බාල මහලු,වැඩිහිටි, කා අතරත් ජනප්‍රිය පානයක් තමයි සිසිල් බීම කියන්නේ. මුලින්ම තරුණ පරපුර ඉලක්ක කරගනිමින් ප්‍රචලිත කෙරුණ සිසිල් බීම අද වෙනකොට පවුලේ කෑම මේසය දක්වා ව්‍යාප්ත වෙලා ඉවරයි. පාසල්,ආපනශාලා,බොජුන්හල්,උත්සව අවස්ථා,විශේෂ අවස්ථා ඇතුළු සමාජය තුල සිසිල් බීම කෙතරම් සුලබව පරිභෝජනය කරනවද යන්න තුලින්ම ඒකට උදාහරණ සපයලා ඉවරයි. ඒ වගේම අද සිසිල් බීම අද සිය ප්‍රධාන අහාර වේල් සමග පැවතිය යුතු අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වෙලා. ඒ කොහොම උනත් සිසිල් බීම පානය කියන්නේ එතරම් හොද දෙයක්නම් නෙවේ.අපේ සෞඛ්‍යට ගොඩක් නරක විදියට බලපාන්න පුළුවන් දෙයක් තමා මේ සිසිල් බීම.වත්මන් සමාජයේ පවතින නොයෙකුත් බෝ නොවන රෝග තත්ත්වයන්ට අතවනන එක් ප්‍රධාන හේතු කාරකයක් තමයි මේ සිසිල් බීම. ඉතින් අපි අද බලමු මේ සිසිල් බීම නිසා අපට වැළඳිය හැකි බෝනොවන රෝග මොනවද කියල.
1. ස්ථුලතාව

බොහෝ පර්යේෂණ ප්‍රතිඵලයන්ට අනුව සිසිල්බීම පානය හා ස්ථුලතාව අතර ඉතා පැහැදිලි සම්බන්ධතාවයක් පවතී. බොහෝමයක් සිසිල් බීම වර්ග කැලරි අධික ප්‍රමාණයක් ලබා දෙන පාන වර්ග වන අතර ඒවා ඔබගේ ශරීරයේ බර ඉහළ නංවන්නේ තවත් නොයෙකුත් රෝගී තත්ත්වයන්ට මඟ පාදමිනි.
2. අස්ථි රෝග

සිසිල් බීම යනු අධික ලෙස පොස්පේට් අඩංගු වන පානයක් වන අතර, පොස්පේට් මගින් අස්ථි සවිමත් වීමට අත්‍යවශ්‍ය සාධකයක් වන ආහාරයේ අඩංගු කැල්සියම් අවශෝෂණයට බාධා ඇති කරයි. මේ තත්ත්වය ශරීරයේ අස්ථි දුර්වල කිරීමට හේතු වන අතර, අවසානයේ ආතරයිටිස් වැනි රෝග තත්ත්ව දක්වා දීර්ඝ වීමේ අවදානම පවතී. විශේෂයෙන්ම මෙය නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ අස්ථි නිසි ලෙස වර්ධනයට බලපෑම් ඇති කළ හැක.
3. දියවැඩියාව

සාමාන්‍යයෙන් පුද්ගලයකු දෛනිකව සීනි තේ හැඳි පිරිමි 9ත් ගැහැනු 6 ත් ප්‍රමාණය නො ඉක්මවා පරිභෝජනය කළ යුතුය. නමුත් සමහර 355ml ප්‍රමාණය සිසිල් බීම කෑන් එකක පමණක් සීනි තේ හැඳි 9 – 10 ත් අතර ප්‍රමාණයක් අඩංගු වේ. එසේ නම් ඔබ නොදැනුවත්වම ඔබේ ශරීරයට අධික සීනි ප්‍රමාණයක් සිසිල් බීම පානය නිසාවෙන් ඇතුළු වේ. මේ නිසා දීර්ඝ කාලීන සිසිල්බීම පානය රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ නංවා අවසානයේ දියවැඩියාව දක්වා වැඩි දියුණු විය හැක.ඒ වගේම දියවැඩියාව පාලනය ගැන අපි කලින් දාපු ලිපිය කියවන්නත් අමතක කරන්න එපා.
4. හෘද රෝග

දීර්ඝ කාලයක් තිස්සේ පවතින අධික ස්ථුලතාව, දියවැඩියාව, හෘදරෝග දක්වා සංකීර්ණ වීමේ අවදානම පවතී. අධික ලෙස කැලරි අඩංගු මෙම පාන වර්ග හේතුවෙන් රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය, ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යන අතර පසුකාලීනව හෘදයාබාධ දක්වා දීර්ඝ වීමේ අවදානම පවතී, එසේම කැෆේන් නම් වූ රසායන ද්‍රව්‍ය අඩංගු සිසිල් බීම වර්ග අධික පානයට හුරු වූ පුද්ගලයන්ට හෘද රෝග වැළඳීමේ අවදානම පවතී.
5. ස්වසන රෝග

සිසිල් බීම වලට එක් කරන නොයෙකුත් වර්ණක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය හේතුවෙන් ඇදුම වැනි රෝග තත්ත්ව උත්සන්න වීමේ හැකියාව පවතී. විශේෂයෙන් සල්ෆර් අඩංගු රසායන ද්‍රව්‍ය මීට හේතු වේ.මීට අමතරව කැෆේන් අන්තර්ගත සිසිල් බීම වර්ග ආහාර සමඟ පරිභෝජනය කිරීම ආහාරයේ අඩංගු පෝෂකයක් වන යකඩ අවශෝෂණයට බාධා ඇති කරයි.
ඔබ ඉතාමත් ප්‍රිය කරන සිසිල් බීම පසුපස වූ කටුක සත්‍ය මෙයයි. සිසිල් බීම වල අහිතකර ප්‍රතිඵලවලින් වැළකීමට නම් හැකිතාක් අවම ලෙස සිසිල් බීම පානයට හුරු වන්න. ඔබ ඔබගේ සීමාවන් දැන අවස්ථානුකූලව සිසිල් බීම පානයට හුරු වීම වඩාත් යෝග්‍ය වේ. තවද ඔබේ පිපාසය සංසිඳුවා ගැනීමට ජලය පානයට හුරු වන්න. එය ඔබේ සෞඛ්‍යයට වඩාත් හිතකර වනු ඇත.එසේම වැඩිහිටියන් ලෙස ඔබ ඔබේ දරුවාගේ සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත්ව ඔවුන් නිරෝගී පුරවැසියන් කරවීමේ අඩිතාලම ලෙසට යහපත් ආහාර තෝරා ගැනීම් හා ආහාර පුරුදු වලට අද සිටම උනන්දු කරවන්න.