අලුතින් එන චිත්‍රපට ගැන පූර්ව ප්‍රචාරක පට යනකොටම චිත්‍රපට ලෝලීන්ගේ අවධානය ගත්ත Metrix චිත්‍රපට මාලාවේ 2021 දෙසැම්බර් එන්න තියෙන හතරවන දිගහැරුම බලාගෙන ඉන්න අයටත් ,මේ Metrix ගැන නොදන්නා අයත් පොඩ්ඩක් බලමු ද මේ Metrix චිත්‍රපටය ආ ගමන ගැන. මේක නිකම් ම චිත්‍රපට කියල බැහැර කරන්න බැරි හැම කාලෙම කතා කරන්න පුලුවන් දේශපාලන ,ආගමික ,දාර්ශනික,විද්‍යාත්මක අංශයන් සූක්ෂ්මව ග්‍රහණය කරගෙන තියෙන නිසා බවයි විචාරකයින්ගේ අදහස

1. The Matrix (1999 March 31 )

ඇමරිකානු පළමු නිෂ්පාදනයක් වන මෙහි පිටපත සහ අධ්‍යක්ෂණය වචොව්ස්කි( The Wachowskey) සහ නිෂ්පාදනය ජොයෙල් සිල්වර් (Joel Silver ) විසින් කරන ලදී. මෙය වෝනර් බ්‍රදර්ස් (Warner Bros. Entertainment (Warner Media ) වෙතින් නිකුත්කර තිබේ. මෙය ආදායම් වාර්තා අතර 465.3 million USD හිමි කරගත් අතර මෙහි IMDB අගය 8.7 /10 කි.

Keanu Reeves විසින් මෙහි තෝමස් ඇන්ඩර්සන් ( Thomas Anderson ) නියෝ නමින් හැදින්වෙන චරිතයට පන පොවන අතර මේ පුද්ගලයා ගත කරන්නෙ සාමාන්‍ය ජීවිතයකි. දවසේ වැඩ මෘදුකාංග කාර්මිකයෙක් වශයෙන් සිටිමින්, රාත්‍රියේ ඔහු පරිගණක හැකර්වරයෙකු ( Computer Hacker ) කෙනෙක් බවට පත්වෙයි. ඔහුව සොයා එන ට්‍රිනිටි( Trinity ) නම් කාන්තාවක් විසින් නියෝ හට මෝර්ෆියුස් ( Morpheus ) නැමැත්තෙක් හදුන්වා දෙයි . මෙපමණ කලක් තිබෙන අඳුරු රහස් නියෝට එතැන් සිට හෙළිදරව් වේ. නියෝ සැමවිටම ඔහුගේ යථාර්ථය ප්‍රශ්න කළ නමුත් සත්‍ය ඔහුට සිතිවිලිවලින් එහාට යයි. මෙය සුපිරි පරිගණක වැඩසටහන්කරණයක් හා සමානය. මෙය Forbidding Underworld ( තහනම් පාතාලය) වෙත යන සයිබර් බුද්ධිමය රැවටීමක්ද ? ෆිල්ම් එක බලල ම හිතන්න.

2. The Matrix Reloaded (2003 May 15)

ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධයක් වන මෙහි පිටපත සහ අධ්‍යක්ෂණයත් වචොව්ස්කි( The Wachowskey) සහ නිෂ්පාදනය ජොයෙල් සිල්වර් (Joel Silver ) විසින් කරන ලදී. වෝනර් බ්‍රදර්ස් (Warner Bros. Entertainment (Warner Media ) විසින් මෙම චිත්‍රපටය මුදාහැර ඇත. මෙහි ආදායම් වාර්තා අගය $ 739.4 million වන අතර IMDB අගය 7.2/ 10 ක් ලෙස හිමිකරගෙන තිබේ.

නිදහස් සටන්කාමීන් ලෙස නියෝ ( Neo) ,ට්‍රිනිටි (Trinity ) සහ මෝර්ෆියස් , මැෂින් හමුදාවට එරෙහිව ( Machine Army) මෙහිදී සටන් කරයි. මෙහිදී නැවත මැට්‍රික්ස් වෙත යමින් අවිගබඩාව සපයා ගනියි. මෙහි මර්දනය සූරාකෑමේ බලවේගයන්ට එරෙහිව අසාමාන්‍ය කුසලතා සහ ආයුධ ,ඇදහිලි ,දැනුම ආදරය සමග නියෝ මෙහි සිය වික්‍රමය දිග හරී. සියෝන් සෙවීමට ත් මිනිස් ප්‍රතිරෝධය අතුගා දැමීමටත් පැමිණෙන 250,000 ක් වූ මුරකරුවන් (sentinels ) ගේ ක්‍රියාදාමය මෙහි දිවේ. පළමු පරිච්ඡේදය බලා මෙහි ස්වරූපයේ දිගහැරුම බලන්න පුළුවන් .

3. The Matrix Revolution (2003 November 05)

මේ දිගහැරුමෙත් පිටපත සහ අධ්‍යක්ෂණය වචොව්ස්කි( The Wachowskey) සහ නිෂ්පාදනය ජොයෙල් සිල්වර් (Joel Silver ) විසින් කරන ලද්දක්, මෙයත් වෝනර් බ්‍රදර්ස් (Warner Bros. Picture ) වෙතින් වෙතින් මුදාහැර ඇත. ආදායම් වාර්තා ලෙස $ 427.3 million සහ IMDb අගය 6. 8/10 ක් වශයෙන් සටහන් විය.

මෙහි දී නියෝ (Neo) තමන් Metrix සහ සැබෑ ලෝකයේ සිරවී සිටින බව සොයා ගනී. මිනිසා හා යන්ත්‍රය අතර වන යුද්ධය මෙහිදී වර්ධනයට පැමිණේ. සියන් හමුදාව (Zian Military ),සී සහ කිඩ් ( Zee and Kid) වැනි උත්සාහවන්ත සිවිල් ස්වේච්ඡා සේවකයින්ගේ අධාරයෙන් සෙන්ටිනල් ( Sentinel) ආක්‍රමණයට එන මැෂින් හමුදාව (Machine Army) සමග මානව වර්ගයාගේ අනාගතය වෙනුවෙන් දරුණු සටන් ඇවිලේ. මෙය බොහෝ දුරට Metrix චිත්‍රපට මාලාවේ අවසානය බව බොහෝ විචාරකයන් පැවසුවද එය නැරඹූ සියල්ලම දැන් සිටින්නෙ ඊළඟ පරිච්ඡේදය දිගහැරෙන තුරුය.

https://www.youtube.com/watch?v=NhoaoTZJSX4

4. The Matrix Resurrections (2021 December 22 )

වසර ගණනක නිහැඬියාවකින් පසුව එන Metrix ඊළඟ දිගහැරුම කුමක් කරයිද? පසුගිය සතියේ එහි පූර්ව ප්‍රචාරක පටයෙන් නැවත Metrix රසිකත්වය ඇවිස්සි ඇත. ලානා වොචොව්ස්කිගේ (Lana Wachowskey ) අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් ඇය හා එක්වන ඩේවිඩ් මිචෙල් ( Devid Michel ) ,ඇලෙක්සැන්ඩ්‍රා හේමන් ( Alexsandar Heman) ගේ නිර්මාණාත්මක වෑයම ගෙන එන්නෙ මෙවරත් වෝනර් බ්‍රදර්ස් (Warner Brothers ) සමාගමයි.

මෙහිදී නියෝ ( Neo) ගේ මනස මැෂින් මේන් රාමුව ( Machine Mainframe ) තුළ සිරවී ඇත. මින් ඔහු මුදවාලන්නට ට්‍රිනිටි ( Trinity ), මෝර්ෆියුස් ( Morpheus ) සහ සෙරෆ් (Seraph ) මූලිකත්වයෙන් ක්‍රියාකාරී වෙති. සියෝන් ආරක්ෂාව පිණිස එහි ආරක්ෂාව බලමුලු ගැන්වේ. ස්මිත් ( Smith) නැවැත්වීම තුළ මනුෂ්‍යත්වය රැකගත හැකි බව විශ්වාස කරන නියෝ ( Neo) ,ඔරකල්ගෙන් (Oracle ) ඉගෙන ගන්නට නැවත පැමිණේ. මෙය කෙසේ මනුෂ්‍යත්වය ඉරණම තීරණය කරයිද ? ඉවසීමෙන් ඉන්න පුළුවන් නම් 2021 දෙසැම්බර් වෙනකම්.

චරිත රගපාන අයගෙන් ප්‍රධාන චරිත කරපු කීනු රිවිස් (Kenue Ravees ) නියෝ ලෙස Neo සහ කැරී ඈන් මොස් ( Carrie Anne Moss ) ට්‍රිනිටි ( Trinity ) ලෙස නැවත සිව්වන දිගහැරුම ට ආවත්, මෝර්ෆියුස් ( Morpheus ) විදියට චිත්‍රපට තුනකම හිටපු ලෝරන්ස් ෆිෂ්බර්න් ( Laurence Fishburne ) සිව්වැන්නෙ නොමැති වීම හිඩැසක් ,ඒ වෙනුවට ඉන්නෙ යාහ්යා අබ්දුල් මාටින් (Yahya Abdul Mateen ) ,ඒ චරිතයට කරන්නෙ මොන වගේ සාධරණයක්ද කියල බලන්න ම වටිනව , Metrix කලින් කොටස් තුනේ ඒජන්ත ස්මිත් (Agent Smith) මතක ඇති .හියුගෝ වේවින්ග් ( Hugo Weawing) විශිෂ්ට ඇගයීමට ලක්වුණු නලුවෙක් . ඔහු මේ නවතම කොටසේ ඉන්නව ද නැද්ද කුතුහලය එක්කම බලන්න , ප්‍රියංකා චොප්‍රා කරන්න යන්නෙ මොනව ද ?මේ චිත්‍රපටිය විද්‍යා ප්‍රබන්ධ අතර කුමන වෙනස්කම් කරයිද ඉස්සරහට බලමු.

ඉෂාන්ති අමරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *