වාහන කිව්වම එක එක ජාතියේ වාහන මතකයට එනවා නේද? මගෙ වාහනේ, අහවලාගේ වාහනේ, ගන්න ඉන්න වාහනේ. ඔයාගෙ ජීවිතේ ගහල තියෙන ප්ලෑන්වල වාහනයක චිත්‍රයක් කොතනක හරි ඇති. ලෝකෙ හැමෝට ම එක වගේ වාහන පදින්න ඉඩකඩක් නෑ. සමහරවිට ජීවිත කාලය පුරාවට ම වෙන අයගේ වාහනවල ගියාට තමන්ගේ කියලා වාහනයක් නැතිව කී දාහක් මියැදිලා යන්න ඇතිද ? මේ කාරණාවන් බොහෝමයක් කියන්න ගියොත් වාහන කතා අහස උසට ලියන්න පුලුවන්.
මේ කියන්න යන්නේ මේ වෙද්දී වැඩි ම මිලක් සහිත කාර් ගැන. ඒ කාර් භාවිතා කරන්නේ ඉහළම ධන කුවේරයෝ වගේ ම රාජ්‍ය නායකයෝ. කාලෙන් කාලෙට lifestyle එකට එන වාහනය ගැන බොහෝ දෙනා සැලකිලිමත්.
ලෝකේ වාහන නිෂ්පාදන කරන සමාගම් අතර තරඟකාරීත්වයත් උසස් තත්ත්වයේ නිෂ්පාදන හදුන්වාදීමත් එක්ක ඒවාට නියම වෙන ගණන් හිතාගන්න බැරිවිදියට ඉහළට දමනවා. ඒ අතර කාර් නිෂ්පාදනයේදී උසස් තාක්ෂණයේ අශ්ව බල සහිත එන්ජින්,සුඛෝපභෝගී උපාංග සමඟ ගෙන එන්නට ඔවුන් උත්සාහ කරනවා.
මේ වෙද්දී මිල අධික ම සහ වේගවත්බවින් උසස් කාර් පිළිබඳව යි අද සොයාබැලීම.
1. Bugatti La Voiture Noire – $ 18 million

he black car යන අන්වර්ථ නාමයෙන් මෙය හදුන්වයි. Bugatti සමාගමේ නිර්මාණකරුවන් අතින් මෙය නිමවා ඇත්තේ කාබන් තන්තු ( Carbon Fiber ) උපයෝගී කරගනිමිනි. මෙයට 8 liter- quad – turbo 16- cylinder එංජිමක් ඇත. අශ්වබල 1500 ක් ඇත. 62 mph in 2.4 (තත්පර 2.4 ක දී පැයට සැතපුම් 62ක වේගයක් සපයයි). වාහනය ඉදිරියේ Bugatti ලකුණ සඳහන් කර ඇත.
2. Rolls – Royce Sweptail – $ 13 million

Rolls – Royce සමාගම වෙතින් 2017 දී පාරිභෝගිකයෙකුගේ ඉල්ලීම මත නිපදවන ලද කාරයකි. එම ඉල්ලීම මත සෑදූ බැවින් එය වෙළෙඳපලට යොමු නොකෙරිණ. එය ආසන දෙකක වාහනයකි. එය 6.75 – liter v 12 එංජිමක් සහිතව සකසා ඇති අතර වේග 8 ක සම්ප්රේශනයක්( speed transmission) සමඟ අශ්ව බල 453 ක බලයක් සපයයි.
V 12 ගණයේ එංජිම නිසා වැඩි ඉන්ධන පිරිවැයක් දැරීමට සිදු ව ඇත. එහි swichgear ය අඩු සහ විවෘත වූ සිදුරු සහිත paldao කින් යුක්තය. වහලය විනිවිද ව පෙනෙන වීදුරුවලින් සමන්විත ය.
3. Koenigsegg’s CCXR Trevita – $ 4.8 million

මෙම කාර් රථය Koenigsegg Company හි නිපදවීමකි. කළු ආලේපිත තන්තු ,සුදු සිල්වර්, මෙන් ම සුදු දියමන්ති පැහැයෙන් වාහනය වර්ණ ගන්වා ඇත. 4.8 twin – Supercharger 8 V එංජිමක් මෙය සතුය. තත්පර 2.9කදී 250mph ඉක්මවන ( over 250 mph in 2.9 seconds ) අතර වේග 6ක සම්ප්‍රේශකයක් ( speed transmission) පවතී.
carbon – ceramic breaks with ABS, airbags,paddle-shift, Chrono instrument cluster, infotaient system, tire monitoring system, hydraulic lifting යන අංග ගණනාවක් මේ සතුව ඇත.
4. Lamborghini Veneno Roadster – $ 4.5 million

ඉතාලියේ Lamborghini Automobile Company හරහා මෙය නිපදවා ඇත්තේ හිටපු සෞදි අරාබියේ රජ පවුලේ සාමාජිකයෙකුට යි. එය මෙම සමාගමෙ 50 වන සංවත්සරය වෙනුවෙන් නිෂ්පාදනය වූවක්. 6.5 liter aspirated v 12 එංජිමක් සහිත ය. තත්පර 2.9 කින් පැයට කිලෝමීටර් 0- 100 (0-100km/h in 2.9 Seconds ) ක වේගයක් ඇත. 552 kW උපරිම බලයක් සහිත ය. වේග 7ක සම්ප්රේශනයක් ( speed transmission) සහිත ය.
5. McLaren P1 LM – $3.6 million

මෙය Hybrid fast sports car විශේෂයකි.මෙහි 3.8 liter -twin -turbocharger v 8 එංජිමක් සහිත ය. වේගය 903hp ය. වේග 7ක සම්ප්‍රේශනය ( 7 – speed dual clutch transmission )කි. තත්පර 2.8කදී 0- 100 km /h අතර වේගයක් සහිත ය. කළු,කහ සහ නිල් පැහැයෙන් වර්ණ ගැන්වීම් සිදු කර ඇත.
කොහොම ද ගණන්, ඔයාටත් පුලුවන් උත්සාහ කළොත් මේ වගේ කාර් එකක යන්න. අද ඉදන් ම try කරන්න.
ඉෂාන්ති අමරසිංහ
වෙනත් ලිපි – සුප්‍රසිද්ධ ලෝගෝ වල ඔබ නොදත් කතා