වැව් බැඳි රට මූලික කරගත් ජලාශ/වැව් සහ ඇළ මාර්ග පද්ධතිය, මෙරට ඉතා ඈත අතීතයේ සිට ම, වී ගොවිතැන පැවති බවට කදිම සාධක වෙනවා. අද අප භාවිතා කරන වී ප්‍රභේද වලට වඩා වෙනස් වී ප්‍රභේද ඔවුන් විසින් භාවිතා කළ බව කියැවෙන අතර පැරණි ජනයා විසින් මෙම වී ප්‍රභේද පාරම්පරික, ස්වදේශීය සහ පාරම්පරික වස්තුව යන නාමයන් ගෙන් හඳුන්වා තිබේ.
සුවඳැල්, පච්ච පෙරුමාල්, කළු හීනටි, රතු හීනටි, සුදු හීනටි, මා වී, කුරුළු තුඩ, රත්දැල්, මඩතවාලු, හැටදා වී, දහතල, දෙවැරිද්දිරි, මසුරන් මෙම සාම්ප්‍රදායික සහල් ප්‍රභේද ලෙස හඳුන්වා දිය හැකියි. නමුත් පසුකාලීනව මෙරට ආර්ථිකයේ සිදු වූ නොයෙක් විපර්යාස හේතුවෙන්, නව වී ප්‍රභේද භාවිතයට ගොවියන් නැඹුරු වී තිබෙනවා. සම්ප්‍රදායික වී එතරම් භාවිතයේ නොතිබුනත් අප අද ඔබව දැනුවත් කරන්න යන්නේ ලංකාවේ සම්ප්‍රදායික සහල් වර්ග සහ ඒවායේවල පවතින ගුණ පිළිබඳවයි.
1. කළු හීනටි

ඖෂධීය ගුණයන්ගෙන් පෝෂිත රතු කැකුළු සහල් විශේෂයක් වන කළු හීනටි කාය ශක්තිය වර්ධනයට, ශරීරගත විෂ නැසීමට, කැඩුම් බිඳුම් වෙදකම සහ විෂ වෙදකමට, ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ටද ගුණදායක සහල් වර්ගයක් වේ.
2. සුවඳැල්

ශරීර වර්ධනය ඇති කරයි, කටහඬ මිහිරි කරවයි, බහිස්ස්‍රාවී ක්‍රියා මනාව පාලනය කරයි, දියවැඩියාව පාලනය කරයි.සුවඳැල් වී වල පෝෂ පදාර්ථ වලින් 90% ක් කාබොහයිඩේ‍්‍රට්ද, 7% ක් අසංස්කෘත ප්‍රෝටීන්ද, 0.7% ක් අසංස්කෘත මේදයද සහ 0.1% ක ප්‍රමාණයක අසංස්කෘත තන්තුද වේ.
3. සුදු හීනටි

දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩි වීම සහ අධික රුධිර පීඩනය පාලනය කරයි, ශරීර ශක්තිය වර්ධනය කරයි.එමෙන්ම පිළිකා රෝග මැඩලීමේ හැකියාවද මෙම සහල් වලට පවතී.
4. මඩතවාලු

රතු සහල් විශේෂයක් වෙන මෙම මඩතවාලු සහල් ශරීරයේ ප්‍රතිශක්තිකරණය නංවාලීමට උපකාරී වේ.දියවැඩියා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරයි.
5. මා වී

රත් පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුත් කාබොහයිඩේ්රට් අඩු ප්‍රෝටීන් වලින් සහ තන්තු බහුල වී වර්ගයකි.ශරීර ශක්තිය සහ ජනන හැකියාව වර්ධනය කරන අතර සිහින් හැඩති ශරීරයක් පවත්වා ගැනීමට උපකාරී වේ. අනෙකුත් පොදු වී වර්ග හා සසඳන විටදී මා වී 25% සිට 30% දක්වා අඩු Glycemic Index (GI) වලින් යුක්තය.මෙහි පෝෂ්‍යදායී කාබොහයිඩේ්රට් 84.5% ක් ද, ප්‍රෝටීන් 9.4% ක් ද, මේදය 3,6% ක් ද, තන්තු 1.1% ක් ද අඩංගුය.
6. මසුරන්

දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය සහ පිළිකා සෛල පාලනය කරයි.
7. රත්දැල්

සෙම් රෝග පාලනය කරයි, ඉතාම සැහැල්ලු පිටි ලබාගත හැකි බව කියැවේ.මෙය සිරෝසිස් රෝගයෙන් පීඩා විඳින්නන්ට සහනයක් ගෙන දෙනු ලබන ඉතා රසවත් රතු සහලකි. රත්දැල් වලින් සාදනු ලබන තලප සහ හොද්ද වයිරස් උණ රෝගීන් සඳහා ඉතා යෝග්‍ය වේ. මේවා මානසික ආතතිය නිසාවෙන් හට ගනු ලබන කුෂ්ඨ සඳහාද නිර්දේශිත වන අතර මුත්‍රාශ ආශ්රිත රෝගයන්ට සහනයක් ගෙන දීමේ හැකියාවක්ද මේවාට ඇත. එමෙන්ම මළපහ කටයුත්ත පහසුවෙන් සිදු කර ගැනීමටත් ශරීරය සිහිල්ව පවත්වා ගෙන යාමටත් මෙම සහල් උපකාරී වේ.
8. පච්චපෙරුමාල්

දිනපතා අහාරය සඳහා ඉතා සුදුසු වන අතර පෝෂ්යදායිත්වයෙන් සහ ප්‍රෝටීන් වලින් සපිරි සහල් විශේෂයකි. දියවැඩියාව සහ හෘද රෝගීන්ට ඉතා යෝග්‍ය වේ.