සෙක්ස් කරන්න පිරිමි පාර්ශවය පාවිච්චි කරන විවිධ සෙක්ස් ටැබ්ස් වර්ග ටිකක් ගැනයි අද කියලා දෙන්න හදන්නෙ, මේවා හැමෝටම අත්‍යාවශ්‍ය දේවල් නෙමෙ, ඒත් මේවා අත්‍යවශ්‍ය වෙන අය ඉන්නවා. ෆාමසිවල වැඩියෙන්ම විකිනෙන පෙති අතරේ සෙක්ස් ටැබ්ස් ඉදිරියෙන්ම ඉන්න එකෙන්ම කියන්න පුලුවන් මේවාට තියෙන ඉල්ලුම.

“හපෝ අපිටනම් මේවා ඕන්නෑ” කියලා හිතන අයට නෙවේ…. මෙවා ඕන වෙන නොදන්න කෙනෙක් ඉන්නවනම් දැනගන්න අද මේ ලිපිය…

1. Silagra 50mg / 100mg

මේක තමයි ලංකාවෙ ඔය සම්බන්දව වැඩිපුරම බොන පෙත්ත, ගොඩක් කොල්ලො ෆාමසියකට ගිහින් “මල්ලි 50හෙ පෙත්තක්, “පිරිමි පෙත්තක්.” කියලා කන ලගට කරලා හොරෙන් ඉල්ලන් එන පෙත්ත මේක තමයි,

ෆාමසියක විටමින් C විකිනෙන පෙති ගානට ආසන්න ගානක් මේක විකිනෙනවා. මේ පෙත්තෙ තියෙන්නෙ sildenafil කියන රසායනිකය. මේ සිලාග්‍රා පෙත්ත ලංකාවෙ ටිකක් ප්‍රසිද්දයි අනිත් ඒවට වැඩිය. මේක ඇත්තටම පාවිච්චි කරන්නෙ පුරුෂ ලිංගය ප්‍රාණවත් වීම පොඩ්ඩක් අඩු පිරිමි අයට , සරලවම කිව්වොත් මේකෙන් වෙන්නෙ අවශ්‍ය තැන්වල ලේ ගමනාගමනය ටිකක් වැඩි කරන එක.

පුරුෂ ලිංගය ප්‍රාණවත්ව තියන කාලය අඩු වෙලා තියෙන අයටත්, එක පාරක් කරාට පස්සෙ ආයෙ පරක් කරන්න, ඉක්මනට අයෙ ප්‍රාණවත් කරගන්න ඕන වෙන අයටත්, වැඩේ කරලා ඉවර වෙනකල් දිගටම කික් එකේ තියාගන්න බැරි අයටත් මේක හොද බෙහෙතක්..

Side Effects – හෘදස්පන්දනය ගොඩක් වැඩි කරනවා, ඒ නිසා පොඩ්ඩක් කැරකිල්ල වගේ හැදෙන්නත්, අවශ්‍ය වැඩේ ඉවර උනාට පස්සෙ වැඩියෙන් මහන්සි දැනෙන්නත්, පපුව පිටිකොටනවා වගේ හයියෙන් ගැහෙන්නත්, කන් දෙක බ්ලොක් වෙලා ඇහෙන එක අඩු වෙන්නත්, නහය බ්ලොක් වෙලා හුස්ම ගන්නත් අමාරු වෙන්න පුලුවන් කියලා පාවිච්චි කරපු අය නම් දන්නවා ඇති. මාත්‍රාව වැඩි උනොත් පට්ට අවුල්,

අපේ අවවාදය පුරුදු නැති කෙනෙක් නම් පෙති බාගයක් විතර ගන්න වැඩේට පැය බාගෙකට ඉස්සර වෙලා ගන්න. පුරුදුකාරයෙක් නම් පෙත්තකුත් මදි වෙන වෙලාවල් තියෙනවා ඒ අයට තියෙනවා මිලි 100 පෙත්ත..

ඒ වගේම මේක බීලා කෑම කෑවොත් බෙහෙත හරියට වැඩ කරන්නෙ නැ, ඒ නිසා කැම ටිකක් කාල, ඇල්කොහොල් කෝක් බොන්නෙ නැතුව පෙති බාගයක් ගහන්න. මේකත් එක්කම විටමින් ඊ කරලක් බිව්වොත් ඔලුව දෙදරණ වගේ එක අඩුවෙයි.

2. Viagra

නම ඕන කෙනෙක් අහලා ඇතිනෙ, උඩ කිව්ව සිලග්‍රා වල වැඩේම තමයි වෙන්නෙ. ඒත් මේකෙ බ්‍රන්ඩ්නේම් ඉතා ලොවපුරා ප්‍රසිද්දයි, ඒ වගෙම මේකෙ මිල ටිකක් වැඩියි.

බීලා තියෙන අය දන්නවා ඇති මේකේ අනිත් ඒවට වලට වැඩිය පොඩි කික් එකක් තියෙනවා, සමහර වෙලාවට එක පෙත්තකින් සතියක් විතර වැඩ කරන්න පුලුවන්.

ඒ වගේම Vigra original එකට ඔලුව කැරකෙන ගතිය, කන් බ්ලොක් වෙන එක ටිකක් එනවා අඩුයි, ඒත් සුපුරුදු පරදි පපුව නම් ඩක් ඩක් ගානවා දැන් නවතියි වගේ, සල්ලි ප්‍රශ්නයක් නැත්නම් මෙන්න පෙත්ත.

3. Enogra 50/100 mg

කලින් කියපු වැඩේම තමයි වෙන්නෙ, ඒත් මේකෙ පෙත්ත කටේ දියවෙනවා. ඒ කියන්නෙ අනිත් ඒවට වඩා ඉකමනට වැඩ කරනවා. කොහොමත් ඔය ඕන පෙත්තක් හදිසියෙ බොන්න ඕන නම් කරන්න හොදම දේ හපලා කාලා වතුර බොන එක. එතකොට විනාඩි 5 න් වැඩ කරනවා සාමන්‍යයන් විනාඩි 30 ක් යන එක.

4. Cupid 100mg

ලංකාවෙ කොල්ලො පාවිච්චි කරන තවත් හොද බ්‍රැන්ඩ් එකක්.. මේක වැඩිපුරම ජනප්‍රිය අපේ ත්‍රිෆෝසස් වල කොල්ලො අතර තමයි ෆෝස් කොල්ලෙක් ෆාමසියකට ආවම මේකෙ පෙට්ටි 10 20 අරන් යන්නෙ නිවාඩු අනුව. නිවාඩු එද්දි මේක අරන් එන්න කියලා එයාලගෙ ආදරනීය නෝනලා කෝල් කරලම මතක් කරනවා කියලයි එයාලා නම් කියන්නෙ.

5. Sildenafil 50mg

මුස්ලිම් අය අතරේ ටිකක් ජනප්‍රියයි. හැම ෆාමසියෙම නෑ. අනික් ඒවා වගේමයි වෙනසක් නෑ. ගාන වැඩි ඇයිද කියලා නම් දන්නෑ.. සයිඩ් ඉෆෙක්ට්ස් පෙර සේමයි.

6. Megafil 10mg / 20 mg

මේකත් පාවිච්චි කරන්නෙ අර වැඩේටම උනාට මේකෙ තියෙන්නෙ වෙනම රසායනිකයක් tadalafil කියලා, මේකෙත් තියෙනවා වියාග්‍රා වගේ ෆේමස් බ්‍රැන්ඩ් එකක් Cialis කියලා ඒක නම් පෙත්තක් 2500 ක් විතර වෙනවා,

ආයෙ maxdura / Tribull / vigomax වගේ මල්ටි විටමිනුත් තියෙනවා කොහොම උනත් අවසානෙට කියන්න තියෙන්නෙ මේවා බොනවනම් අතුරු ප්‍රතිපල වගෙම දීර්ගකාලින ප්‍රතිපලත් තියෙනවා. ටැබා නැතුවම බැරි වෙනව වගේ වෙන්නත් පුලුවන්. මේ ලිපියෙන් කලේ දැනුවත් කිරිමක් විතරයි.

වෙනත් ලිපි – කැදැල්ලක සතුට නැති කරන දරු ගබ්සා වලට හේතු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *