෝග ගැන හරියටම දැනගමු
ඔසප් කාලයට භාවිත කරන්න පුලුවන් සනීපාරක්ෂක ක්‍රම
ගැබ් නොගෙන සෙක්ස් කරන්න හොඳම උපත් පාලන ක්‍රම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *