Acoustic Music කියන්නෙ කාලයක් තිස්සේ ජනප්‍රිය සංගීතයේ විවිධතා එක්ක ගමන් කරන සංගීත ප්‍රභේදයක්. Acoustic හී සංගීත භාණ්ඩයන්ට විදුලිය( electricity ), විස්තාරණ (amplification ) හෝ පරිගණක සැකසුම් අවශ්‍ය නොවේ. බොහෝ දුරට ලෝකය පුරාම මෙය මිනිස් ශ්‍රමය සමග චලන හා හුස්ම ගැනීම (movement or Breath) ඔස්සේ යොදාගන්නා භාණඩ ක්‍රියාත්මක වෙයි.

මෙය මුල් කාලීනව පූර්ව රොක් යුගයේ දී (Pre – Rock era) දී Big Band සංගීතය සහ රොක් යුගයේදී (Rock era) දී මෙය විවිධ වෙනස්කම් ඔස්සේ විශේෂයෙන් ම ඉලෙක්ට්‍රොනික ක්‍රම සමඟ මුසු ව නව අත් හදාබැලීම් කරමින් ඉදිරියට ගමන් කරමින් පවතී. මෙහිදී වාදනය කරන ප්‍රධාන සංගීත භාණඩ තුනකි. ගිටාරය,ඩ්‍රම්ස් සහ වයලීනය ඒ අතර විශේෂ වේ.

මෙරට ප්‍රාසාංගික වේදිකාව තුළ නව යුගයක් ඇති කරමින් Acoustic සංගීත රසවින්දනය පවත්වාගෙන යන මෑත කාලීනව ජනප්‍රිය ම කණ්ඩායම් (Acoustic Bands) 5 ක් ගැන සොයා බලමු.

1. Marians

1988 නලීන් පෙරේරාගේ නායකත්වයෙන් ඇරඹෙන මෙය කණ්ඩායම් සංගීතය තුළ ගෝලීය නවතාවයන්ද අත් හදාබලමින් ගමන් කරන බව මුල් සිටම කැපී පෙනිණ. ඔවුන් මේ ගමන් මග තුළ pop,semi – rock සහ western classical සංගීතය ආවරණය කරමින් ශ්‍රව්‍ය පට 15 ක් සහ DVD 5 ක් නිකුත් කර ඇත. මෙම කණ්ඩායම සතුව විවිධ හැකියාවන්ගෙන් යුක්ත සාමාජිකයින් සමග ලෝකයේ බොහෝ රටවල සිය රසිකයා වෙත යමින් ජාත්‍යන්තර ප්‍රසංග අවස්ථාවලට ද සහභාගී වූහ.

1997 තමන්ගේම පටිගත කිරීමේ මැදිරියක් ආරම්භ කළ අතර මේ වනවිට එය නව තාක්ෂණය සමඟ ප්‍රතිසංස්කරණය කර ඇත. 2010 දී JBL line Ray නව තාක්ෂණික පද්ධතියක් මොවුන් එක් කරගත් අතර එය ඔවුන්ගේ ජයග්‍රහණයකි. Marians Sound Gear හී Avid 5.1තාක්ෂණය සමග 2012 සිට දිවෙන අතර එහි සිය කණ්ඩායමට අවශ්‍ය ඉඩකඩත් ,සජීවී සංගීත පසු නිෂ්පාදන,(live music postproduction ),සිනමාත්මක සංගීත නිෂ්පාදන (cinamitic music production ) සහ හඩකැවීම්(dubbing) සදහා පහසුකම් ඇත.

2006 දී Unplugged Music තේමාව ඔස්සේ ඇරඹුණු ප්‍රසංග මාලාව හරහා ඔවුන්ට නැවත ජනතාවගේ ප්‍රසාංගික අත්දැකීම් අලුත් කරන්නට හැකිවිය. මෙම තේමාව යටතේ Clarence Unplugged with marians, Merians Miyaai Mantra, Merians Acoustica, Clarence the legend අතිශය රසික ආකර්ශනයට පාත්‍ර විය.

2. Wayo

මෙරට සංගීතමය ගමන් මග නව මානයකට ගෙන ගිය Wayo යනු තරුණ ආකර්ශනයට පාත්‍ර වූ නව සංගීත සංකල්පයන් හදුන්වා දුන් කණ්ඩායමකි. සංගීත් විජේසූරියගේ නායකත්වයෙන් ඇරඹෙන මෙම කණ්ඩායම දක්ෂ වාදක හා ගායක පිරිසකගෙන් සමන්විත වේ. මේ වන විට Wayo Brickhouse සහ Wayo mixHouse මැදිරි ඔස්සේ ඔවුන් සිය ගීත පටිගත කිරීම් සහ නව නිෂ්පාදනයන් සිදු කරති.

ඔවුන් විසින් කළ 2018 අනාගතයේ, 2020 අනාගතයේ ප්‍රසංග මෙරට රසිකයා අමන්දානන්දයට පත් කළේය. 1989 ඇරඹි සංගීත් විජේසූරියගේ ගමන wayo සමග යන ගමන නැවත අලුත් සියවස් වෙත සිය තාක්ෂණික් මුහුණුවර සමඟ ගෙන යන්නට කැපවන බව පැහැදිලිය.

3. Daddy

විසේකාරයෝ ටිකක් ඉන්න වෙනස් වැඩකරන Daddy බෑන්ඩ් එක අමුතුවෙන් කිව යුතු නැහැ. 2007 දී මැයි මස ඔවුන් “මස්සිනා” ඇල්බමය හරහා ජනතාව අතරට පැමිණි අතර මේ සඳහා දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේදී සම්මාන 6 ක් සමඟ ඇගයීමට ලක්වීමත් සමඟ ඔවුන් කා අතරත් කතා බහට ලක් විය.

සංගීත ක්ෂේත්‍රයේ මෙසේ නව ඇරඹුමක ගමන් කරමින් ඔවුන් දෙවන ඇල්බමය ද “අරාබිය” නමින් 2010 දී නිකුත් කෙරිණ. චන්ද්‍රයන් පිදූ ගීතය ශ්‍රේණිගත කිරීම්වල අංක 1 පත් වූ අතර, ඔවුන්ගේ ” ආලේ” ප්‍රසංගය හරහා ප්‍රාසාංගික වේදිකාවේ සිය සලකුණ සටහන් කරන්නට සමත් විය. Wayo Studio production සඳහා මේ වෙන විට යොමුව ඇත. ඔවුන්ගේ සාමාජිකයින් ගායන මෙන් ම වාදනය සඳහා ඉතා දක්ෂ බව නොරහසකි.

4. D – Major

හෙක්ටර් ඩයස් කියන්නෙ ලංකාවෙ ඉන්න හොදම සැක්සෆෝන් වාදකයෙක් (saxoponist) බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔහු Marians සංගීත කණ්ඩායමේ පූර්ව සාමාජිකයෙක් (1998- 2001). ඔහුගේ නායකත්වයෙන් යුතු D major (2001 පසු) කණ්ඩායම මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ කණඩායමක්. ඒ ප්‍රාසාංගික වේදිකාව මත පමණක් නොව විශේෂ අවස්ථාවන්වලදී ඔවුන්ගේ දායකත්වය බොහෝ දෙනා රසවින්දනය පිණිස අපේකෂා කරන නිසා. පැරණි ගී නව සංගීත සංයෝජනය සමඟ ඉදිරිපත් කරමින් මෙන් ම ඔහුගේ පෙනුම තුළ වන ආකර්ශනයත් නිසා බොහෝ රසික සිත් මේ වනවිට නිල්වන් මුහුදු තීරේ වැනි ගීත ඔස්සේ අමන්දානන්දයට පත් කර ඇත.

5. Infinity

සාමාජිකයින් 6ක් සහිතව ගොඩනැගුණු Infinty ඉතා කෙටි කාලයකින් ප්‍රාසාංගික වේදිකාව තුළ සිය පෙළහර පෑ බව බොහෝ අයගේ මතය යි. සාමාජිකයින්ගේ දක්ෂතාවයන් සමඟ 2016 සිට මෙරට වේදිකාවට එක් වී ඇත. අශේන් කපුකොටුව යනු ඉතා දක්ෂ ගිටාර් වාදකයෙක් මෙන් ම Audio පිළිබද ඩිප්ලෝමාදාරියෙකි. ඔහු සමග කණ්ඩායමේ සිටින අනෙකුත් සාමාජිකයින් ද ඉතා දක්ෂයින් ය. ඔවුන් තරුණ ප්‍රජාවගේ රිද්මය හදුනගනිමින් ඉදිරියට ගමන් කරති.

2018 ඔවුන්ගේ පළමු ගීතය නිකුත් විය. භාතිය හා සන්තුෂ්ගේ සහායක වාදන කණ්ඩායම බවට ඔවුන්ට පත්වීමේ භාග්‍ය උදා වී ඇත. එසේම ජය ශ්‍රී, ඉන්ද්‍රචාප, වස්ති, ශිහාන්, සනුක, ළහිරු, රන්දීර්, උමරා, උමාරියා ඇතුලු නවක ගායක ගායිකාවන් සමග එක් ව ප්‍රසංග පැවැත්වූ අතර ඒ සෑම එකක්ම ඉහළ අවධානයට ලක් වූ ඒවාය.

ඉෂාන්ති අමරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *