නිවැරැදි ආහාර රටාවකට හුරුවීම කියන්නෙම ගොඩක් ලෙඩ රෝග වලින් ඈත් වෙලා ඉන්න පුළුවන් කියන එක. අපි මොනව කළත් ශරීර ශක්තිය නිවැරැදි ආහාර එක්ක ගොඩනගන එක හැමෝටම හොඳයි නේද ? අපිට එදිනෙදා භාවිතයට ගන්න කෑම ගැන කියන්න ගියොත් ඒ කෑමවල පාට ගැන එක එක කතා කියන්න පුළුවන් . මේ ප්‍රතිකාර ක්‍රමය අද ඊයේ නෙවෙයි ඉස්සර ඉදන් ම මිනිස්සු අත් හදාබලපු ක්‍රමයක්, ඒ කියන්නෙ රෝග සුවකිරීම සදහා විවිධ වර්ණයන්ගෙ ආහාරපාන පරිභෝජනය කරන එක. මේ ක්‍රමය හදුන්වන විද්‍යාත්මක නාමය” Chromotherapy ” ලෙස හඳුන්වනවා.
ඉතින් අද අපි ඔබට කියන්න සුදානම් වෙන්නේ පාට පාට ආහාරවලින් කොහොමද ලෙඩ සුව වෙන්නේ කියලා.
1. රතු පැහැයේ ආහාර

බීට්, රාබු, රතු ගෝවා, තක්කාලි, කොමඩු, රතු බෙරි මේ වගේ ආහාර ගත්ත ම ශරීරයට උත්තේජක ශක්තිය ලබාදෙනවා. ධමනි රුධිරය උත්තේජනය කරන ගමන් එහි අන්තය සිසිල් කරනවා . අඩු රුධිර පීඩනය, අංශභාගය හා රක්තහීනතාවයෙන් ආරක්ෂා වෙන්න පුළුවන් මේ රතු පැහැයෙන් ආහාර ගත්තම.
2. තැඹිලි පැහැයේ ආහාර

තැඹිලි පැහැයෙන් ආවරණය වූ ආහාර මේකට අයිති. කැරට්, තැඹිලි, ඇප්රිකොට් ඇට, අඹ, පීච්, පැපොල් වැනි පලතුරු රුධිර සැපයුම උත්තේජනය කරන ගමන් රුධිර පීඩනය වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය අඩු කරනවා. වකුගඩු පිත්තාශයේ ගල්, හර්නියා සහ ඇපෙන්ඩිසයිටීස්වලට වන රෝග සුවකිරීම සදහා වැඩි දායකත්වයක් දෙනවා. ප්‍රසූතියෙන් පසු මව්වරුන්ට මව් කිරි සදහා අවශ්‍ය උත්තේජනය මෙම තැඹිලි පැහැති අහාර වලින් සපයන බව සදහන්.
3. දම් පැහැයට සමාන Violet පැහැයේ ආහාර

බටු, බෙරි, දම් පැහැති මිදි, කලු කැරට් වැනි ආහාර මේකට අයත්. මානසික වශයෙන් තියෙන චිත්තවේගීය කැළඹීම්, ආතරයිටීස්, ඒ වගේම නින්ද නොයාමේ රෝග සුවකිරීම සදහා මේ ආහාර කදිමයි.
4. කහ පැහැයේ ආහාර

දෙහි, දොඩම්, මිදි, වට්ටක්කා, කොමඩු, කෙසෙල්, අඹ, පේර මේ ආහාරවලට අයත්.
දරුවන්ගේ අක්මාවේ හා ප්ලීහාවට උත්තේජනය සපයන ආහාර වන අතරම දියවැඩියාව, අජීර්ණය, වකුගඩු , අක්මා රෝග, මලබද්ධය, ඇස් හා උගුර ආශ්රිත රෝගවලටත්, බෙලහීනතාවට ප්‍රතිකාර ක්‍රමයක් විදියටත් මේ ආහාර ගන්න පුළුවන්.
5. දම් පැහැයේ ආහාර

ස්වාභාවික දම් පැහැති ආවරණය සහිත දම් පැහැති ගෝවා, සලාද කොළ, දම් බෝංචි මේ ආහාරවලට අයත් වෙන අතර රුධිරය සිසිලනකාරකයක් විදියට වැඩ කරන ගමන් විෂබීජ නසන ආහාර විදියට මේව හදුනාගන්න පුළුවන්. මලබද්ධය, ලියුකෝරියා, ආමාශයේ රෝගාබාධ, ඇසේ සුද, ඉරුවාරදය තියෙනවා නම් මේ ආහාර ගැනීමෙන් නිරෝගී වෙන්න පුළුවන් වෙයි.
6. කොළ පැහැයේ ආහාර

කරවිල, නිවිති, කෙසෙල්, සලාද කොළ, කඩල, මුං ඇට, අඹ, බෙරි, පෙයාර්ස්, බෝංචි වගේ ආහාර මේකට ගන්න පුළුවන්. ශරීරය සිසිල් කරන ආහාර මේකට අයත්, ශරීරයේ එන වණ, ඉන්ෆ්ලුවන්සා, මැලේරියාව, ලිංගාශ්‍රිත රෝග ,පිළිකා රෝග වගේම අධික ප්‍රතිකාර නිසා ශරීර දැවිල්ල ඇති කරන රෝග සුවකිරීම සදහා වැඩි දායකත්වයක් මේ ආහාර සපයනවා.
7. නිල් පැහැයේ ආහාර

නිල් පැහැති බෝංචි, නිල් පැහැති මිදි, බෙරි මේ ආහාර වලට අයත්. ශරීර වේදනාව අඩු කරන ආහාර විදියට මේ පැහැයේ ආහාර ප්‍රසිද්ධයි. ලේ වහනය අවම කරන, පිළිස්සුම් තුවාල සුව කරන, අතීසාරය, උදරාබාධ, හෘදයාබාධ, ශ්වසනාබාධ, අධි රුධිර පීඩනය, රුධිර විකෘතිවීම් වලට එරෙහිව මේ ආහාර ක්‍රියාත්මක වෙනවා.
ඉෂාන්ති අමරසිංහ