විශාල පිරිසක් ඉදිරියේ ඔබව පුදුමයට පත් කරමින් ඔබ ආදරය කරන කෙනා ඔබට විවාහ යෝජනා කරොත් ඔබට ඇතිවන හැගීම කොහොමද? ඇත්තෙන්ම එය තමන්ගේ ජීවිතයේ අමතක නොවන දිනයක් නොවනුමානය. ඉතින් ඒ සුවිසේෂි දවසේ ඒ යෝජනාව කරන්න හැමෝම මැණික් ගල් හෝ දියමන්ති මුදුවක් යොදාගන්නවා සම්ප්‍රදායක් විදියට. අද එක ගොඩක් ජනප්‍රිය දෙයක් වෙලා ඉවරයි. ඉතින් අද අපි සුදානම් වෙන්නේ ඔබේ විවාහ ගිවිස ගැනීමට සුදුසුම දීයමන්ති මංගල මුදු වර්ග කීපයක් ගැන ඔබව දැනුවත් කරන්න.

01. ඇක්වාමරින් දියමන්ති මුදුව( Aquamarin Diamond Ring)

ඔබේ විවාහ ගිවිස ගැනීමේ මුදුව විදියට ඔබ තෝරාගෙන තියෙන්නේ නිවර්තන සාගරයේ වර්ණයට බෙහෙවින් සමාන දියමන්ති මංගල මුදුවක් නම් ඒ ඇක්වාමරින් මුදුවකි. විවිධ නිල් මැණික් වර්ග විශාල ප්‍රමාණයක් අතරින් ඇක්වාමරින් මුදුවට හිමිවෙන්නේ සුවිසේෂි ස්ථානයක්. ඒ මෙහි නිල් පාට පමණක්ම නිසා නොව මේ තුලින් ආදරය සංකේතවත් කරන අතර එය බොහෝ කාලයක් ඔබ ආදරය කරන දෙයක් සංකේතවත් කරන නිසාවෙනි.

https://www.youtube.com/watch?v=STP4cmPwSaQ

02. ෂැම්පෙන් දියමන්ති මුදුව(Champagne Diamond Ring)

රන් දුඹුරු දියමන්ති විදියටද හඳුන්වන මේ දියමන්ති අලංකාර හා නවීන දියමන්ති වර්ගයකි. අද වෙනකොට මංගල මුදු සඳහා බහුල ලෙස යොදාගන්න ජනප්‍රිය දියමන්ති වර්ගයක් වේ. මේ දියමන්තියේ වර්ණය ල දුඹුරු පැහැයේ සිට තද පැහැය දක්වා වෙනස් වෙන අතර එය ෂැම්පෙන් වලට සමාන වෙයි.ඔබට ඔබේ පෞර්ෂත්වය වැඩි කරගැනීමට අවශ්‍යනම් ඊට සුදුසුම මුදු වර්ගය මේ ෂැම්පෙන් දියමන්ති මුදුවයි.

03. රූබි දියමන්ති මුදුව (Ruby Diamond Ring)

ආශාව,ධෛර්ය,ආරක්ෂාව රූබි දියමන්ති තුලින් සංකේතවත් කරන අතර එහි තද රතු පැහැය ප්‍රේමයේ අවසාන සංකේතය ලෙස නිරූපණය කරයි.
පුරාන රජවරුන් සහ බිසෝවරුන්ද මෙම දියමන්ති ඔබන ලද මුදු පළඳා ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.රූබි දියමන්ති විවිධාකාර වර්ණවලින් යුක්ත වේ.

04. එමරල්ඩ් දියමන්ති මුදුව (Emerald Diamond Ring)

මෙම දියමන්ති මුදු වර්ගය බොහෝ විට පරිපුර්ණ විවාහ මුද්දක් ලෙස හඳුන්වන අතර ප්‍රීතිමත් හා සාර්ථක විවාහ ජීවිතයක් මෙයින් සංකේතවත් කරයි.මෑත කාලින ජනප්‍රිය විවාහ ගිවිසගැනීම් වල මංගල මුදුව බවට එමරල්ඩ් දියමන්ති මුදුව පත්ව ඇත.ක්ලියෝපැට්රා,එලිසබෙත් ටේලර්,හැලි බේරී වැනි ප්‍රසිද්ධ කාන්තාවන් පවා මෙම මුදුව පැළඳ ඇත. ඒ මෙම දියමන්ති මුදුවලට බොහෝ සන්සුන්වීමේ බලයක් ඇති බවට පවතින විශ්වාසයන් නිසාවෙනි.

05. රෝස දියමන්ති මුදුව ( Pink Diamond Ring )

රෝස දියමන්ති ඉතා දුර්ලබ මැණික් විශේෂයක් වන අතර ඒ තුලින් ආදරය,නිර්මාණශීලිත්වය,ස්ත්‍රීත්වය සහ ප්‍රේමය සංකේතවත් කරයි. රෝස දියමන්ති ඉතා මිල අධික වේ.ඔබේ විවාහයට ඔබ සොයන්නේ දෝෂ රහිත මංගල මුදුවක් නම් ඔබ අනිවාර්යෙන් පැළඳිය යුතුම මංගල මුදු විශේෂයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *