ගැස්ට්‍රයිටීස්… නිතර අහන්න දකින්න ලැබෙන වගේම විදවන්න ලැබෙන රෝගයක් තමයි මේ. ආයුර්වේදයේ අම්ලපිත්ත රෝගය නමින් හදුන්වන මෙම රෝගයේ (ගෑස්ටික් ) රෝග ලක්ෂණ පොදුවේ බඩ පිපුම, ගුඩුස් යෑම, වාතය පිට වීම, බඩ පපුව දැවිල්ල සහ හිසරදය දක්නට ලැබෙනවා. උදෑසන බඩ දැවිල්ල බඩ පිපුම වැනි රෝග ලක්ෂණවලින් පටන් ගන්න අම්ලපිත්ත රෝගය අධික වූ අවස්ථාවල උදරය අභ්‍යන්තරයේ බඩවැල්වල තුවාල ඇති වීම් සහ ඒමගින් විවිධ රෝග වැළදීමේ අවධානම තියෙනව. සාමාන්‍යයෙන් අපි අම්ලපිත්ත රෝගය සඳහා යෝගට් වැනි දෙයක් ආහාරයට ගත්තද එය තාවකාලික සුලු විසදුමක් විතරයි. අද මේ සටහන අම්ලපිත්ත රෝගයෙන් පීඩාවට පත් වූ ඔබට වඩාත් ගුණදායී හෙළ ඔසුවක් ගැන. කැහිපිත්ත කොල / දීකිරිමුදවන්නා කොල ජෙලි නමින් හදුන්වන මෙම ඖෂධය ඔබගේ අපහසු සහ පීඩාකාරී රෝගයට විසදුම් ලබාදෙන වටිනා ඖෂධයක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- කැහිපිත්ත කොළ / දීකිරිමුදවන්නා කොළ
- ජලය අවශ්‍ය ප්‍රමාණයට
- සීනි ස්වල්පයක්
- ලුණු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය
හොදින් සෝදා වතුර සාමාන්‍ය ප්‍රමාණයට එක් කරමින් කොටාගන්න (බ්ලෙන්ඩර් කරගන්න)
යුෂ හොදින් මිරිකා පෙරා අවශ්‍ය නම් එයට සීනි එක් කරගන්න. (දියවැඩියාව වැනි රෝග තිබේ නම් සීනි එක් කර ගැනීමෙන් වලකින්න)
ලුණු බිංදු දෙකක් පමණ දමා පිරිසිදු භාජනයකට දමා ගන්න.
ටික වේලාවකින් එක ස්වභාවිකවම ජෙලි බවට පත් වේ.
(අවශ්‍ය නම් ශීතකරණයේ තබා සිසිල් කරගන්න)

භාවිතා කලයුතු අකාරය
උදෑසන ආහාරයට ගන්න. එසේත් නොමැති නම් අම්ලපිත්ත රෝග ලක්ෂණ දැනුන අවස්තාවල ආහාරයට ගන්න.
මීට අමතරව ඔයා ඔයා ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. අධික තෙල්, ලුණු සහ පිටි ආහාර ගැනීමෙන් වැළකීම, කෘතිම ආහාර ගැනීම වැළකීම වගේම මානසික පීඩනය අවම වෙන විදිහට වැඩ කරන්න ඕනෙ. හිස්බඩ ඇල්වතුර වීදුරුවක් බොන්න අමතක කරන්නත් එපා.
ඒ වගේම ගැස්ට්‍රයිටීස් සම්බන්ධව මීට ඉහතදී පළකල ලිපියත් කියවන ගමන් අමතක නොකර ශේයාර් කරන්න.
මිථිලා පාඨලී