Bollywood යනු ලොව චිත්‍රපටකරණයේ ආසියානු සංකේතය බදුය. ගෝලීය චිත්‍රපට කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය මූල්‍ය බලශක්තියක් මේ සතුය. මෙහි විශේෂත්වය වනුයේ අඩු අයවැය සමඟ ප්‍රේක්ෂකයා වෙත ගිය පසුව ලැබෙන ඉහළ ලාභය යි. එහි පවතින අන්තර්ගතය සේම තාක්ෂණික ප්‍රභලත්වය අද්විතීය බව පැහැදිලි යි.

මේ කියන්න යන්නෙ මේ වෙද්දී ඉහළම ආදායම් වාර්තා අතර ඉන්න Bollywood චිත්‍රපට ගැන.

1. Dangal (2016)

ආදායම – ඇ. ඩො. මි 330

Nitesh Tiwari ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය Amir Khan ගේ රංගනයත් එහි තේමාවත් මනා සංකලනයකින් ගෙන එන්නකි. පුතෙකු ලදහොත් තම මල්ලවපොට ශූරතා සිහිනය ඔහු වෙතින් ළඟා කරගත හැකි බවට සිතූවත් මහාවීර් සිං ( අමීර් කාන්) ට එය ළගා කරගන්නට ලැබෙන්නේ දියණියන් සිව් දෙනෙකුගෙන් ය. කෙසේ හෝ ඔහු දියණියන් නිසි මගට මෙහෙයවමින් ජයග්‍රහණය කරා ගෙන යන ආකාරය කතාව පුරා ගොඩනැගේ.

2. Bahubali 2 : The Conclution( 2017)

ආදායම – ඇ. ඩො.මි 260

S. S Rajamouli ගේ අධ්‍යක්ෂණයෙන් නිපදවෙන Bahubali දෙවන දිගහැරුම ද පෙර කොටස මෙන් ඉහළ ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගන්නා ලදී. මෙහි වියදම සඳහන් වූයේ ඩොලර් මිලියන 40 ක් ලෙසයි .ඊට සාපේක්ෂ ව ලබා ගත් ආදායම වාර්තාගත බව පැහැදිලි ය.

පෙර Baahubali එක කොටසේ කට්ටප්පා බාහුබලී මැරීමේ හේතුව මේ චිත්‍රපටයේ පිළිතුර වේ. මෙහි දෘශ්‍ය ප්‍රයෝග (Visual effect ) ඉහළ තාක්ෂණික අගයෙන් යුක්ත ඒවාය.

3. Secret Superstar (2017)

ගෝලීය ආදායම – ඇ.ඩො.මි 150

ගායිකාවක් වීමට සිහින දකින මුස්ලිම් තරුණියක වටා ගොඩ නැගෙම මෙම චිත්‍රපටය, ස්ත්‍රී /පුරුෂ ඒකාකෘතිකභාවය ( stereotypes) සංකල්පයට අභියෝගයක් කළ චිත්‍රපටයකි. Avait Chandan ගේ අධ්‍යක්ෂණයෙන් සහ අමීර් කාන්ගේ සහය රංගනයෙන් මෙය අර්ථගන්වයි.

Insia සමාජ මාධ්‍ය හරහා ඇයගේ අන්‍යන්‍යතාව පළ නොකරමින් ගීත මුදාහරින අතර ඊට ඉහළ ප්‍රතිචාර ලැබේ. ඇගේ මව ද ගෘහය තුළ ස්වාමියාගේ හිංසනකාරී පසුබිමක් තිබුණද සිය දුවණියගේ ගමනට සහය වන ජීවන අන්දරයකි Secreat Superstar.

4. PK (2014

ආදායම – ඇ.ඩො.මි 140

ඉන්දියාවේ ආගමිකත්වය උපහාසක ව විවේචනය කරන හැරවුමක් ලෙස මෙය හදුනාගත හැකිය. ආගමිකත්වය මුවාවෙන් දූෂිතයන් සැගව සිටීම ච්ත්‍රපටය පුරාම ප්‍රශ්න කරයි.

Rajkumar Hirani ගේ අධ්‍යක්ෂණයෙන් කළ මෙහි චාරිත්‍ර වාරිත්‍ර තුළ පවතින යථාර්තය ප්‍රශ්න කරන අතර එතෙක් මෙතෙක් ඉන්දියානු ඉතිහාසය විවේචනය කළ තවත් එක් විශිෂ්ට චිත්‍රපටයක් බව මෙය සනාථ කරන ලදී.

5. Bajrangi Bhaijan (2015)

ආදායම – ඇ.ඩො.මි 137

පාකිස්ථාන හා ඉන්දීය දේශසීමා අරගලයත් සේම ආගමික පසුබිමත් මනා කොට හසු කරගත් මෙම ච්ත්‍රපටය Kabi Kahn ගේ අධ්‍යක්ෂණයෙන් නිමවූවකි.

ෂාහිදා නම් ගොලු බවට පත් දැරිවිය හරහා දේශසීමාව මානුෂිකත්වයෙන් යා කරන්නට වෙර දරන පවන් කුමාර් චතුර්වේදී බජර්ංගි ( සල්මන් කාන්) ගේ රංගනයත් මෙය ජනතාව අවදි කරවන්නට සමත් වන්නකි.

6. Bahubali : The Begining (2015)

ආදායම – ඇ.ඩො.මි 100

S.S Rajamouli ගේ Bahubali පළමු දිගහැරුම මෙයයි. මෙය Bollywood ඉතිහාසය වෙනත් මානයකට ගෙන ගිය චිත්‍රපටයකි. මෙය බාහුබලීගේ පුතුගේ කතාව යි. එහිදී ඔහුට කට්ටප්පා හා මහීෂ්මතී රාජධානියේ අනෙකුත් අයගේ බලපෑම ජීවිත අවස්ථා ලෙස ගලා යයි.

7. Sultan (2016)

ආදායම – ඇ.ඩො.මි 90

අවුරුදු 40 ක් වියැති මල්ලවපොර ශූරයෙකුගේ අතීතාවර්ජනය මේ තුළ දිග හැරේ. අධ්‍යක්ෂණය Ali Abbas zafar විසින් කර ඇත. ජීවිතයේ ලද අත්දැකීම් නැවත ඔහුගෙ බිඳ වැටීම් ළඟා කරගැනීම් මෙහි ඇතුළත් වේ. සල්මන් කාන් සිය රංගනයෙ තවත් එක් සුවිශේෂී අන්‍යන්‍යතාවක් මේ තුළ ගෙන පෙන්වයි. පොර පිටියට වඩා සැබෑ ජීවිතය පොළව මත බව මෙහි සෑම රූපයකම මැවේ.

8. Dhoom 3 ( 2013)

ආදායම ඇ.ඩො.මි 90

Doom franchise හී තුන්වන දිගහැරුම මෙය යි. මෙහි පවත්නා වූ කුතුහලයත්, බැංකු මංකොල්ලකෑම් හී පවත්නා වූ සූක්ෂම තාක්ෂණික අංගත් ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත්කර ඇත. Vijay Krishna Achrya ගෙ අධ්‍යක්ෂණයෙන් ජනප්‍රිය ම චිත්‍රපට අතරට මෙය එක්විය. මෙහි Amir Khan ,Abhishek Bachchan, Katrina Kaif සහ Uday Chopra විශිෂ්ට රංගනයෙන් දායක වෙති.

9. Padmavathi (2018)

ආදායම – ඇ.ඩො.මි 90

Sanjay Leela Bhansali ඉන්දියානු ඓතිහාසික කතාංගකරණයේ අති විශිෂ්ඨයෙක්. ඔහුගේ නිර්මාණයක් වන මෙහි ඉන්දියානු රාජකීයත්වයත්, පතිවෘතාවත් පිළිබඳ ව ගෙන එන සංකල්පය චිත්‍රයක් සේ සිතුවම් වේ. Deepika සහ Shahid මෙන් ම Ranveer ගේ චරිතයන් මෙම ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණයට සැබෑ සාධාරණයක් කර ඇත.

10. Tiger Zinda Hai ( 2017)

ආදායම – ඇ.ඩො.මි 87

ඉරාකයේ ත්‍රස්තවාදීන් යටතේ පසුවන හෙදියන් මුදවා ගැනීමේ ඉන්දියානු හා පාකිස්තානු ඔත්තුකරුවන් දෙදෙනෙකුගේ ක්‍රියාන්විතය මේ තුළ දිග හැරේ. රංගනයත්, ප්‍රබල කථා වස්තුවත් මෙය ජනාකර්ෂණට හේතු විය. මෙහි අධ්‍යක්ෂණය Ali Abbaz Zafar කර ඇත.

ඉෂාන්ති අමරසිංහ

සබැඳි ලිපි අමීර් ඛාන්ගේ හොඳම සිනමා කෘති 05ක්

වාර්තා අතර ඉන්න ලෝකේ ඉහළම චිත්‍රපට නිෂ්පාදන ආයතන මෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *