පොත් ජීවිතේ පරිපූර්ණ කරවන බව ප්‍රසිද්ධ කියමනක්, සර්වකාලීන වටිනාකමක් දෙන්න පුළුවන් දේවල් වලින් ඉහළින් තියන්න පුළුවන් දේ අතරින් පොත්වලට ලැබෙන තැන අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් අද අපි අරගෙන ආවේ ඉංග්‍රීසි සාහිත්‍යයේ ආන්දෝලනාත්මක පොත් ටිකක් ගැනයි. මේ පොත් සෑම කාලයේම ජනප්‍රිය පොත් වගේම සමහර පොත් ප්‍රකාශයට පත් කරපු ගමන් තහනමට ලක්වුණු පොත්.

බලන්න ඔබ මේ පොත් කියවල තියෙනවා ද කියලා.

1. The Colour Purple

ඇලිස් වෝකර් (Alice Walker) අතින් ලියැවුණු මේ පොත 1900 මුල් භාගෙයේ ලියවූවක්. ලෝකයේ කලාතුරකින් ලැබෙන පුලිස්ටර් ත්‍යාගය හිමිකරගන්නට මේ පොතට හැකි වුණා.

සෙලී කළු ජාතික කාන්තාවක් වන අතර ඇය කුඩා කළ සිට බලවත් අපයෝජනයන්ට ලක්වන කාන්තාවකි. මේ කතා පසුබිම තුල දේශපාලනික පෙරළියත්, වර්ණභේදයත් හරි අපූරුවට කතා කරනවා.

2. The Adventures of Huckleberry Finn

මාර්ක් ට්වින් (Mark Twin) ඇමරිකානු සාහිත්‍යයේ පියා ලෙසින් හැඳින්වේ. මොහුගේ ආන්දෝලනාත්මක ග්‍රන්ථයක් වූ The Adventures of Huckleberry Finn කෘතිය ඇමරිකානු සාහිත්‍යය තුළ පූර්ණ කාලීනව තහනමට ලක් වූ කෘතියක්. හක් (Huck) කුඩා පිරිමි ළමයෙකු වටා දිවෙන මෙය මිසිසිපි ගං ඉවුරේ (Mississippi River) පසුබිම සමග දිව යයි.

3. One Hundred Years of solitude

ග්‍රේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස් (Gabriel Garcia Marques) නොබෙල් ත්‍යාගලාභී රචකයෙක් ය. ඔහු විසින් රචිත මෙම කෘතිය ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ වඩාත් සමීප කතාවක් වන අතර බුවෙන්ඩියා පවුලේ (Buendia Family )පරම්පරා හතක කතාව ගොඩනගයි. පශ්චාත් යටත් විජිත සමයේ කැළඹිලි සහගත ලතින් ඇමරිකානු ඉතිහාසය පසුබිම කොට ගෙන ඇත.

4. Don Quixote

මිගෙල් ද සර්වාන්තස් ( Miguel de Cervantes) ගේ කෘතියක් වන මෙය එක් පුද්ගලයෙකු වටා දිවෙන Don Quixote නම් පුද්ගලයාගේ සාර්ථක වන සහ අසාර්ථක වන වික්‍රමාන්විත ජීවිතයත්, ඒ වටා හමුවන මිනිසුන් පිළිබදව කියැවුමත්, මිනිස් ජීවිතයේ අභාවයට යන උත්සාහය පිළිබද ව මතු කරවන්නටත් උත්සාහ ගෙන ඇත.

5. Charlotte ‘ s web

ඊ.බී වයිට් (E.B White) ගේ Charlotte ‘ web කෘතිය කියවූ විට ළමයින්ට වෙන්වූ කතාවක් වැඩිහිටියෙකුගේ සිත් ඇදගන්නා අයුරින් ලියා තිබෙන බවට වන හැගීමක් එනු නිසැකයි. චාල්ට් මකුළුවාගේ සහ ෆර්න් නම් දැරිවිය ජීවත් වූ ගොවිපළ වටා දිවෙන මෙම කතාව මිත්‍රත්වය , සෙනහස සහ ආරක්ෂාව, ත්‍රාසජනක හා හාස්කම්, ඒ වගේමයි ජීවිතය සහ මරණය ගැන හරි අපූරුවට පොඩිහිටියන්ගේ මොළේට කියාදෙන පාඩමක් කියලයි බොහෝ විචාරකයින්ගේ මතය.

6. Things Fall Part

චිනුවා අචේබේ ( Chinua Achebe) නොමැති අප්‍රිකානු සාහිත්‍යයක් නොමැති තරම්. බ්‍රිතාන්‍යය විසින් ගෙන ගිය සංස්කෘතික ජනපදකරණයට එරෙහිව කටයුතු කරන ඉග්බෝ (Igbo) නම් මිනිසාගේ දෘෂ්ටියෙන් ලියැවූ ප්‍රබන්ධ නවකතාවක් ලෙස චිනුවා විසින් ලියන ලද්දක්. “ඉතිහාසය සාමාන්‍යයෙන් ලියනු ලබන්නේ ජයග්‍රාහකයින් විසිනි” යන්න මෙම ග්‍රන්ථය තුළ අභියෝගයට ලක් කරයි.

7. The City and Pillar

20 වන සියවසේ විවෘත විකාර රූපී ලේඛකයකු වූ ගෝර් විදාල් ( Gore Vidal) ගේ ආන්දෝලනාත්මක කෘතියක් ලෙස මෙය ප්‍රසිද්ධ ය. මිනිසුන් කෙරෙහි තමා පිළිබද ව ආකර්ශනයට යොමු කරන ජිම් ( Jim) ගමන් ගත් New York, New Oreans, Hollywood හී පිරිමින් සමග ගත කළ සමලිංගික ජීවිතයත්, ඒ වටා සමාජයේ ඔවුන්ගේ ආවෘත වීමත් අතර වන දේශපාලන පිළිබදව සාකච්ඡා වෙයි.

8. Jane Eyre

චාලට් බ්‍රොන්ටේ ( Charlotte Bronte) ගේ මෙම කෘතිය පළමු ස්ත්‍රීවාදී නවකතාව ලෙස සැලකේ. සරළ ගැහැණු දරුවෙකු වූ ඇය ජීවිත අරගලය වෙනුවෙන් සටන් කරන කාන්තාවගේ පැතිකඩක් බදුය. කුඩා කළ සිට අනාදරය, වෙන්වීම්, කෲරත්වය තුළ ඇගේ සතුට සොයන ජේන්ගේ කතාව මින් කියැවේ.

9. The God of Small Things

අරුන්දතී රෝයි (Arundathi Roy) ගේ නූතන සම්භාව්‍ය සාහිත්‍යයේ විශිෂ්ඨ කෘතියක් ලෙස මෙම ග්‍රන්ථය මෑන් බුකර්( Man booker prize wining ) ත්‍යාගෙයෙන්ද පිදුම් ලැබූවකි. පවුල් දේශපාලනය දැඩි ලෙස සාකච්ඡා වන මෙහි 1969 – 1993 ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත කාලය පසුබිම කොටගෙන ඇත. කුලවාදය, ආගම ,ස්ත්‍රීත්වය පිළිබද කෘතියෙ චරිත වන අම්මු, මම්මාචි, මාමා චාකෝ, ලොකු අම්මා බේබි කොචම්මා, සහ ඔවුන් සමග ජීවත් වන එස්තා සහ රහෙල් වටා ගොඩ නගයි.

10. The Master & Margarita

රුසියානු සාහිත්‍යය සහ මනඃකල්පිත සන්දර්භයක් සමග ගෙතෙන මෙම කෘතිය හොඳ සහ නරක, බුද්ධිමයවාදය සහ ආදරය ගවේෂණය කරන්නා වූ ගොඩනැංවීමකි. මෙය සෝවියට් සංගමයේ වාරණයන්ට ලක්වූ අතර පසුව අනුවාදයක් ප්‍රකාශයට පත් ව ඇත. සර්වකාලීන ගැටලු සමග දාර්ශනික කියැවීමක් මෙහි ඇතුළත් ය.1930 මොස්කව් සහ ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ ජෙරුසෙලම යා කරන සමාන්තර කුමන්ත්‍රණයක් මෙහි ගොඩ නගයි. මාස්ටර්, මාගරීටා, මහාචාර්ය වෝලන්ඩ් මෙහි චරිත ලෙස කැපී පෙනේ.

සාහිත්‍ය මාසෙ මේ පොතුත් අලුත් පොත් එක්ක කියවන්න එකතු කරගන්න ,සමහරවිට අතඇරලා දාපු පරණ දේවල් ආයෙත් ඔයාගෙ ජීවිතේට මේ පොත් ඇතුළෙන් ම හොයාගන්න පුළුවන් වෙයි.

ඉෂාන්ති අමරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *