2005 ආව youTube මේ වෙද්දී Online Platform වල අංක 2 හිමි කරගෙන ඉවරයි. ඒ කියන්නෙ 2021 වෙද්දී facebook අංක 1 online platform විදියටත් youTube අංක දෙකටත් ශ්‍රේණිගත වෙලා තියෙනවා.
YouTube එකේ වීඩියෝ බලන්න වගේම upload කරන්න හැමෝටම නිදහස තියෙනවා. හැබැයි account එකක් තියෙනවා නම් විතරයි. මේ කියන්න යන්නෙ youTube හී ඉතිහාසගත වාර්තා තියපු youTube vedios පහ ගැනයි. බලන්න ඔයා මේව බලල තියෙනව ද කියලා.
1. Baby Shark Dance – Views 9.5 billion
2016 නිකුත් වුණු දකුණු කොරියාවේ Pinkfong සමාගම විසින් ළමුන් උදෙසා කරන ලද මේ ගීතය සහිත වීඩියෝව තවමත් ඉහළ ම Views අතර තියෙනවා. මෙම ගීතයේ රචකයා තවමත් අපහැදිලියි. මෙහි ගායිකාව කොරියානු හා ඇමරිකානු සම්භවයක් ඇති අවුරුදු 10 ක Hope Segoine කුඩා ගායිකාවයි.
2. Despacito ft .Daddy Yankee – Views 7.5 billion
2017 මුදාහරින ලද Luis Fonsi ගේ නිර්මාණක් වන මේ ගීතය reggaeton සහ Latin pop සංගීතය සමඟ මුසු වූවක්. විශේෂයෙන් ම මෙහි ගී පද ශෘංගාරාත්මක මෙන් ම ප්‍රේමන්විත අන්තර්ගතයක් සහිත වීම බොහෝ තරුණ ආකර්ශනය දිනා ගැනීමට හේතුවක්. ස්පාඤ්ඤ පොප් සංගීතය ප්‍රධාන ධාරාව තුළ නැවත රෝපණය වීමක් ලෙස බොහෝ විචාරකයින් මේ ගීතය සම්බන්ධව අදහස් දක්වති.
3. Jony Jony Yes Papa – Views Billion 5.7
2016 නිකුත් වූ මේ ගීතය සහිත වීඩියෝ ව කුඩා දරුවන්ට නිර්දේශිත ගීතයක්. මෙය Looloo Kids වෙතින් ප්‍රාථමික දරුවන් වෙත ගෙන එන වීඩියෝ අතර ජනප්‍රිය වූවක්. ජොනී නැමති කුඩා දරුවා හා ඔහුගේ ප්‍රාථමික අවධිය සමඟ වන බොහෝ අවස්ථා මෙම වීඩියෝ පටවල බහුල ව දක්නට ලැබේ.
4. Shape of You – Views 5.4 billion
2017 නිකුත් වූ මේ ගීතය Ed Sheern ගේ නිර්මාණයක්. Best Pop Solo Perfomace සදහා Grammy සම්මානය දිනා ගැනීමට හැකිවීම පමණක් නොව, 2018 දී Brit Awards හී හොඳ ම ගීතයට හිමි සම්මානයද දිනාගෙන ඇත. මෙහි සරළ සංගීත රටාවන් යොදාගෙන ඇති අතර එය වෙනත් නිර්මාණයන්ට වඩා unique ගති ලක්ෂණයන්ගෙන් සමන්විත වෙයි.
5. See You Again ft. Charley Puth – Views 5.2 billion
2015 නිකුත් වූ මේ ගීතය ඔබට Furious 7 ච්ත්‍රපටය නැරඹුවා නම් මතකයට නැගෙනු නොදනුමානයි. ඇමරිකානු රැප් සංගීත නිර්මාණකරුවෙකු වන Wiz Khlifa මෙහි නිර්මාණකරුයි. 58 වන Grammy සම්මාන උළෙලෙදී Song of the Year, Best Pop Duo/ Group Perfomance and Best Song Written for Visual Media යන ප්‍රවර්ග තුනට නිර්දේශ වී ඇත. BBC Music Award හී වසරේ ගීතය ලෙස නම් විය. එසේම 73 වන Golden Globe Award හී හොදම ගීතය ලෙස නම් කෙරිණ. එසේම 2015 දී IFPI හී ශ්‍රේණිගත කිරීම් අනුව වැඩියෙන් ම අලෙවි වූ ගීතය බවට නම් කෙරිණ.
ඔබට පුදුම ඇති, මේ වීඩියෝවල Views මෙහෙම වෙන්නෙ කොහොමද කියලා ,සමහරවිට ඔබ සමහර වීඩියෝ දකිද්දී කොහොමද මෙවට මෙච්චර Views තියෙන්නේ කියල හිතනවා ඇති. ඔව් ඒකයි පරිශීලකයින් අපි හිතනවට වඩා වෙනස්.
ඉෂාන්ති අමරසිංහ