මිනිසුන්ට වැළඳෙන ආහාර හා සම්බන්ධ පුදුම හිතෙන භීතිකා ගැන ඔබ මීට පෙර අසා තිබේද? විශ්වාස කරන්න අපහසු වුනත්, ඇතැම් ආහාර අනුභව කිරීම ගැන ඇත්ත වශයෙන්ම භීතියට පත්වන හෝ ඒ හා සම්බන්ධ සංවේදනයන් නිසා බියට පත්වන මිනිසුන් ලෝකයේ ජීවත් වෙනවා.
මේ ලිපියෙන් අපි කියන්න යන්නෙ අන්න ඒ වගේ ඇහුවම පුදුම හිතෙන එහෙත් ලෝකයේ මිනිස්සු අතර දකින්න ලැබෙන ආහාර භීතිකා ගැනයි.
1. Lachanophobia (ලැකනොෆෝබියා)

මේ භීතිකා තත්ත්වය තියෙන පුද්ගලයන් එළවළු වලට දැඩි බියක් දක්වනවා. මේක නම් සෞඛ්‍යයට ඉතාමත් අහිතකර ලෙස බලපාන භීතිකාවක් ලෙස හදුන්වන්න පුළුවන්.
2. Xocolatophobia (සොකලොෆෝබියා)

මේ භීතිකාව තියෙන පුද්ගලයන් චොකලට් වලට බියක් දක්වනවා. අපිට චොකලට් නොමැති ලෝකයක් ගැන හිතීමත් බියජනක වුවත් මේ පුද්ගලයන්ට නම් එහෙම නෑ.
3. Alliumphobia (ඇලියම්ෆෝබියා)

මේ භීතිකාවෙන් පෙළෙන අය සුදුළූණු හා ළූණු වලින් වැළකී සිටිනවා. ඒ හා සමානව ඇලියම් කුලයට අයත් ආහාර ද්‍රව්‍යවල පෙනීම, සුවඳ හෝ ස්පර්ශය ඔවුන්ට විශාල භීතියක් හා කාංසාවක් ඇති කරනවා.
4. Deipnophobia (ඩිප්නොෆෝබියා)

ඩිප්නෝෆෝබියා රෝගයෙන් පෙළෙන අය අන් අය සමඟ කෑම ගැනීමට හා ආහාර ගැනීමේදී සංවාදයට බිය වෙනවා. එමනිසා මෙවැනි අය අන් අය මගහැර තනියම ආහාර ගන්න සෑමවිටම උත්සාහ කරනවා.
5. Mageirocophobia (මගයිරොකොෆෝබියා)

ආහාර පිළියෙල කිරීමට ඇති බිය මේ නමින් හඳුන්වනවා. මෙම භීතිකාව ඇති පුද්ගලයින් හේතු ගණනාවක් නිසා තමන්ට හෝ පිරිසකට ආහාර වේලක් පිසීමෙන් වළකින්න උත්සාහ කරන අතර ඔවුන් අධික තාපය සමඟ සම්බන්ධ වීම, මුළුතැන්ගෙයි මෙවලම් සහ වට්ටෝරු අත්හදා බැලීම හෝ ඔවුන්ගේ කෑමක් ඉදිරිපත් කිරීම වැනි දේ පිළිබඳව බිය වෙනවා.
6. Mycophobia (මයිකොෆෝබියා)
එනම් දිලීර හෝ හතුවලට ඇති බියයි. මේ භීතිකාවෙන් පෙළෙන අය පීසා එකක ඇති cremini හතු ආහාරයට ගැනීමට පවා බියක් දක්වයි.
7. Arachibutyrophobia (ඇරකිබියුටිරෝෆෝබියා)

රටකජු බටර් (peanut butter) කාපු අය දන්නවා ඉන් එක් සුළු අතුරු ආබාධයක් ඇතිවන බව. එනම් ඔබේ මුඛයේ වහලයේ හෙවත් තල්ලේ එය තදින් ඇලෙන එක. ඇරචිබුටිරෝෆෝබියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් මෙම අතුරු ආබාධයට බරපතල ලෙස බිය වන අතර එමනිසා peanut butter දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.
8. Fructophobia (ෆ්‍රක්ටොෆෝබියා)

මේ භීතිකාව තිබෙන අය පළතුරුවලට දැඩි බියක් දක්වනවා. මේ පුද්ගලයන් පළතුරුවලට කෙතරම් බියක් දක්වනවාද කිවහොත් පළතුරු වගා බිම් මෙන්ම කෘත්‍රීමව පළතුරු රස ගැන්වූ ආහාරපාන වලින් ද වැළකී සිටිනවා.
9. Acerophobia (එසරොෆෝබියා)

එනම් ඇඹුල් රසයට ඇති බියයි. කෙසේ වෙතත් ඇඹුල් රස ආහාරවල අප ශරීරයට අත්‍යාවශ්‍ය විටමිනයක් වන විටමින් C බහුලව අන්තර්ගත වෙන බැවින් මෙම භීතිකාවද සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.
10. Methyphobia (මෙතිෆෝබියා)

මේ භීතිකාවෙන් පෙළෙන්නන් මත්පැන් පානය කිරීමට දැඩි බියක් දක්වනවා. මේ මෙතිෆෝබියා රෝගයෙන් පීඩා විඳින්නන් මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටින අතර ඒවා පානය කරන අයෙකු හමුවීමටද දැඩි අකමැත්තක් දක්වනවා.
11. Ichthyophobia (ඉක්තියොෆෝබියා)

මේ භීතිකාවෙන් පෙළෙන අය මාළු කෑමට දැඩි ලෙස බිය වෙනවා. මොවුන් මාළු කෑමට පමණක් නොව අමු මැරුණු මසුන් දැකීමට හා ඇල්ලීමට ද දැඩි බියක් දක්වන්වා. බොහෝ සංස්කෘතීන්, විශේෂයෙන් නවාජෝ ගෝත්‍රිකයන්, මාළු ඇතුළු සියලු වර්ගවල ජලජ සතුන්ට බිය වන බව ප්‍රසිද්ධියට පත්වී ඇති කරුණකි.
12. Alektorophobia (ඇලෙක්ටොරෝෆෝබියා)

එනම් කුකුළන් සහ කුකුළු මස් වලට ඇති දැඩි බියයි. කුකුළෙකු ගැන සිතීම හෝ කුකුළෙකුගේ පින්තූරයක් පවා මොවුන් තුළ බිය ඇතිකරයි. එය ඇතැම් විට කුකුළු මස් අඩංගු ආහාරවලට ඇති බියක් දක්වා වර්ධනය විය හැකිය.
13. Consecotaleophobia (කන්සෙකොටලියෝෆෝබියා)

චොප්ස්ටික්ස් (chopsticks) වලට දක්වන බිය මේ නමින් හදුන්වයි. මෙම රෝගය අත්විඳින අය චොප්ස්ටික්ස් වටා හෝ හුදෙක් ඒ ගැන සිතන විට පවා අතිශයින් කනස්සල්ලට පත්වෙයි.
ගිම්සරා බාලසූරිය