අපේ රටේ වගේම ලෝකය පුරාම තියෙන සුලබ රෝගි තත්වයක් තමයි දියවැඩියාව කියන්නෙ.මේකට හේතුව වෙන්න අපේ ශරීරයේ නිපදවන ඉන්සියුලින් අපේ ශරීරයටම හරියට පාවිච්චි කරන්න බැරි වෙන එක. ඒ වගේම මේ අධික ලෙස රුධිරයේ සීනි අඩංගු වීම “හයිපර්ග්ලයිසිමියාව”කියලත් හඳුන්වනවා. ඇත්තටම ලෙඩක් හදාගන්නවට වඩා ඒකෙන් මුලින් ආරක්ෂා වෙන එක වැදගත්. ඒ නිසා දෙමව්පියන්ට දියවැඩියාව තියෙන දරුවන් මුළ සිටම ආහාර පාන වලින් පාලනය වීම ඉතාම වැදගත් වෙනවා.ඉතින් අපි අද කතා කරන්නේ ඔබ දියවැඩියා තත්වයෙන් හෝ පූර්ව දියවැඩියා තත්ත්වයෙන් පෙළෙනවා නම් අනිවාර්යයෙන්ම වැලකෙන්න ඕනේ ආහාර ද්‍රව්‍ය එකොළහක් ගැන.මෙ ආහාර ද්‍රව්‍ය 11න් ඔයා වැලකිලා හිටියොත් ඔන්න ඔයාටත් පුළුවන් දියවැඩියා තත්වය පාලනය කරගන්න.

01. ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර

කෘතිමව නිපදවන ලද ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර ඔයාගේ ශරීරයට හුගක් අහිතකර වෙන්න පුළුවන්. මාගරින් බටර් වගේ ආහාරවල ට්‍රාන්ස් මේදය අඩංගු වෙනවා ඒ වගේම මෆින් වර්ග හුඟක් බේකරි කෑම වලට ආහාර කල් තබා ගන්න මේ ට්‍රාන්ස් මේද එකතු කරනවා.මෙය ට්‍රාන්ස් මේදය කෙලින්ම ඔයාගේ රුධිරයේ ග්ලූකෝස් තත්ත්වය වැඩි කරන්නේ නෑ.ඒ වුණත් ට්‍රාන්ස් මේදය නිසා ඉන්සුයිලින් ඖෂධයට නිවැරදිව පිළිතුරු දෙන්න බැරි වෙනවා. මේ නිසා ශරීරයට අවශ්‍ය කොලොස්ට්‍රෝල් ප්‍රමාණයත් අඩු කරනවා අනිත් කාරණය රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය හුගක් වැඩි කරනවා. ඒ නිසා දියවැඩියාව පාලනය කරනවා නම් ඔයා අනිවාර්යෙන්ම ට්‍රාන්ස් මේදය අඩංගු ආහාරවලින් හුගාක් වැළකිලා ඉන්න ඕනේ.හැබැයි වෙළෙඳ පොළේදී ඔයාට ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර අඳුනගන්න අපහසු වෙන්න පුළුවන්.මේ හින්දා හුඟක් වෙලාවට ආහාර මිලදී ගැනීමක් කරන කොට එහි ලේබලය බලන්න අමතක කරන්න එපා ලේබලයේ අර්ධ ලෙස හයිඩ්‍රජනනීය කල අහාර ලෙස දක්වා තිබෙනවා නම් ඔයා ඒ වගේ ආහාර මිලදී ගැනීමෙන් වැලකී සිටින්න ඕනි.මොකද ඒවගේ ආහාර වල අධික ට්‍රාන්ස් මේදය අඩංගු හින්දා.

02. පලතුරු රසැති යෝගට්

සාමාන්‍ය යෝගට් දියවැඩියා රෝගීන්ට ලබා දීම එතරම් ගැටලුවක් නැහැ හැබැයි පලතුරු රසැති යෝගට් දියවැඩියා රෝගීන්ට ලබා දෙන්න හොඳ නෑ. පලතුරු සහිත යෝගට් හදන්නේ අඩු මේදය හෝ මේද රහිත කිරි වලින්. ඒ වගේම මේ යෝගට්වලට බොහොමයක් සීනි එකතු කරනවා. ග්‍රෑම් දෙසිය හතළිස් පහක පලතුරු රසැති යෝගට් කප් එකක සීනි ග්‍රෑම් හතලිස් හතක් අඩංගු වෙනවා අධි ශ්‍රීත යොගට් වල අයිස් ක්‍රීම් වලට වඩා සීනි ප්‍රමාණයක් අඩංගු වෙනවා.මෙන්න මේ හින්දා ඔයා පලතුරු රසැති යෝගට් අධිශීත යෝගට් වෙනුවට. සාමාන්‍ය යෝගට් ආහාරයට ගන්න. ඒ නිසා ඔයාගේ දියවැඩියා තත්වය අඩු කර ගන්නත් හැකියාව ලැබෙනවා.

03. පැණි රසැති උදෑසන ධාන්‍ය

ඔයාට දියවැඩියාව තියෙනවා නම් බොහෝ විට උදෑසන ආහාරයට ඔබ ගන්නේ ධාන්‍ය වෙන්න පුළුවන්.හැබැයි කෘතිම සකසන ලද බොහෝමයක් ධාන්‍ය වල ග්ලූකෝස් හුඟක් අඩංගු වෙනවා.මේ හින්ද ශරීරයට අත්‍යවශ්‍ය ශක්තිය ප්‍රෝටීන් ආදිය ලබා දෙනවාට වඩා.ඔයාගේ රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි කරන්න මේ ආහාර හේතු වෙනවා.ඉතින් ඔයා දියවැඩියාවෙන් පෙළෙනවා නම් උදෑසන ආහාර වේල වෙනුවට ග්ලූකෝස් කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර වේලක් ගන්න වෙනවා පුළුවන් තරම් උදෑසන ආහාර වේලට පලතුරු ජාති යොදාගන්න බලන්න. ඒ වගේම රතු බත් වගේ පෝෂණ ආහාර එකතු කරගන්න බලන්න ඒ මගින් ඔයාගේ දියවැඩියා තත්ත්වය පාලනය කරනවා.

04. සුදු පාන් පැස්ටා සහ සුදු බත්

සුදු පාන් පැස්ටා සහ සුදු බත් වැනි ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඔයාගේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම වැඩි කරනවා .මේ නිසා ඔයාට පළවෙනි වර්ගයේ සහ දෙවැනි වර්ගයේ දියවැඩියා තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.තිරුඟු අඩංගු ආහාර වැඩිපුර ලබා ගත්තත් ඔයාට දියවැඩියාව සැදීමේ වැඩි අවදානමක් තිබෙනවා. වැඩිපුර කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර පරිභෝජනය මගින් දෙවන වර්ගයේ දියවැඩියාව තිබෙන පුද්ගලයින්ගේ මොලයේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා.මේ ආහාර වෙනුවට ඔයා තන්තු වැඩි ආහාර පරිභෝජනය කරනවානම් දියවැඩියා තත්ත්වය අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා.

05. අධික පැණි රස බීම වර්ග

ඔයා දියවැඩියාවෙන් පෙළෙනවා නම් අධික පැණි රසිකයින් යුත්ත බීම වර්ග වලින් වැලකෙන්න ඕන. එහෙම වෙන්නේ මේ වගේ බිම වර්ග බොහොමයක ග්ලූකෝස් එහෙම නැත්නම් සීනි අඩංගු හින්දා. මේ නිසා ඔයාට දියවැඩියාවයි තත්ත්වයෙන් මිදෙන්න ඕන නං වැඩිපුර පැණි රස නැති බීම වර්ග වගේම පිරිසිදු වතුර පානය කරන්න.

06. රසකාරක අඩංගු කෝපි පානය

සාමාන්‍යයෙන් කෝපි කියන්නේ දියවැඩියාවට අහිතකර ද්‍රව්‍යයක් නොවේ. හැබැයි විවිධ පැණිරස අඩංගු කෝපි පානයන් දියවැඩියා රෝගයට නම් යහපත් වෙන්නේ නෑ. මෙන්න මේ නිසා ඔයා දියවැඩියා රෝගයෙන් පෙළෙන කෙනෙක් නම් විවිධ රසකාරක අඩංගු කෝපි වර්ග පානය නවත්තන්න ඕනේ දැනට අවන්හල වල් ගොඩක් තිබෙන කෝපි වර්ග වලට විවිධ පැණි රසකාරක එකතු කරනු ලබනවා. මේවා ඉතා ප්‍රණීත වුවත් දියවැඩියා රෝගයට නම් හිතකර වන්නේ නෑ.

07. මී පැනි සහ වෙනත් සිරප් වර්ග

දියවැඩියා රෝගීන් කෑම ජාති ආහාරයට ගන්නේ ඉතා අඩුවෙනි කෝපි චොක්ලට් වගේම ස්වභාවික මී පැණිත් දියවැඩියා රෝගීන් වැඩිපුර භාවිතා කරන්න හොඳ නෑ. මේවා කෘතිම සකසන ලද ආහාර නොවුනත් ගොඩක් ඒවා සීනි අඩංගු වෙන්න පුළුවන් ඔයාට දියවැඩියා පාලනය කරන්න ඕනිනම් මේ වගේ ආහාරත් පාලනය කරන්න ඕනි.

08. සකසන ලද ක්ෂණික ආහාර වර්ග

ක්ෂණික ආහාර වර්ග වගේම ස්නැක් වර්ග ආහාරයට ගැනීමටත් ඔබ කැමති ඇති මේ වගේ ආහාර හදන්න යොදාගන්නේ පාන් පිටි වර්ග ඉතින් මේ පිටි සහිත ආහාර හින්ද ඔයාගේ රුධිරයේ තියෙන ග්ලුකෝස් මට්ටම ඉහළ යන්න තියෙන අවස්ථාව වැඩි. ඔයා දියවැඩියාවෙන් පෙළෙන නම් මේ වගේ ක්ෂණික ආහාර අනිවාර්යෙන්ම අඩු කරන්න ඕනි. දියවැඩියාව පමණක් නොවෙයි වෙනත් ලෙඩ රෝග සඳහාත් මේ ක්ෂණික ආහාර බලපානවා.

09. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්

ඔයාට දියවැඩියාව තියෙනවා නම් මේ ආහාර වර්ගය අනිවාර්යෙන්ම නවත්තන්න ඕනි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදන්නේ අර්තාපල්වලින් එමෙන්ම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වල කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි නිසා රුධිර ග්ලුකෝස් ප්‍රමාණය වැඩි කිරීමට එය හේතු වෙනවා
අනිත් එක තමයි අර්තාපල් ගැඹුරු තෙලේ බැද ගන්න කොට විවිධ විස වර්ග එයට එකතු වීමේ හැකියාව වැඩියි. මේ සංයෝග ශරීර සෞඛ්‍යය පවත්වාගෙන යෑමට බාධා ඇති කරනවා. ලෙඩ රෝග ඇති වීම සාමාන්‍ය දෙයක් හැබැයි ඒවා වළක්වා ගැනීමේ ඕනෑ තරම් ක්‍රම තියෙනවා එහෙම බැලුවම දියවැඩියාව ඇති වීම සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් හැබැයි දියවැඩියා නැති කිරීමට උත්සාහවන්ත වීම ඔයාටත් කරන්න පුළුවන්.විශේෂයෙන් මේ වගේ ආහාරපාන වලින් වැලකීම අනිවාර්‍යයෙන් කරන්න පුළුවන් වෙන්න ඔනි. මීට අමතරව යෝග්‍ය එළවළු පලතුරු වර්ග වගේම දිනපතා සෞඛ්‍යය පවත්වාගෙන යෑම සඳහා ව්‍යායාම කිරීමත් අත්‍යවශ්‍යයි.

10. පළතුරු යුෂ

පලතුරු යුෂ ශරීරයේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය වුවත්. පලතුරු යුෂ වල හුඟක් සීනි අඩංගු වෙන්න පුළුවන් මේ වගේ අධික සීනි තිබෙන පලතුරු යුෂ පානය කිරීම දියවැඩියා රෝගීන්ට සුදුසු වෙන්නේ නැහැ. දැනට වෙළඳ පොලේ තියෙන පළතුරු යුෂ බොහොමයක අඩංගු සීනි ප්‍රමාණය නම් බොහොමයක් වැඩියි ඒ කිසි සේත් ඔබගේ සෞඛ්‍යයට නම් යහපත් වෙන්නේ නෑ.

11. වියළි පලතුරු

පලතුරු වල හුඟක් ඛනිජලවන විටමින් වගේම පොටෑසියම් අයනත් අඩංගු වෙනවා පලතුර වියලීමට ලක් කළාම ඒවායේ ඇති ජලය ඉවත් වෙනවා. මේ හින්ද වියළි පලතුරු වල තිබෙන පෝෂණ සාන්ද්‍රනය වැඩි ඒ හින්දා වියළි පලතුරු වල සීනි සාන්ද්‍රනයත් වැඩියි. වියළීමේදී නැත්නම් මුද්දරප්පලම් මේවා කන්න හුඟාක් අය කැමති හැබැයි මේ වයේ සීනි සාන්ද්‍ර නම් හුඟක් වැඩියි. ඉතින් දියවැඩියාව පාලනයට නම් අනිවාර්යයෙන්ම මේ වගේ ආහාර වලිනුත් වැලකිලා ඉන්න ඕනේ.

ලෙඩ රෝග ඇති වීම සාමාන්‍ය දෙයක් හැබැයි ඒවා වළක්වා ගැනීමේ ඕනෑ තරම් ක්‍රම තියෙනවා. එහෙම බැලුවම දියවැඩියාව ඇති වීම සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් හැබැයි දියවැඩියා නැති කිරීමට උත්සාහවන්ත වීම ඔයාටත් කරන්න පුළුවන්.විශේෂයෙන් මේ වගේ ආහාරපාන වලින් වැලකීම අනිවාර්‍යයෙන් කරන්න පුළුවන් වෙන්න ඔනි.මීට අමතරව යෝග්‍ය එළවළු පලතුරු වර්ග වගේම දිනපතා සෞඛ්‍යය පවත්වාගෙන යෑම සඳහා ව්‍යායාම කිරීමත් අත්‍යවශ්‍යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *