01. මොකද්ද මේ ගැස්ට්‍රයිටීස් කියන්නෙ ?

ගැස්ට්‍රයිටිස් යනුවෙන් හදුන්වන්නේ ආමාෂයේ ප්‍රදාහක තත්ත්වයකි.අම්ල පිත්ත රෝගය කියලත් මේක හඳුන්වනවා. මෙහි දී ආමාෂයේ බිත්තියට යම්කිසි තුවාල වීමක් සිදුවේ.මෙය සිදු වීමට බොහෝ සෙයින් ම බලපාන්නේ ආහාර ජීර්ණයට මූලික වන හයිඩ්‍රොක්ලෝරික් අම්ල ශ්‍රාවයේ සිදු වන යම් යම් වෙනස්වීම්ය. මේ තත්ත්වය හේතුවෙන් ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ලෙස බඩේ දැවිල්ල, වාතය උගුරට ඒම, හෙවත් බඩේ ගෑස් ගතිය සහ ඔක්කාර තත්ත්වය ඇති වීමට පුළුවන.ආමාශය ඇතුළත බිත්තිවලට දැඩි හානි සිදු වුවහොත් ඉතාමත් බරපතල ප්‍රතිඵල අත්විඳීමට සිදු විය හැකියි.

2. ගැස්ට්‍රයිටීස් ඇති වීමට බලපාන හේතු ?

ගැස්ට්‍රයිටිස් ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (Hcl) ශ්‍රාවය වීම නිසා ආමාෂ බිත්තිය ආවරණය කර ඇති පටලය ඉදිමීමට ලක්වීමයි .එසේ ඉදිමීමට ලක් වු විට පටලය තැනින් තැන තුවාල ඇතිවේ.මීට අමතරව ආමාෂ බිත්තියේ අසාදනයට හේතුවන Helico Bacterpylori නමැති බැක්ටීරියාවද ආමාශ ප්‍රදාහයට හේතු කාරක වේ. වේ.මෙම බැක්ටීරියාව මෑතකදී සොයා ගෙන ඇත.මීට ප්‍රථමයෙන් ගැස්ට්‍රයිටිස් ඇති වීමට බලපාන හේතු ලෙස

  • නිසි වේලාවට ආහාර නො ගැනීම
  • තෙල් අධික ආහාර ගැනීම
  • මිරිස් අධික ආහාර ගැනීම
  • පිටි සහිත ආහාර අධිකව ආහාරයට ගැනීම
  • මානසික ආතතිය නිසා
  • අධික කාර්යබහුලත්වය
  • සමබල ආහාර වේලක් නොගෙන කෘත්‍රිම හා ක්ෂණික ආහාර රටාවකට හුරු වීම
  • නිසි ලෙස ජලය පානය නොකිරීම
  • අධික ලෙස මත්පැන් පානය කිරීම
  • ස්ටෙරොයිඩ් වැනි ඖෂධ වර්ග දිගු කාලීනව භාවිතා කිරීම (මෙම ඖෂධය ස්වසන රෝග සඳහා භාවිත කරන්නකි) දැක්විය හැක.

03. ගැස්ට්‍රයිටීස් රෝගයේ පොදු  රෝග ලක්ෂණ?

  • බඩ පුරවා දැමීම
  • කටට තිත්ත හෝ ඇඹුල් රස දැනීම
  • වමනය
  • ඔක්කාරය
  • ආහාර ගැනීමෙන් පසු වුව ද බඩ පුරවා දැමීම
  • ආහාර දිරවීමේ අපහසුතා
  • ආමාශ බිත්තිවල තුවාල හට ගැනීම
  • ආමාශ බිත්තිවල තිබෙන තුවාලවලින් ලේ ගැලීම
  • රුධිර වහනය නිසා රක්තහීනතාව ඇති වීම

04. රෝග ලක්ෂණ ඇත්නම් ගැස්ට්‍රයිටීස් රෝගය වැළඳී ඇති බව නිගමනය කිරීම නිවැරදි ද?

ගැස්ට්‍රයිටීස් රෝගය හඳුනා ගැනීම ඉතාමත් ම වැදගත්. මෙම රෝග ලක්ෂණ ඒ අයුරින් ම හෘද රෝගාබාධවල ද දක්නට ලැබෙනවා. හෘදයාබාධයක දී වුව ද බඩ පපුව දැවිල්ල ඇති වෙනවා.එම නිසා මෙම රෝග දෙක වෙන් වෙන් ව හඳුනා නොගතහොත් ජීවිත හානි පවා වෙන්න පුළුවන්. එම නිසා රෝගියෙකු පරීක්ෂා කර ප්‍රථමයෙන් ම එම රෝගියාව ECG පරීක්ෂණයකට යොමු කර රෝග තත්ත්වය ගැස්ට්‍රයිටීස් ද නැද්ද යන්න නිගමනය කරනවා.ඒ වගේම වෛද්‍යවරුන් UGI ක්‍රමය භාවිත කරනවා. මෙහිදී මුඛය තුළින් ගලනාලය ඔස්සේ කැමරාවක් සහිත කුඩා නළයක් ආමාෂයට යොමු කර ආමාෂ බිත්තිවල තත්තවය පරීක්ෂා කර බලනවා. මෙමඟින් ආමාෂ බිත්තියේ ඇති තුවාල පිහිටි නිවැරදි ම ස්ථානය, එම තුවාලවල ගැඹුර සහ ඒවා කෙතරම් දුරට විහිදී ඇති ද යන්න නිරීක්ෂණය කර එය නිවැරදිව ම ගැස්ට්‍රයිටීස් ද යන්න නිගමනය කළ හැකියි.

05. ගැස්ට්‍රයිටීස් නිසා ඇති වන අතුරු ආබාධ ?

දිගින් දිගට ම ආමාශ බිත්තිවල තුවාල තිබීම මඟින් තුවාල තව තවත් වර්ධනය වී ආමාශය ඉරී යාමකට වුව ද ලක් විය හැකියි. එම නිසා උදරයේ අධික වේදනාකාරී තත්ත්වක් හට ගන්නවා. අධික රුධිර වහනයක් සිදු වුවහොත් මරණය පවා සිදු වෙන්න පුළුවන්. මීට අමතර ව මෙම රෝගයෙන් පෙළෙන පුද්ගලයකු හට

තම එදිනෙදා කටයුතු නිසි පරිදි කර ගැනීමේ අපහසුතාව,

තමන්ට රුචි පරිදි ආහාර ගැනීමට නොහැකි වීම, මානසික මට්ටම පහත් වැටීම,

නිසි පරිදි ආහාර ජීර්ණය නොවීම ආදි අපහසුතා ඇති විය හැකියි.

06. ගැස්ට්‍රයිටීස් අඩු කරගන්නේ කොහොමද?

මේ ලෙඩේදි අපි ගන්න කෑම බීම ගැන ගොඩක් සැළකිලිමත් වෙන එක තමා ප්‍රධානම කාර්‍යය. ඊට අමතරව පහත දේවල් වලින් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර වලින් රෝගය සමනය කරගන්න බැරිකමක් නැහැ.

  • ප්‍රධාන ආහාර වේල් තුන කලට වේලාවට ගැනීම තමා ඉස්සෙල්ලම කරන්න ඕනේ.
  • ප්‍රධාන ආහාර වේල් අතර බඩගින්නක් දැනෙන්නෙ නැත්නම් කිසිම දෙයක් කෑමට නොගෙන ඉඳීම.
  • තේ, කෝපි බොන එක අඩු කිරීම.
  • කොළ වර්ග අමුවෙන් ආහාරයට එකතු කරනොගැනීම.
  • මාළුමිරිස්, විනාකිරි යෙදූ අච්චාරු වර්ග, තෙල් බැදුම්, අධික තෙල් සහිත මිරිස් සහිත කෑම, චුයින්ගම්, බබල්ගම්, අධික කුළුබඩු යෙදූ ආහාර, චොකලට්, අබ සහ ඉස්සො/දැල්ලො/කකුළුවො/කෙලවල්ලො වගේ සැර මාළු වර්ග ආහාරයට එක් කරනොගැනීම.

07. ගැස්ට්‍රයිටීස් රෝගියෙකුට වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන බෙහෙත් වර්ග ?

ගැස්ට්‍රයිටිස් ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව වන ආමාෂ බිත්තියේ අසාදනයට හේතුවන Helico Bacterpylori බැක්ටීරියාව විනාශ කිරීම සඳහා ඖෂධ වර්ග 3 ක් යහෝ 4 ක් එකට ලබා දීම සිදු කරයි. මේ ඖෂධ වර්ග ඒ ආකාරයෙන් දවස් 7 ක් පමණ එක දිගට ගත යුතු ය.

Helico Bacterpylori නමැති බැක්ටීරියාව විනාශ කිරීම සඳහා ලබා දෙන්නේ Amoxicillin, Clarithromycia, Omeprazone යන ඖෂධ ය.

‍මෙම ඖෂධ තුන එක බැගින් සහ තුනම එකතු කර තැනු ඖෂධයක් ලෙසින් ද ගැනීමට පුළුවන.මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශය අනුව සති දෙකක් පමණ භාවිතා කළ යුතු ය. සමහර අවස්ථාවන් වලදී යමම බැක්ටීරියාව තිබීම නිසා ගැස්ට්‍රයිටිස් තත්ත්වය යළි යළිත් ඇති විය හැකි ය.එවැනි අවස්ථාවලදී නැවත ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වීම වළක්වා ගැනීම සඳහා Omeprazole ඖෂධ සහ Antacid ඖෂධය ලබා දේ. දිගු කාලීනව පවතින ගැස්ට්‍රයිටිස් තත්ත්වය සුව කිරීමට නම් වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන් ම පිළිපැදිය යුතු ය.

08. අත් බෙහෙත් වර්ග?

කොච්චර බෙහෙත් ගත්තත් සමහර වෙලාවට අපෙන් වෙන පොඩි පොඩි අතපසුවීම් නිසා ගැස්ට්‍රයිටීස් ලෙඩේ උත්සන්න වෙන වෙලාවල් තියෙනව. එහෙම වෙලාවකට මේ වගේ අත්බෙහෙතක් දැනගෙන ඉන්න එක වටිනවා.

ක්ෂණික සහනයක් විදියට කෝමාරිකා මදයක් සූරලා ජූස් එකක් බොන්න.

කෝමාරිකා මදය සූරලා වතුර කෝප්පෙකට දාලා රැයක් වහල තියලා උදේට හිස්බඩ බොන්න.

කැහිපිත්තන් කොළ පොඩි කරල යුෂ අරගෙන සෙට් වෙන්න තියල ජෙලි එකක් වගේ හදල කන්න.

බැදගත් කොත්තමල්ලි කුඩු වතුරට දාලා උදේට හිස්බඩ පානය කරන්න

දියබත් දිනපතාම වුණත් කන්න සුදුසුයි. මෙහෙම හදාගන්න. රෑ උයාගත්ත බත් වලට වතුර ටිකක් දාල වහල තියන්න. පහුවදා උදේට පොල්කිරි, රතුළූණු, අමුමිරිස් හීනියට කපලා දාලා දෙහි ටිකක්, ලුණු ටිකක් දාල හොඳට බත් ටික පොඩි කරල කන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *